මගේ තැන...............................

මගේ තැන...............................

Wednesday, 26 March 2014

මා ආදරේ ඔබ විතරක් වෙන්න.....

දඟකරමින් හිත ඇතුලට ඇතුල්වෙලා
කිතිකවමින් හිත ඇතුලෙම නතරවෙලා
දිනගෙවමින් හිත හොරෙන්ම ‍රැගෙනගියා
නොසඟවමින් කියා දෙන්න කවුද ඔයා

මටත් හොරා මගේ හිතම අරන් ඔයා
මටත් හොරා මගේ වෙලා ඉන්න ඔයා
මටත් හොරා යලිත් වරක් ආපු ඔයා
මටත් හොරා යලිත් වරක් යයිද ඔයා







හිත ඇතුලෙන් යලි හැඟුමන් පුබුදිනවා
හිත ඇතුලෙන්  මා.. අසලින් නවතිනවා
හිත ඇතුලෙන් ඔබ ඇවිදින් සනසනවා
හිත ඇතුලෙන් ඔබහට ඉඩ වෙන්වනවා

මා අසලින් හැමදාමත් ඔබ ඉන්න
මා සනසා සෙනෙහස මට දෙන්න
මා අතහැර ඈතක නොම යන්න
මා ආදරේ ඔබ විතරක් වෙන්න



Thursday, 20 March 2014

Facebook

දිනකට වරක් හෝ මෙහි ඇවිදින් යනවා
වැඩකට නැතත් මොහොතක් එහි කැරකෙනව
හදුනන නොහදුනන අය හමුවෙනවා
බුකියේ ඇවිත් හිත ‍රැදි දේ ලියවෙනවා

කාලය ගෙවෙන කාටත් නොදැනෙන ලෙසට
කරනා දෙයක් ඇති හොදකුත් නැති ලෙසට
නරකක් කියා හැමහට නොහැගෙන ලෙසට
බුකියට එන්නේ දැන් දැන් ඇබ්බැහි ලෙසට

හමුවන මිතුරු හොද නරකක් නෑ දන්නේ
කියවන ලියන දේ හොද නරකත් ඇති යෙන්නේ
මරණය සොයන මරු විටකදි මෙය වෙන්නේ
යන්තම් ටිකක් ඒය අඩු වී දින ගත වෙන්නේ

කාගේත් පාලුව යවනා වල් පල් මෙහි ඇතිය
සිතගත් කෙනා කෙනෙකුගේ මෙහි වෙතිය
සිත් ‍රැදි පවසන්න කාටත් ඉඩ ඇතිය
බුකියෙන් යන්න කවුරුත් දැන් අකමැතිය


(මේක ලියන්න අරමුණ සකසා දුන්නේ Facebookම යාලුවෙක්...)

Saturday, 15 March 2014

අයියා නැතිව මට පාලුයි අම්මේ

මගෙත් එක්ක සෙල්ලම් කල අයියා
මගේ ලගින් ආදරයෙන් හිටි අයියා
‍රැකවරනෙට හිටි මගේ ආදර අයියා
කහ සිවුරක් පොරවගෙනනේ අයියා

දුව පැන ඇවිදපු මගේ ආදර අයියා
රණ්ඩු කලෙත් මගේ ආදර අයියා
ගී පදවැල් කියා දීපු මගේ ආදර අයියා
අද නිහඩව ඉන්නේ ඇයිද අයියා



ගිහිගේ ගිනි දැක ගත්තද අයියා
සසර දුකක් එය දැනුනද අයියා
බැඳුම් බිඳන් ගියේ ඇයිද අයියා
සසර දුකින් අත්මිදියන් අයියා

ගෙදර හිටපු යාලුවාය අයියා
පාලු නැතිව අපි හිටියේ අයියා
අද ගෙදරම හරි පාලුයි අයියා
ආයෙ කවුද මගේ තනියට අයියා



ගෙදර යන්න එන්නෙ නැද්ද අයියේ
දඟ කරන්න එන්නෙ නැද්ද අයියේ
දාලා යන්න හිතට දුකයි අයියේ
අයියා නැතිව හරි පාලුයි අයියේ





අයියා ලඟ හරි සිසිලයි අම්මේ
අයිය ලඟ හරි සුවදයි අම්මේ
අයියා නැතිව මට පාලුයි අමේ
අයියා නැතිව මට පාලුයි අම්මේ

අමුතු විලසට

ගෙවෙන දින දින
ඇසෙන හැම දෙය
දකින හැම තැන
බොරුව මතුවී
ඇත්ත සැඟවී
වෙනස්කම ඇත
අමුතු විලසට

තරඟ පිටියක
තරඟ වදිනා
තරඟකරුවන්
වෙලා හැම දෙන
වෙහෙස නොබලා
තරඟ වැදිලා

මිනිස් ගුණ දම්
සුලඟේ පාවී
ඈත ගුවනට ඉගිලිලා
නොමිනිස්දම් මැද
මිනිස්කම ඇත
පතුලේ ගිලිලා

වැරදි කලවුන්
සැපයෙ ගිලිලා
වැරදි නැතිවුන්
දුකේ වෙලිලා
ආයෙ ලඟ නෑ
හොදට ඉඩ නෑ
නරක ඇත බැබළිලා..

Monday, 10 March 2014

අපි ආයෙමත් ආදරයෙන් හමුවෙමු...

කාලයක් අපි,
තරහා වෙලා හිටියත්
ආයෙත් ආදරයෙන් හමුවුණු වෙලාවේ
මට අයෙමත් අපේ පරණ කාලය මතක් උණා..
රණ්ඩු වෙලා තරහා වුණු හැටි
තරහා වෙලා කතා නොකර හිටපු කාලය
විහිලු කරලා සතු‍ටු වුණු හැටි මතක් උණා
ඒ මතක අතරින්
මගේ ලඟ උණුසුමට ආදරයෙන් ගුලි වෙනකොට
මං ආයෙම අතීතයට ගියා
ඒ කාලෙත්
ආදරයෙන් මගේ ලඟ හිටපු හැටි
මගෙත් එක්ක හැමදාම හිටපු හැටි
මට මතක් උණා...
ආදරයෙන් ගුලිවෙලා
ඉද්දි මට දැනුනු ඒ ආදරය
ආයෙත් අලුත් උණා..
හැමදාම ඒ විදිහටම ඉදියි කියලා
මට හිතුණා...
ඒ සිතුවිල්ලත් එක්ක මං සමු අරන් ආවා...
අපි ආයෙමත් ආදරයෙන් හමුවෙමු...

Thursday, 6 March 2014

තාම සිතේ.....

තාම තිබේ සෙනෙහස පෙර ලෙස පවතිනවා
තාම සිතේ ඔබගැන හැඟුමන් යළි දලුලනවා
තාම නැතේ වෙනතැනකට හිත ඇදිලා යනවා
තාම නැතත් කවදාහරි ඔබ ආපසු ලං වෙනවා

සීත සුළඟේ වැසි අතරින් ගියදා සිහිවෙනවා
එක කුඩයේ ගුළිගැහිලා හිටිහැටි සිහිවෙනවා
අතඟිල්ලක එල්ලී ගියහැටි මතකෙට ලංවෙනවා
එකම සිතින් සිපගත් මුව ආයෙත් සිහියට එනවා

ආදරයෙන් වැව රවුමේදි හමුවුනදා
මහ වැස්සේ එක කුඩයෙන් නොතෙමුනදා
තුරුලෙ හිදන් පෙම් මල් දම් පැලදුවදා
සිහිවන විට නෙත කදුලින් බරවනදා

අත්වැල් ගෙන වැව රවුමේ අපි හිටියා
මල්වත්තේ තුරුල් වෙලා ලඟ හිටියා
ආදරයෙන් පෙම්බස් ගෙන අපි දෙඩුවා
ආදරයෙන් සිහින ලොවක් අප තැනුවා


Tuesday, 4 March 2014

එක හීනයයි - වෙනසක්ම කෙරුවේ

එක හීනයයි - මැදියමක දු‍ටුවේ
ඒ හීනෙමයි - වෙනසක්ම කෙරුවේ
රෑ තුන්යමයි - එය තුළම වෙසුණේ
පොඩි කාලයයි - හීනයෙම ‍රැදුණේ

කාලයක් වැරදි තුල ඔහු සිටියේ
බසින් රුදු වදන් ඔහු දෙඩුවේ
දැන් හැම වෙනස් වී ඇදුණේ
එක හිනෙකින් වෙනස්කම පෙණුනේ

කතා බහ හිනයෙම ‍රැදිලා
දින ගණන් වෙනස් වී ඉදලා
පොත පතට නෙත් දෙකම යොමලා
එක හීනෙකින් වෙනස්කම හිතිලා

(සැබෑ සිදුවීමක් ඇසුරෙන් ලියන ලදී)

Tuesday, 25 February 2014

ඉන්න බලන් සිනා වෙලා....

