සෙනෙහස පිරි ඔබ ලඟ
උණුසුම දැනි දැනි
හසරැල් කදුලැල් මැද
දොඩමලු වුවා මතකද
සියුමැලි අතැඟිලි
සුරතින් අල්වා
නිමක් නැති ආදරයක්
මුල පිරුණා මතකද
නොදැනිම නොදැනිම
අපටත් නොදැනිම
ආදරයක් ඇවිදින්
සිත පිරුණා මතකද
දමා යන්නට බැහැ ඔබ මට
සිතා ගන්නට බැහැ මෙය මට
මෙතරම් ආදරයක් කොහි සිට
පිරුණා පිරුණා ආදරේ දෙ සිතට
Monday, 22 December 2014
Saturday, 20 December 2014
ඔබට හිමි වෙන් නෑ ඉතින්
ලඟින් ඉන්නට බැරි කමින්
දුරින් ඉන්නම් ඔබ නමින්
දුරස් වනු බෑ මතකයෙන්
සඳා රැදිලා ඔබ සිතින්
වෙනතකට රැදිලා මා ඉතින්
ඔබට හිමි වෙන් නෑ ඉතින්
දිවිය ඇති තෙක් මිතු දමින්
හිදිමූ මේ ලෙස සෙනෙහසින්
සසරෙ යළි හමු වෙන පැතුම්
පසෙකලා යමු නිසි මාවතින්
හිදිමු හැමදා සතුටට ලඟින්
නිවමු විදිනා හැම රිදුම්
දුරින් ඉන්නම් ඔබ නමින්
දුරස් වනු බෑ මතකයෙන්
සඳා රැදිලා ඔබ සිතින්
වෙනතකට රැදිලා මා ඉතින්
ඔබට හිමි වෙන් නෑ ඉතින්
දිවිය ඇති තෙක් මිතු දමින්
හිදිමූ මේ ලෙස සෙනෙහසින්
සසරෙ යළි හමු වෙන පැතුම්
පසෙකලා යමු නිසි මාවතින්
හිදිමු හැමදා සතුටට ලඟින්
නිවමු විදිනා හැම රිදුම්
Subscribe to:
Posts (Atom)