සරසා නොයෙක් විසිතුරු මල් ගවසා
පලදා මුතු මැණික් රන් රිදි ගත දවටා
මැරෙනා බවක් නෑ කිසි දින දැනිලා
කිසිදා නැතේ අනියත දම් සිහිකරලා
අයුෂ ගෙවෙයි හම දැන් රැළි වැටිලා
දත් එක දෙක වැටී මුව බොකු ගැහිලා
අතපය වාරූ නෑ යන යන තැන වැටිලා
මරුවා ලං වෙලා නැතිදෝ දැන් දැනිලා
වාරුව නැතිවෙලා මරණය අඩ ගසද්දි
පාරුව සිහිවෙලා ධර්මය සිහි කරද්දි
කාලය ගතවෙලා තම හිස ගිනි ගනිද්දි
මරුවා ඇවිත්නේ පන්සල ලග දකිද්දි
හරිහැටි තරුණ වියෙ සිහි උණා නම්
අතපය වාරු ඇතිදා මරු පෙනුනානම්
සිතතුල අනියත දහම සිහි කලා නම්
පසුවට තැවිලි නෑ මෙ ලෙසින් නම්