පෙර කල පිනකින් ලැබු මනුසත් දිවිය
සිත සිත ‍රැකිය යුතුමයි වටිනා මේ දිවිය
කිසි වටිනාකමක් දැන් දැන් නැති හැඩය
පොඩි දේ නිසා නැති කර ගයි සිය දිවිය

වැඩිහිටි තරුණ උගතුන් එක් විය යුතුය
හැම තතු කියා දී දැනුවත් කල යුතුය
වටිනා කමත්,ගෙන යන හැටිත් මේ දිවිය
කියලා දෙන්න දරුවන් හට කල් හරිය

ලොකය තුලට යන විට තබමින් අඩිය
කම්කටොළු එන එක නම් මෙහි හැටිය
ඒවා විසදන්න කලබලයෙන් නම් බැරිය
අදහන දහමටම දරුවන් හුරු කල යුතුය

මව්පිය වරුනේ මේ ගැන අසන්නේ
තර‍ඟෙට දුවන අතරේ මෙය සිතන්නේ
දරුවන් සමග ලෙන්ගතු ඇසුරෙන් නේ
උන් ගැන ඇස් යොමන එකමයි වටින්නේ

මව්පිය සුවද දරුවන් හට හැම කල දනවා
මව්පිය සෙනෙහසම දරුවන් වෙත යොමවා
මව්පිය දුවාදරු බන්ධන ආයෙම තර කරවා
මව්පිය වරුනේ ‍රැකගනු ඔබගේ ඒ දරුවා

මව්පිය සෙනෙහස අඩුවුනොත් ඒ දරුවා
වෙනයම් සෙනහසක් සොයනව ඒ දරුවා
සර්පයෝ ඇතේ දස අතම විසකුරු පුරවා
ඒ ගැන සිතන්නට දැන්නම් කල් යල් ආවා

දොසක් ඇතොත් සමා වෙලා
ටිකක් හොදින් සිතා බලා
ඉන්න බලන් සිනා වෙලා
වෙනස් වෙන්න කල් ආවා

Friday, 21 February 2014

ඔබ විතරමයි ඒ ආදරේ...

මා ඔබ දු‍ටු දා ඉදලා
ආදර සිහිනය මා දකිනා
වෙනසක් වී මා හදේ
සිත යලි යලි ඔබ සොයනා
ඒ ආදරේ....මගේ ආදරේ
ඔබට විතරමයි මේ ආදරේ.....
ඔබට විතරමයි......

මෙතුවක් කල් මා
හදතුල හිරවුනු ආදරේ
ඔබදු‍ටු දා ඉදලා
කුල්මත් වී..ඔබටයි බැදුනේ
ඔබ විතරමයි........ මගේ ආදරේ
ඔබ විතරමයි ඒ ආදරේ

යන යන හැමතැන මා හද ඇදෙනා
ඒ රුව ඔබමයි සොදුරේ
කොහොම කියන්නද මා මෙසේ
ඔබගෙන් තොර ආදරයක් නැ කියලා
ඒ ඔබ විතරමයි මගේ ආදරේ...
ඔබ විතරමයි.......

මොනදේ කලත් කොතනක උනත්
මා හදවතේ ඔබ ඉන්නවා
සැමදා එක ලෙසින්
මා ආදරෙයි...
මගේ ආදරේ....ඔබ විතරමයි..
ඔබ විතරමයි ඒ ආදරේ...

Tuesday, 18 February 2014

කලයුතු යමක් නැත තම තම ගුණවත් වීම හැර

සිත තැන තැනට තාමත් දිව යනවා
එක් තැනකදි එය යලි නවතිනවා
දු‍ටු දසුනකින් මැවි මැවි පෙන්වනවා
සිතුවිල්ලකට මේ හැම එක් වෙනවා

සවනට හඩක් මතුවී ‍රැව්දෙනවා
කී වදනකට යලි යලි සිත්යනවා
රස පහසකින් දිව පිනවෙනවා
ලග නැති වුවත් ලංවී දැනවෙනවා

හැම දේ තුලම ආශාවන් මතුවෙනවා
මම මගේ යැයි හැගුමන් ඇතිවෙනවා
ලං කරගන්න සැම දෙන දත කනවා
නුවණැස හැමගේ මින් වැනසෙනවා

කරනා දෙයක හොද නරකත් නොපෙනෙනවා
නපුරක් හොද ලෙසින් හොද නපුරකට යනවා
පුහුදුන් මොඩයින් මෙහි මුලසුන වැජඹෙනවා
නුවැණැති අයට මොඩයින් ලෙස සලකනවා

ටික ටික වෙනස් වී ලෝකය වැනසෙනවා
වැසි කල ඉරි තලා නියඟය රජවෙනවා
පායන කලට මහා වැස්සට හැම යටවෙනවා
මිනිසුන් නිසා මිනිසත් ගුණ යටයනවා

කලයුතු යමක් නැත තම තම ගුණවත් වීම හැර
බල බල ඉදීමෙන් පල නැත කල් යාම හැර
ටික ටික වුවත් ගුණ දහමට ඉඩ දිම හැර
කාටත් යමක් කල හැකි නැත සැනසීම හැර






Wednesday, 5 February 2014

හසරැල් මවා දුක ඉවසන් උන්නා...

ඔබ ගැන සිත සිතා හිත වද දුන්නේ
ඔබ දකිනා තුරුම නෙත වද දුන්නේ
ලග සිටිනා විටදි සෙනසුම දැනුනේ
හැර ගිය දා පටන් සිහිවි නෙත හැඩුවේ

යලි එන තුරා මෙතුවක් මම උන්නේ
ගෙන ආ ආදර නෑ ලග රැදුනේ
හැරදා මහද ඔබමයි දුර ඇදුනේ
කිසිදා නොඑන ගමනක ඇයි යන්නේ

වෙන්වන සිතින් එක් වුනා නොවේ
ලංවන විටදි නොදැනුනා නොවේ
එකසිත නැතිව පෙම්කලා නොවේ
කොතරම් කලත් අමතක වුනා නොවේ

හැමදේ අහිමි බැව් දැන උන්නා
නොයනා බවක් මා සිත දැනුනා
ගියදා යලිත් ඒ යැයි සිත කිවා
හසරැල් මවා දුක ඉවසන් උන්නා

Monday, 20 January 2014

එකට එක් වී-සුවද විහිඳමු

අතින් අතගෙන
ලඟින් හිදගෙන
පෙමින් දොඩමලු
වෙච්ච කාලය
ගතවෙලා දැන් ගතවෙලා
තවත් දුර අපි
යනෙන ගමනෙදි
අපෙ සෙනෙහස
හඳින් හදකට
යා වෙලා තව යා වෙලා
සිතින් අප දැන්
ටිකෙන් ටික ටික
එක්වෙලා දැන් එක්වෙලා
තවත් දුරකට
අපෙ සෙනෙහස
හදින් හද වෙත
මෝරලා දැන් මෝරලා
සෙනෙහෙ මල්දම්
එකට එක් වී
සුවද විහිඳමු
තු‍ටුවෙලා අපි තු‍ටුවෙලා

Thursday, 9 January 2014

ඔබ සොදුරු සේ...

