මගේ තැන...............................

මගේ තැන...............................

Monday, 18 June 2012

රුදුරු වන මැද-දු‍ටුව මල් කැකුල


වන සිව්පාවුන් පිරුණු
ක‍ටු පදුරු ගහණ
රුදුරු වන දහනක
දු‍ටුවා අසිරිය
සුපිපෙන සුන්දර
මල් කැකුලක
දිදුලන අසිරිය ඇතිමුත්
සැකයක් දැනුනා
විකසිත වේදැයි ඒ මල
විකසිත වූවත් ඒ මල
රුදුරු වනදහනේ
ලස්සන විහිදුනු ඒ මල
විස පුරවන බොහොමෙට
නියඟලා මලක්දැයි
නිකමට මෙන් මට සිතුණා

Sunday, 17 June 2012

අනියතයි සියලු දේ අනියතයි!!!


උබ මොකො මං මොකෝ  කිවත් එදා
අද නැතේ මතකෙවත් ඒ කී කතා
සොහොයුරන් සේ සිටියත් අපි එදා
මිතුදමත් ටිකෙන් ටික අද ගොලු වෙලා

ප්‍රිය අයම යයි ටිකෙන් ටික ඈතට වෙලා
මතක පමණක් මගේ ලග අද තනි වෙලා
වැඩ බහුල වී ඇත - දුවන තර‍ඟෙට වෙලා
දකින්නට හෝ කතාවට දැන් නැත වෙලා

අලුත් අය හමුවෙයි-පරණ අය වෙන්වෙලා
මතක පමණක් ටිකෙන් ටික ඉතිහාස ගතවෙලා
සොදුරු වූවත් අතිතය ටිකෙන් ටික ඈතට වෙලා
දකින්නට එක දෙයක් ඇත හිටියොත් බලා

හැම දෙන තරගෙට දුවයි මිරිඟුව සොයා
සමිදු දෙසු කරුණක් එනවා මතකෙට ගලා
"ඇල්ලුවොත් අනියත දෙයක් මමය මාගේ කියා
දුක පමණි උරුම වන්නේ ඒයයි සත්‍ය කියා..
අනියතයි සියලු දේ අනියතයි!!!