තනිකම පාලුව අතර අතරමංව මා
තනිය ඇවිදින් කරදර කරන සද
ඔබ ඇවිත් තනිය මැකුවා සොදුරු සේ...
වරද ඇවිදින් සිතේ වෙලෙමින්
වරදේ පැටලි යනෙන දා
ඔබ ඇවිත් වරද සැදුවේ සොදුරු සේ....
සිහින අතරෙ සිහින දකිමින්
සිහිනයක පැටලුණු ජිවිතය
නැවුම් සිහිනය ගෙනාවේ ඔබයි සොදුරු සේ....
සඳ නොමැති අමාවක අහස සේ
කිසිත් නොමැතිව අදුරු මනසේ
අදුර මැකුවා සුපුන් සඳ සේ ඔබ විත් සොදුරු සේ....
අරතියෙන් ඇලි පසෙක සිටිනා
කිසිත් නොකරම සිටිය විටෙකදි
රතිය අරගෙන පැමිණියා ඔබ සොදුරු සේ...
එක තැනක නැවති ජිවිතය
පසෙක විසිවුණු බලාපොරොත්තුව
නැවත ‍රැකදුන්නේ ඔබයි සොදුරු සේ....
කිසිත් නොසිතා සිටිය මොහොතේ
ලඟට ඇවිදින් අතගෙන මගම පෙන්වූ
ආලොකයක් වුණා මට ඔබ සොදුරු සේ....
සියල් ලැබදී, සියල් ‍රැකදී, සියල් පෙන්වූ
සිහිනයක දු‍ටු සොදුරු පැතුමන්
අරුත් බර කලේ ඔබයි සොදුරු සේ..... සොදුරු සේ....

Wednesday, 8 January 2014

ඒ මහා සෑ බිමේ...

එදා අප මහ මුනි සඳ
රහතුන් පිරිවරා වැඩ සිටි
ඒ මහා සෑ බිමේ.....
ඒ ගොයුම් බුදු හිමිගේ
ද්‍රෝණයක් පමණ ධාතු නිධන් කල
ඒ මහා සෑ බිමේ....
එදා දු‍ටුගැමුණු රාජ අනුග්‍රහයෙන්
විස්කම් දෙවි පුතුගේ සුරතින් තැනු
ඒ මහා සෑ බිමේ....
සක් දෙවිදුන් ප්‍රධාන දෙවියන්ගෙ
මහත් උපකාරයෙන් තැනු
ඒ මහා සෑ බිමේ....
ධාතු නිධානොත්සවයදා
ලක්ෂ ගණන් මහ රහතුන් වැඩහුන්
ඒ මහා සෑ බිමේ....
මහා රහතුන්ගේ පාද ස්පර්ශය නොලැබු
එකදු වැලිකැටයක්වත් නැති තරම් වූ
ඒ මහා සෑ බිමේ...
සිල්වත් මහ සඟරුවන සමගින්
කලණ මිතුරන් මැදට වී
ඒ මහා  සෑ බිමේ...
ඒ භාග්‍යවතුන් වහන්සේගේ
ගුණ සිහිපත් කර කරම
ඒ මහා සෑ බිමේ...
ධාතු වන්දනා කරගෙන
ඒ මුනිදුන් වදාළ මිහිරි දම්
සිහිපත් කර කර මිහිරි සරින්
රෑ එලිවෙනකම් ගායනා කරද්දි
හිත ප්‍රිතියෙන් පිනායන තරම්...
වසර හයකට පස්සේ
ඒ සෑ බිමේ ‍රැය පහන්කරද්දි
දැනුනේ ඒ තථාගතයන් වහන්සේගේ
ඒ සුන්දර උණුසුමේ ඉන්නවා වගේමයි...


Monday, 6 January 2014

යමුද අප සැප ලබන මගකින්....

සරණ කරගෙන සිටිය යුතුකල
සරණ අතහැර යන්නේ කොයිබද
සරණ නැත අන් තැනක කිසිවිට
සරණ පමණයි තෙරුවන් ලඟදි ඇත්තේ

තෙරුවනේ ගුණ සුවඳ දැනගෙන
තෙරුවන කෙරේ නැමි වසමින්
ටිකෙන් ටික හරි මගම හුරු කර
යමුද අප සැම නැවුම් සැපතට

අනේ අප මුනිදු මුවගින්
එදා වදහල දහම අසමින්
සුගති මග දෙසට හැරෙමින්
යමුද අප සැප ලබන මගකින්

Tuesday, 31 December 2013

වියපත් ගතින්-සවිමත් සිතින්

වියපත් ගතින්
සවිමත් සිතින්
යනෙනා මගින්
දෙදෙනා ලගින්
දු‍ටුවා දසුන්
බසයෙ ඉදන්
ගේ දොර බලන්
යනවා ඔවුන්

පණ සෙ අපෙ දරුවන් සැදුවා
ඇස් දෙක වගෙ උන් ‍රැකුවා
ලේ ටික කිරි සේ  මුව තැබුවා
ලොකුවන තුරා ලඟ හිටියා

ටික ටික ලොකු වෙලා දෙපයින් යනවා
පාසල් ගොසින් ඉගෙනුම ලැබ එනවා
වෙහෙසක් නොම බලා උන් ‍රැකුවා
උන් ජය ගන්න ඒ මග සරි කෙරුවා

හැම ජය ලබා උන් පෙරටම යනවා
අප හැර දමා උන් වෙනතක යනවා
අප තනි වෙලා උන් ගැන සිහිවෙනවා
දරු සෙනෙහසින් හදවත පෑරෙනවා

කල් යල්  ගෙවි දරුවන් සිහිපත් වෙනවා
දරුවන් බලන්නට නෙත් දෙක නලියනවා
මතකය ඇවිත් මැවි මැවි උන් දිස්වෙනවා
උන්ගේ වදන් ආයෙත් ‍රැව් පිලි‍රැව් දෙනවා

වැඩකටයුටතුත් දරුවන් හට බොහොම
උන්ගේ දරුවනුත් දැන් ලොකු මහත
බඩකට රකින්නට ගතයුතු වෙහෙස
අපි යමු බලන්නට සැපදුක් කොහොම

දරුවන් බලා යලි එන්නට හිතට බැරි
අපි හිටියොතින් කරදරයි උන්ට හරි
යමු අපි යලිත් අපගේ පැලට හැරි
ලොව ජයගනිව් දරුවනි සැපත පිරි

බසයෙදි දු‍ටුවා මව්පිය දෙදෙනෙකු වයස
ලග හිදගෙනයි ආවේ නොබලා වෙහෙස
දෙන්නම හිටියේ පිරිලයි සතුටින් මනස
දු‍ටු දෙදෙනා නිසා සිතුනයි මේ වෙනස





Saturday, 28 December 2013

සැනසිමේ මග....

හිස පිරි කෙස් වැටිය පසෙකලා
නෑ පිරිසගෙන් ඈතටම    වෙලා
කහ වත නෑ කයට      බරවෙලා
සුපහන් සිතෙන් යයි   සැනසිලා

යන යන තැනක නෑ හිත ‍     රැදිලා
ගෙන යන දෙයක් නෑ අත     ‍රැදිලා
සිත යන දෙසයි සැනසුම සොයාලා
නැවතුම සොයයි දුකගැන පෙනීලා

හිත බර යොමන ‍රැකගන්න කෙලෙස්
ගත බර නොමැත ‍රැකගන්න    කිසිත්
රෙදි පිලි කොහිද සරසන්න     කයත්
අරුතින් පමණි ගතවන්නෙ        දවස්

තරුණයි කියා නැත කිසි මත්       බවක්
ලෙඩ නෑ කියා නැත එය හිතට     අරන්
මරණය උරුම බව නිති සිහිය       දරන්
වැඩහිද දහම් මග නිරතුරු පුහුණු කරන්

දැකගන සොදින් සැනසිමේ මග
දුක් ගිනි නිවන් සිසිලසේ     මග
සැපයම ලබන් සුගතියේ      මග
නිති හුරු කරන් සමිදුගේ     මග



Friday, 27 December 2013

සොදුරුයි හුදකලාවම.....

යන එන මගදි සිත තැන තැන නවතිනවා
දකිනා ඇසෙන හැමදේ වෙත සිත් වෙනවා
නොබැදෙන් නැති සිතින් දුක් ගෙන එනවා
සිත හැමතැනදි තාමත් මට වද දෙනවා

මතකෙට අතීතය ආපසු එනවා
ආගිය ගමන් මැවි මැවි නලියනවා
සිහිනය ලෙසින් බොදවීගෙන යනවා
සතුටයි දුකයි තරගෙක සිරි ගන්වනවා

දිවියක අරුත යලි යලි සිත් වෙනවා
සැනෙකින් සියල් අමතක වී යනවා
වරදට බැදෙන සිත වලමත් වෙනවා
තනිකම සිතේ ‍රැව් පිළි‍රැව් දෙනවා

සුන්දර නිහඩ වනයට සිත් යනවා
කදු සිරසකදී තනිකම එක් වෙනවා
සොදුරුයි හුදකලාවම සුව දෙනවා
සිත නැවතිලා හද සුවපත් වෙනවා

Tuesday, 24 December 2013

ගමනක නිම නොවෙයි.....

ගමනක නිම නොවෙයි
නැවතුම් පල මෙයයි
දුකනම් අත ලගයි
සැනසුම බෝ දුරයි

සැපයක්  නොම ‍රැදෙයි
දුකනම් නිති ලැබෙයි
සැපදුක මැදි කරන්
දිවියම යා යුතුයි

ඉපදුනු බව සැබැයි
මරනය උරුමයයි
ලෙඩ දුක් සමගමයි
කෙලෙවර තව දුරයි

ජරමර හරි ගොඩයි
කරදර නිම නොවෙයි
බාධක අපමණයි
යා යුතු මග මෙයයි

විටකදි සතු‍ටුවෙයි
කදුලක් දිය කරයි
සිනහව ලග නැවෙයි
තරහව ගොඩ ගැසෙයි

රාගය ගිනිගනියි
තරහෙන් පලිගනියි
මුලාව, වැඩ කරයි
සසරට ගොඩ ගසයි

යලි යලි ගමනෙමයි
නැවතුම කන වැකෙයි
එනමුදු පසෙකලයි
ආයෙත් දුක් විදියි

සබැදුම් මහ ගොඩයි
අත්හල නොහැකිවෙයි
දුකකම යලි ‍රැදෙයි
තේරුම් නොම ගනියි

මිසදු‍ටු වෙත ඇදෙයි
‍රැදි ‍රැදි පැටලවෙයි
දහමට නොම වැටෙයි
කරුමය ‍රැස් කරයි

දහමම සැකකරයි
මත තුල ගැට ගැසෙයි
නිසිමග අත හරියි
සතරට යලි වැටෙයි

බුදුහිමි දැක සොදින්
බුදුබණ සිත දරන්
මග ගෙන පියවරෙන්
පිරිසට එක් වෙයන්

Wednesday, 18 December 2013

නුඹ

ගලපන පද දහසක
නොගැලපුන පදයකි නුඹ
පිපිදෙන මල් සහසක
නොපිපුන මල නුඹ
රෑ අහසෙ තරු දහසක්
නැති තරුවයි නුඹ
දු‍ටු සුන්දර හැම සිහිනෙම
නොදු‍ටුව සිහිනය නුඹ
ගී ගයනා සියොතුන් මැද
නිහඩව සිටියා නුඹ
පා තබනා ගමන් මගේ
නොගිය මගයි නුඹ
අරුත්බරම කවි සහසක
අරුතක් නැති කවියයි නුඹ
පතනා පැතුමන් තුල
නොපැතු පැතුම නුඹ
හිමිවෙන නෙත් දහසක් තුල
හිමිනොවෙනා නෙත් යුගලයි නුඹ

Saturday, 14 December 2013

නුඹ හඩන හැමදාම

නුඹ හඩන හැමදාම - මම හිටියා සනසන්න
මගේ වෙන්න හැමදාම - නුඹ පැතුවා මතකයිද
පපුතුරුලේ ගුලිගැහිලා - හිටි කාලේ අමතකද
හැර දමා එ සිහින - නුඹ යන්නෙ සතුටින්ද

අත්වැල් අරන් යන්න - පැතු පැතුම් මතකයිද
තුරුලේම ගුලිවෙන්න - කී ඔබම වෙන්වෙයිද
දුරයන්න බෑ කිව - හටි තාම මතකයිද
ඒ සිහින කිසිදාක - එළිවෙන්නෙ නැතිවෙයිද

ලං ලංව ඉමු කීවේ ඇයි එහෙම
දුරයන්න හිත හැදුනෙ නුඹ කොහොම
ඒ මතක වලලන්නෙ මම කොහොම
ඒ සිහින හැරලන්නෙ ඇයි මෙහෙම


Wednesday, 20 November 2013

මහා සෑය වැන්දෙමි....

සම්බුදු සමිදු ගුණ කඳ සිහිවෙන්නයි
සම්බුදු සමිදු දෙසු දම් කඳ සිහිකරගන්නයි
සම්බුදු පිරිස දිවියට ලංකරගන්නයි
තෙරුවන් සරණ හැමහට පිහිටන්නයි

පිරිනිවන් වැඩි අප මුනි සඳ සිහිවෙන්නයි
ගැමුණු නිරිඳු කල මහා සෑය වදින්නයි
ජය සිරි මහා බෝධිය දැකගන්නයි
උතුම් ධාතු වැඳ පින් කරගන්නයි

පිරිනිවනට වැඩි අප මුනිඳුගේ ධාතූ
රාම ගමේ සැ බඳ වැඩ සිටියේ ධාතූ
නා ලොව නා පිරිවර පිදුවේ ධාතූ
අපිත් වදිමු ද්‍රෝණකි මුනිඳුගෙ ධාතූ

සොනුත්තර රහත් තෙරඳු වැඩමෙවූ ධාතූ
ගැමුණු නිරිඳු කල සෑ බඳ වැඩසිටිනා ධාතූ
සිරිලක් රජයෙන් පුදලැබුවා ද්‍රෝණකි ධාතූ
අපිත් වදිමු ද්‍රෝණකි ගෞතම මුනිඳුගෙ ධාතූ

ස්වර්ණමාලි මහ සෑයේ සුවසේ වැඩ සිටිනා
ගෞතම මුනි ධාතු ද්‍රෝණකි එහි වැඩ සිටිනා
සිරිලක් මැණිගේ හඳවත වී මෙහි වැඩ සිටිනා
සාදු සාදු අපිත් වදිමු හඳ බැති ගෙන සොදිනා


Tuesday, 19 November 2013

ගෙදරින් පිටත් වෙනකොට

ගෙදරින් පිටත් වෙනකොට
හරිම දුකක් දැනුනා
ගොඩාක් කාලෙකින්
දරාගන්න බැරිතරමට
මීට වසර ගණනකට කලින්
පාසල් නෙවැසියට එන්න හදනකොට
දැනුනු දුක වගේමයි....
හිතවතුන් ඊටත් වඩා අම්මාව
දාලා එන්න පුදුම දුකක්
බුදුසමිදූ දෙසූ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්මයි
එයනම් සත්‍යක්මයි...

Monday, 18 November 2013

වසරකින් නිමාව...

වසරක් සපිරිලා ඇත මේ කතාවට
විසදුම් නැතිව විසදුම් ගෙනාවට
හරි වැ‍රැද්ද කොයි හැටි උනාවට
අවසන් වෙලා ඇත මේ කතාවට

වසරකට පෙරයි මෙය සිදුවුනේ
මලගම් ගියා මේ ලෙස අකාලයේ
සය මස් බිලිදා මියා ගියා අනේ
තව අය වැ‍ටුනානේ අනතුරේ

අහම්බෙන් වගේ මේ ලොව එලිය දු‍ටු
මේ ගැන කීමටත් හිත හිරි වැ‍ටුනු
බිලිදා නිසා අලුතින් කතා ඇරඹුනු
මින් වසරකට පෙර අවසන ලියවුනු

සිතුවේ මල බිලිදා මිය ගියපු බව
අනතුරු උනු අයත් අවසන් බව
ඒනමුත් උනේ නැත ඒ සිතු බදු
බිලිදා මියගියත් අන් අය මලේ නැත

මරණා නමුත් මිය ගියේ නැත
ඉන් උනේ හානි පමනෙක
ලෙසටම ‍රැකවරන සැලසුන
තව තව තර උනා නියම ලෙස

හානිය උනත් ඉන් තරහක් නැත
මිනිමරුවට යලි හානියක් නැත
අධිකරණ යාමට අවැසි නැත
යලි මෙය වීමට ඉඩක් නැත

සිදුවූ දේ සිදුවෙලා අහවරයි
ආයෙත් වරක් නොසිදූවේමයි
සිදුවූ දෙයට පිං සිදුවේමයි
මෙතකින් සියල්ලම නිමාවයි






Wednesday, 13 November 2013

සිතුනා...

සිතුනා පදවැලක් ගොතලා අමුණන්න
නැතුවා අදහසක් හිතිලා පවසන්න
එනවා සිතුවමක් ඇදිලා එක්වෙන්න
බැරුවා ඔබමිසක් කිසිවකු ලංවෙන්න

දින දින ගෙවෙනවා කාලය විගසින්න
ටික ටික සිතාලා මතකය දුරලන්න
දැන දැන අපි විදිනා දුක්ගිනි නිමවෙන්න
සිත ‍රැදි ඔබරුව මැකුවා  විගසින්න

යන යන තැනදී සිහියම ඇතිවේවා
ආයෙත් සසර මේ වැනි දුක් නොමවේවා
දහමට නතුව සැමවිට සිත් සැනසේවා
සසරෙහි යලිත් උපදිනා පව දුරු වේවා

Sunday, 10 November 2013

වෛශ්‍යාව....

"ගල් ගසා මරපියෝ.
පවට යටවුනු කෙනෙකි ඈ"
කිය කියා අපහාස නන්වන
අයම යයි නැවත ඈ වෙත
දුරලාගන්න අදුරු කාලය
පෙර කලෙක සිට
පැවත ආ ලෙස .....
කරයි ‍රැකියාව ලෙසටම.....
ඇයට ගරහන නමුදු බොහොදන
ඇයම පතලා යාවි ඈ වෙත
ඇගෙ හඩ තුලින් නැගෙනුයේ
අසාධාරණයේම,
දුප්පත් කමේම,
නොදන්නා කමේම,
හඩ නොවෙද ...?
ඇයත් දුප්පත් නොවුනානම්,
ඇයටත් දහම කන වැකුනානම්,
අනෙක් කතුන් සේම ඇයත්
මෙයටම නතුවේවිද...?
පෙර කරුම අරුම ලෙස නොනැගුනිනම්.......


සිහිවටන දුන්නට

වෙනස් වූ අතීතය ඉකිගසා හඩයි
එහෙම කිවේ පෙර කලකනම් තමයි
තාම මතකය තිබුනු පලියට
ඉතිරි වේවිද දුකම පමණක්....
ඔබෙන් තොර ලොවක් නැති බවට
එදා මිමිනුවේ කවුද යන වග
නිරන්තර සිහියට නැගෙවිද
මගේ දිවියට සොදුරු මෙන් අදුරුද
සිහිවටන එක් කලේ කවුරුද
තුති පිදුවේ නැතිවට
පිනක් වෙයි මහත්සේ
මගේ දිවියට සිහිවටන දුන්නට

Friday, 1 November 2013

ආයෙම

හිත තුලම ඳග කරපු
මතක පොත නැතිවෙලා
වැරදි නොකරම කෙමෙන්
දඩුකදය ඇහැරලා
ආයෙමත් දුව පනින
ඔබ එන්න ලංවෙලා

Thursday, 31 October 2013

මග බලාගෙන

සඳ අදවත් එයි කියලා මග බලාගෙන උන්නේ
ඒත් සඳ අදත් ආවේ නෑ
මග දිගට කරදර කාරයෝ පිරිච්ච මේ පාර දිගේ
සඳට තියා ගිනිගන්න ඉරටවත් එන්න
මේ අය ඉඩ දෙන්නේ නෑ.
සඳට කවුරුත් කෙනෙහිලිකම් කරලවත්ද.....?
නෑ නෑ එහෙම වෙන්න බෑ..
සඳට අත තියන්න තියා....
කරදරයක් කරන්නවත් කාටවත් බෑ.
සඳ අහිංසක උනත් හරිම බලවත්....
ඒ අහිංසක සඳවට තරු පිරෙන්නේ ඒක දන්න නිසානේ...

Tuesday, 29 October 2013

ජිවිතය

නිසලව හිද කෑ මොර දී මෙලොව දු‍ටු
අවිහිංසක ලෙසින් කාලය ගත කරපූ
ටික ටික ලොකුවෙමින් කෙලෙසුන් බැදුණු
ගත සිත වෙනස් වේ කල ගත කරපු

ගත ටික ටිකෙන් මොරනවා
සිත ටික ටිකෙන් කෙලෙසෙනවා
ආසාව ටික ටික වැඩිවෙනවා
තම සතු කරගන්න හැම වෙහෙසෙනවා

ඉගෙනුම අරන් ලොව ජිවත් වෙන්න
තරගෙට දුවයි අනෙකා පසුකරයන්න
හැකි අය කෙලෙස හෝ ජය ලබගන්න
ඉන් පසු නැවත මුදලට යටවන්න

අමතක වේ අතීතය ටිකෙන් ටික
දුක් ඇති විටදි පමණකි තැවීම
සැප ඇති කලදි දුක අමතක වේය
ලෙඩ දුක් මැදින් මරණය මුණගැසේය

තෙරුමක් යන්තම් ඇති කෙනා ලොවේ
සමිදුගේ දහම මුණගැසුණොත් පින පෑදේ
ඒ දම් මගේ ගිය අයටම ජය ලැබේ
සසරේ දුකට පිළිසරණක් මෙයින් සැදේ

Saturday, 19 October 2013

අතීත මතක අතර

ඈතීන් ඈතට දුවමින්
අතීත මතකයන් සමගින්
කදුල සිනහව අතර සිත අතරමන් වේ
ඒදවස් සෙනෙහෙන් ලගින් උන්
බොහෝ දන,
වෙන වෙන තැන්හි
වෙන වෙනම තරගයක පැටලි ඇත...
සමහරුන්,
තවම මා වටා
මා සමගින් දුකේදී සැපේදී ලගින් හිදියි...
තවත් අය,
ඔවුනගේ කටයුතු කරගත් පසු
ඔවුනගේ ලොව වෙත නැවත ගොස්ය...
ආ ගිය උන් ගැන සිත සිතා
අතරමං වන්නේ කිම මා සිත
තමන් කලයුත්ත කල පසු
සැනසිල්ලෙන් තමන්ගේ ලොව දිනනු හැර

Tuesday, 17 September 2013

පහන් තරුව...

සොදුරු මද නල හමන
සුපුන් සදවත දිලෙන ‍රැයක
තරු පිරි අහස් කුස
දහස් තරු කැල අතර
සොදුරු සුව ගෙනෙන
 කිම මේ....
පහන් තරුවට
සෙනෙහසින්
පහන් තරුවේ
සොදුරු පැහැයට
නෙතින් පමනක්ම නොව
සිතින් මෙතරම් ලංව
පහන් තරුවම පතන්නේ...
පහන් තරුවම
පහන් වෙනතුරු
මගේ ලග ‍රැදි
නිරතුරු ‍සිටීවිද.....?

Tuesday, 16 July 2013

සිහින

අරුත් බර වූ අලුත් ලොවකට
සිහින පොදි බැද පැමිණි ගමනේ
සිහින ඉ‍ටුවන බවක් නොපෙනේ
සිහින ලොව තුල
අතරමං වුනිද යම්සේ
කරකවා අත හැරිය විලසට
කොහෙන් කොතනින් කෙලස
කුමකින් අත් වාරු ගන්නද
තම නැත මෙහි හමු වුනේ
එහෙත්.....
දහස් ගණනින් පොදි බැදන් ආ
ඒ සිහින ඉ‍ටුවන
මගක ඇරඹුම ගත යුතුම වේ
රළ පෙලට මැදිවී
සැලි සැලි පෙරලෙන
පහුර ලෙස නොව
නැවක යන දල  රළඳ බිදගෙන
යා යුතුම වේ නියමුවකු සේ....

Wednesday, 15 May 2013

එහෙත් අද දින


අඩන දහසක් නෙත් සනසලා
තාම මතකයි සතුට දුන්
දයාබර අහිංසක මගේ හදවත

වැරදි මග යන දෙපා නවතා
අසා ඇති හරි මග පෙන්නුවා මතකයි
අහිංසක මාගේ දෑත නුඹ ගැන

නපුරු රලු වදන් නවතා
යහ වදන් පවසන්න කිවා මතකයි
අහිංසක දෙතොල් දෙක නුඹ

කා දමන රන් වටින කාලය
රනට වැඩියෙන් වටින ලෙස ගෙවන්නට
අසා තිබු දහම කියා දුන්නා මතකයි

මෙලෙක් වුනු හදක් තිබුනා
එදා මේ මට
මේ හැම කරන්නට සතොසින්

එහෙත් අද දින
නපුරු රලු වදන් පිරිලා
වැරදි මග යන අඩන මා හට
කාලයත් හරස්වී
සිතද නෑ එකගව

Friday, 3 May 2013

ඇත්තක්


හිතන්න ඕනි දෙයක් ගැන කියන්න හිතුනා.මේක අපේ ලොක්කෙක් මතක් කරලා දුන්න දෙයක්.
"කෙනෙක් කාලයක් වැඩ කරමින් හිටපු තැනක ඉදලා එකපාරටම එතනට කියන්නෙත් නැතිව තව තැනකට යනවා.ඉතින් යන්නෙත් නිකන් නෙවෙයි පලවෙනි තැන හිටපු පිරිසකුත් කඩාගෙන එතනට හානියකුත් කරගෙනයි.ඉතින් අර දෙවනි තැන ඉහළ නිලධාරින් දැනගන්න ඕනි මේ කෙනා ආවේ අතන විනාශ කරගෙන ඉතින් ඒ නිසා මූ අපේ තැනත් විනාශ කරගෙන කඩාගෙන යන්න පුලුවන් කියන එක"
ඇත්ත නේද කතාව.දෙවෙනි තැන පිරිස බුද්ධිමත්නම් අර කඩාගෙන ආව කෙනා ගැන විශ්වාසයක් තියන්න හොද නෑ නේද?
මම කල්පනා කරලා බැලුවා.මේක අපේ ජිවිතයේ ගොඩක් තැන් වලට ගලපගන්න පුලුවන්.ඉතින් බුද්ධිමතුන් අවශ්‍ය තැනදි ගලපාගෙන විනාශයන් වලක්වා ගන්න.

Monday, 29 April 2013

ඔබමද...


සඳ නැග එන සීත රෑ යාමේක
සිහිනයක් සේ ම'වෙත පැමිණිය
ඒ සිහිනයේ සෙයාව ඔබමද...

මා දෙනෙතට ලං වුනේ නැතිමුත්
දෙනෙත් ලග දැවටෙන
හැඩකාර රුව ඔබමද...

සවන් මත මිහිරි වදන් මුමුණා නැතිමුත්
සවන් ලග කෙදිරෙනා
ඒ හඩ ඔබමද....

හදට හදක් සෙනෙහෙන් පිදුවේ නැතිමුත්
හදේ නිති කකියනා
සිතුවිල්ල ඔබමද....

Wednesday, 3 April 2013

අහස එළියයි-හිරුද බබළයි


අහස එළියයි-හිරුද බබළයි
පොලොව සාරයි-ගහකොළද දලුලයි
නදිය නිසලයි-මසුන් පීනයි
සිතේ කලබල ඇයිද මේ ලෙස

අතීතයට දුවන මේ සිත
තරහ පුරවා නැවත පැමිණෙයි
මෙතන නැවතුන මේ සිත
ආසාද පොදි බැද විදියි නෙක දුක්

බොරුව වපූරන දවස් වෙන් වෙයි
නැකත් කෙලියට නිතර යටවෙයි
හිස්  බවෙන් පිරි දිවිය ගතවෙයි
සතුටයි කියා සිතින් ලතැවෙයි

ඉරද බැසයයි- අදුර ලංවෙයි
නිහඩ නැති ගත-තවත් ආසා පොදි ගසයි
නොමැති විට සුව-ගතද වැහැරෙයි
සිතද පිරිහෙයි
දැන දැනත් මේ බැව්
තමන් හට වෙර බදියි දන
හෙටක් ගැන නොසිතාම කිසිවිට


Thursday, 28 March 2013

යලිත් ආවා පුරුදු නගරෙට


වෙනස් වෙයි නිති ජිවිතේ
ගමන් මග නෑ නැවතුනේ
යන්න වෙන බව නොසිතුනේ
ඇයිද මෙතරම් කලබලේ...

සිතුවේ නැත යලි එන්න වේ යැයි
මතක අමතක කරපු නගරෙට
කැලේ දු‍ටු මල සිහිකරන් නිති
නගරේ සිතුවම බොද වුනේ

අතීතයට අත් හැරිය මේ නගරය
මතක විසිකර දැමුව නගරය
විසුරුනත් දිවිය මේ නගරයේ
දිවියෙ අරුතය දු‍ටුව නගරය

නගර මැද බොදු දනන් පුද දෙන
පිදිය යුතු දළදාව වැඩ වෙසෙ ‍රැස් දෙන
දිවිය දු‍ටු මේ සොදුරු නගරෙට
යළිත් ආවා නොසිතු මොහොතක - නොසිතු විලසින්

යලි පැමිණෙන්න හිතක් නැ තිබුනේ කොතනක
මගේ මතකය මහවැලියෙ දිය කරන්නට
ගං තෙර ඉදන් දිවිය සෙවුමට
යලිත් ආවා පුරුදු නගරෙට

Wednesday, 13 March 2013

එහෙම නෙවෙයිද....?

කාලය ගෙවිලා යන්නෙ පුදුම වේගයෙන්
2013 ලැබුවේ ඊයේ පෙරේදා වගෙ
ඒත් දැන් මාස තුනක් ගෙවිලත් ඉවරයි
උනු දෙයකුත් නෑ .... කරපු දෙයකුත් නෑ....
මොනව කලත් නොකලත් කාලය නම් නවතින්නේ නෑ...
අපි කාලය යන වේගෙටම අපේ ජිවිතෙත් හරි පැත්තට හරවගෙන
වෙනසක් කර නොගත්තොත්
මහලු කොස්වා ලිහිනියන් මාලු නැති මඩ වලේ ලැගලා
හූල්ල හූල්ල හිටියා වගෙ තමයි අපෙ අන්තිම කාලය විතරක් නෙවේයි
මේ ගෙවෙන දවසක් ගානේ ඉන්න වෙන්නෙ...
එහෙම නෙවෙයිද....?


Monday, 11 March 2013

අතීතය අමතකව


සෙනෙහසින් සිප ගත්තු-එකිනෙකට වෙලුණු
දෙතොල් පෙති අමතකද
ලොවට රහසේ-කාටත් නොපෙනි
තුරුලේම උන්නු හැටි අමතකද
රහසේම කොදුරලා-කනට ලංවී
ආදරයෙන් කියු වදන් අමතකද
ආදරය පුරවලා-වේගයෙන් අමුනලා
ඒවූ පණිවිඩ දැන් ලියවෙන්නෙ නැතිවදෝ

අතීතය අමතකව ගියත් ඒ ලෙසින් නුඹ හට
අමතකව නැත අතීතය මට කිසි ලෙසින් තව
ඒත් ඒ අතීතය යට ගසා යලිත් මතු නොවන සේ
අනාගතයේ දොර‍ටු හැර වර්තමානය මැදින්
යමි මගේ ගමන පෙරටත් වඩා මං
ඔබේ අරියාදුවෙන් ජවය ගෙන ඇති තරම්....

අතැඟිලි නොබැදෙන-හිත බැදි සෙනෙහස


සෙනෙහස පිරුණා හද තුල උතුරා
ලංවෙන්න බැරි වුනත් දිවිතුරා
පෙන්වන්න බෑ සෙනෙහෙ
ලංවෙන්න බැරි නිසා
ඈතක ඉදන් ඔබ දෙස බලන්
ඉන්නේ මා සැමදා
ගියත් මා ඔබ දමා-නෑ සෙනෙහෙ අඩුවෙලා
හිත තුල හිරකරන්-ඒ සෙනෙහෙ ඇත තවත්
කිසිදාක නොවෙ නිමාවක්-පිදුව ඒ සෙනෙහසෙ
තව තවත් වැඩිවුණත්-පෙන්වන්න බෑ සෙනෙහෙ
දිවිතුරා ‍රැදෙයි
අතැඟිලි නොබැදෙන හිත බැදි සෙනෙහස


Tuesday, 26 February 2013

මාහද අගුලු ලමි


ගංගාවක් සේ නිබද ගලා ගිය
වෙල් එලියක් සේ සතුට සදා දුන්
සඳ එලියක් සේ සිසිල සදා දුන්
ආදරියයි ඔබ මහද පෙමක් ඉපැද්දු

නිබද සීටියයි ආදරයෙන් ලග
සිතා සිටියෙ මං නොකියාම එදවස
ප්‍රේමය නොදැකම මහද පිරී තිබු
නුඹමයි ඈතක ඉගිල ගියේ ,,,,

අපි අපෙම වී ඉමු
ආදරයෙන් දිවියම පුරවමු
කිව් යුරු මටනම් මතකය
ඔබට මතක නැතිවාදෝ

වස්සානය නිමාව ඔබ ආයෙත් ඒ යැයි
පෙරමග බල බල මා උන්
කාලය ඉගිලෙයි දැන් දැන්
මාහද අගුලු ලමි
ආදරයට යලි එන්න නොදී........

Wednesday, 20 February 2013

තනිකම මැදින්

තනිකම මැදින් අතිතයට දුවන් හිත
රවටාගෙන ඉන්න බෑ වගේ
අතිතයේ දැකපු සිහින-දැන් දැන් අයෙමත්
සිහිනයක්ම නොවි
සෑබෑ කරගන්න
ඒ සිහිනෙ උන්නු නුඹව
මගේ ලගට එනකම් නෙත්
තෙමස් කලක් ගතවී මුත්
තාම මග බලයි.....

Sunday, 10 February 2013

ඔබ අරන් ගොහින් ඇත



දු‍ටු නමුත් කොතෙක් අය
ආ නමුත් කොතෙක් අය
හිත ගත්ත කෙනෙක් නැත
හිත ගන්න කිසිවකුට ඉඩක් නැත
ඔබ අරන් ගොහින් ඇත
මගෙ ලග තිබුනු මා සිත



සොයනවා නෙත් තවත්

හන්තාන කදු වැටිය ඒදා වාගෙයි අදත්
මහවැලිය සිසිල් දිය ගලා යාවි අදත්
උයන් තෙර පෙම්වතුන් සුව විදි තවත්
අත් කොනේ එල්ලෙමින්
මා සමග සිටිය ඇය කොහිද සොයනවා නෙත් තවත්

සිහින කොතෙකුත් පෙන්වමින් මා ලගම
මගෙ හිත අරගෙනම මගෙ ලග උන්න
අනාගතය නෙත් කොනක මව මවා
මගෙ හිත අරගෙනම
ගියේ කොහි ඉසව්වෙද සොයනවා නෙත් තවම

Thursday, 31 January 2013

බලාපොරොත්තුව


රෑ යහනෙ නිදි ලබන තෙක්
නිදිසොයන මා දෙනෙත
නිදි නැතිව සිටි විටෙක
අතීතය වෙත සිත ගියා

ඈ මා සමග සිටි
අවදියේ කී දෙයක්
සවන් ලග ‍රැව්දිදි
මගෙ මතකෙට ඈ පැමිනියා

කවි ලියන ඔය සිතට
මගෙ ගැන කවි නැතිද
කියා විමසුව අයුර
මතකයට ගොඩ උනා

ඈ දන්නේ නෑ තවම
ඈ නිසා ලිව්ව කවි
තාම මා හිත පතුලේ
ඈ මිසක වෙන අයෙක් නොමැති බව

ලියන කවි පද පද ගානේ
ඇගෙ ගැන නොකියාම
මා කිව්ව වර ගනන්
දන්නෙ මා පමනකි තව

ඇගේ ලග වෙන කෙනෙක්
ඇගේ හිත වෙන අතක
නොමැතිනම් මේ තුරා
මගේ ලොව දොරගුලුද
මගෙ හද මඩල තව
ඈ නමින් වෙන්ව ඇත
වෙන්ව ඇත....
බලාපොරොත්තුව තාම
මැකි ගොස්නම් නොමැත....

Sunday, 27 January 2013

විගහින් පවසන්න


දොසක් දැකලාද මං ගැන
දුරින් දුර ගියේ හැරලාද
අතිතේ මතක නැතිවාද
සිතේ කහටක් හිටිලාද තවම

හොරෙන් මතකෙ එයිද
සිතින් ලග ඉන්නෙහිද
හිතෙ වෙනකෙක් ඇත්ද
සුවෙන් කල් යනවාද

හොරෙන් තතු විමසද්ද
වදන් ‍රැව්දෙනවාද
නුවන් නිති නලියද්ද
සිතින් කරදර නැද්ද

රුවත් මැවුනෙහිද
තනිව කල් යයිද
විසදුම තව දුරද
නිමාවක් මෙහි නැද්ද

පිලිවදන් දිය හැකි වෙයිද
විගහින් පවසන්න



Friday, 25 January 2013

සැපයට හිමිකම


මල් පෙති විසිරි - මල් මැලවෙද්දි
මලේ සිරිය නැතිවෙන්නෙ
අත් ත‍ටු ඉහිරි - ත‍ටු හැලෙනා විට
මෙරුවගෙ දිවි නැතිවෙන්නෙ
එනමුත් මේ ලොව
ඇලිල තිබෙනා - බැමි ලිහෙනා දා
සොදුරු හැගුම් ඇති වෙන්නෙ
එක් වී සිටිනා හැම දින හැම තැන
අය තුල සතුටයි දුරුවන්නෙ
ලොව ඇති හැමඟින් - වෙන්වුන දවසට
සැපයට හිමිකම් ඇත්තෙ...



Tuesday, 22 January 2013

මිරිඟුව


දිය බිදක් බී
පිපාසය නිමවා සොදින්
සැපයෙන්ම සිටිය හැකැයි සිතා
හිරු ‍රැසින් පිරි දහවලක පෙරදින
යන්තමින් දු‍ටු මිරිඟුවක් දැක
‍රැව‍ටුන මා ‍රැව‍ටුනා.....

එත් අද දින
හිරු ‍රැසින් බැටකන
වියලි කතරක
ඈත නොව
නෙත් මානයෙම දු‍ටු මිරිඟුව
දිය පිරුන විල් ඉමක් ලෙස නොව
මිරිඟුවක් බව
සිහිවුනා මට සිහිවුනා....

Sunday, 20 January 2013

අතීතයෙන් ඔබ්බට...


අමිහිරි මතකයන් අමතකව
මිහිරි මතකයක මා ‍රැන්දු
සොදුරු සෙනෙහෙ පිරි
ඔබෙ දායාබර නෙතෙනි
මා නැවත උපන්නෙ...

කදුලු පිරුණු මගේ දෙනෙතට
සිනහව කැන්දා....
වැ‍ටුණු කදුලු පිසදාලු
ඔබෙ ඇසුර මට මහමෙරක් තරම්....

ගලන සිසිල් දිය දහරක
ගිලි නාන කල
විඩාව සංසිදෙනා විලසට
සෙනෙහෙ සපිරුණු ඔබේ දායාවෙන්
මගෙ හදේ දුක් නිවේ නිවේ දැන්.....

Thursday, 29 November 2012

සිහිකල යුතුනම් මුනි දහමයි


සදාකාලික කිසිත් ලොව නැත
එහෙම ඇත්නම් ලොවේ කොතැනක
නොහැක නවතනු සසර ගමනක
සමිදු ගෞතම දෙසුවේ මෙලෙසය

ප්‍රිය අයම යයි දුරින් දුරටම
අප්‍රියයන් ඒය ලගටම
අකමැතිය මේ දෙය
කියා නොහැකිය කැමත්තක් ලැබුමට

ප්‍රිය දෙයින්මයි උරුම දුක මේ
කැමති දෙය නිසාමයි මේ දුක
නමුත් ඇලුනේ කැමැත්තෙන්මයි
එයයි සත්‍ය නොමැත සැපතක්

දැන උන්නමුත් ඒ බව
දුක එන විට සොයා ලගට
මේ බවනම් සිහියේ නැත
කල්පනාව වල් වදිවී

සිහිකල යුතුනම් මුනි දහමයි
ඇසුරට හොද සත්පුරුසයොමයි
හුරුකල යුතු අරි අට මගමයි
ඇලිමනම් අත් හල යුතුමයි....... 

Tuesday, 25 September 2012

වැස්ස වැටෙන්නට ලඟයි


සතර අතින් ගලා ආ...
වළාවන් මුදුන් වී
සතර දිග එලිය දුන්
හිරු මඩල සඟවගෙන
සැමදෙයම දරා උන්
අහිංසක මිහිමඩල 
අදුර දසතින් වෙලාගෙන
සිනා සී උන් ගහකොළද
සොවින් බරවී ගොසින්
පියාපත් සල සලා උන්
සියොතුන්ද ඈතට ගිහින්
සැළලිහිණියන් දස දෙසින්
ගඟන තලයෙන් මතුවෙලා
ගුගුරවා අහස් තලයම
හැමතැනම හැමදෙයම 
කියන්නේ මේ ලෙසින්
"වැස්ස වැටෙන්නට ලඟයි"

Friday, 10 August 2012

...නැතහොත්...



අහෝ...,
උන් වැ‍ටුණු තැන්වලමයි,
කරමින් වුන් දේත් එලෙසමයි,
හැරිලා තියෙන්නේ සතර අපාය දෙසටමයි...
සසර පුරා ආවේත්,
දැන් යමින් සිටින්නෙත්,
ඉදිරියට යන්න වෙන්නෙත්,
මෙවන් ගමනකටම නෙවැ...
කෙසේද... ඉන් ගැලවෙන්නේ ?
ඉතා කුලුණු ගුණයෙන්,
සම්බුදු මුවින් වදාහල
උතුම් දහම් මගමයි යන්නට තියෙන්නේ...
නැතහොත් ආයෙමත් දුකටමයි...


Monday, 23 July 2012

..:: කෙලෙස ඉවසම්ද ::..


නොදැන උන්නානම් එදාමෙන්
නොදැනේ හදට දුක අද
ලංවුයේ ඇයි මෙලෙස මා හට
නවතින්න බැරි බවත් දැන දැනම
ලංවෙලා ඔබ මගේ ලොකේට
දුකම අරගෙන පලා යන විට
මගේ නොව බව දැනන් උන්නද
හඩයි සිත සඟවගෙන කදුලු කැට
උහුලන්නේ මහත් වෙර ගෙන
මම මගේ මුලු සවිය ගෙන
මම ඔබට ලංවෙලා මෙලෙසට
දුක් විදින කළ එක් පසෙක හිද මම
එහි අනෙක් පස හිද දුක් විදින විට
කෙසේ ඉවසයිද ඔබ
අස අසා මගේ හිත හඩයි
කිව නොහැක ඔබට මේ දුක
තනිව විදිනෙමි දුක් කදුලු මම
ඈත්ව යන්නට ඔබට ඉඩහැර
පතන්නේ එක දෙයයි මම
ලංනොවේවා කිසිවෙකුත් මෙලෙස මට
දුරස් වනවානම් කිසිකලෙක
සිතාගත්තෙමි අද දෙයක් මම
ලං නොවේවා කිසිකලෙක කිසිවෙකුට
හුදකලාවෙ සුව සොයමි මම
ලං උනොත් උරුම දුක දැක
සමිදු දෙසු කරුණු ගැන
නොදැන උන්නානම් ටිකක් හෝ මම
කෙලෙස ඉවසම්ද
මෙවන් මොහොතක....?


Sunday, 15 July 2012

ඇයි ඔබ



දහස් සිතුවිලි සගවගෙන ඔබ 
නොදොඩාම ඉන්නේ ඇයිදැයි
දන්නේ නෑ... මා තව දන්නේ නෑ....


කිසිවකුත් නොකියාම ඔබ 
දෙනෙත් බැල්මෙන් කියු දෙය ගැන
තේරුනේ නෑ... මට තේරුනේ නෑ...


මගේ දිවියට ලංවන්නේ ඔබ
ඇයිද යන්නට පිළිතුරක් තව
දන්නේ නෑ... මා දන්නේ නෑ

Monday, 18 June 2012

රුදුරු වන මැද-දු‍ටුව මල් කැකුල


වන සිව්පාවුන් පිරුණු
ක‍ටු පදුරු ගහණ
රුදුරු වන දහනක
දු‍ටුවා අසිරිය
සුපිපෙන සුන්දර
මල් කැකුලක
දිදුලන අසිරිය ඇතිමුත්
සැකයක් දැනුනා
විකසිත වේදැයි ඒ මල
විකසිත වූවත් ඒ මල
රුදුරු වනදහනේ
ලස්සන විහිදුනු ඒ මල
විස පුරවන බොහොමෙට
නියඟලා මලක්දැයි
නිකමට මෙන් මට සිතුණා

Sunday, 17 June 2012

අනියතයි සියලු දේ අනියතයි!!!


උබ මොකො මං මොකෝ  කිවත් එදා
අද නැතේ මතකෙවත් ඒ කී කතා
සොහොයුරන් සේ සිටියත් අපි එදා
මිතුදමත් ටිකෙන් ටික අද ගොලු වෙලා

ප්‍රිය අයම යයි ටිකෙන් ටික ඈතට වෙලා
මතක පමණක් මගේ ලග අද තනි වෙලා
වැඩ බහුල වී ඇත - දුවන තර‍ඟෙට වෙලා
දකින්නට හෝ කතාවට දැන් නැත වෙලා

අලුත් අය හමුවෙයි-පරණ අය වෙන්වෙලා
මතක පමණක් ටිකෙන් ටික ඉතිහාස ගතවෙලා
සොදුරු වූවත් අතිතය ටිකෙන් ටික ඈතට වෙලා
දකින්නට එක දෙයක් ඇත හිටියොත් බලා

හැම දෙන තරගෙට දුවයි මිරිඟුව සොයා
සමිදු දෙසු කරුණක් එනවා මතකෙට ගලා
"ඇල්ලුවොත් අනියත දෙයක් මමය මාගේ කියා
දුක පමණි උරුම වන්නේ ඒයයි සත්‍ය කියා..
අනියතයි සියලු දේ අනියතයි!!!

Friday, 18 May 2012

සරණම වටි හැමදින තුන් රුවණේ

ආශා පොදි බැදන් ආ සසර ගැන 
පාදා දෙනෙත් පෙන්වු බුදු සමිදු ගැන
පැහැදි ගුණ කඳ ගැන සිතමින්න
එක්කර දෙනෙත් වදිනෙමි බුදු සමිදුන්ට


සසරේ යන ගමන නවතන නුවණ දෙන
සිත සනසන්න මැනවින් හිමි දෙසු බණ
දරමින් වටිනාම දේ ලෙස සදහම් බණ
සිහිකර වදින්නෙමි සම්බුදු සමිද දෙසු බණ


සම්බුදු සමිදු දෙසු දහමම නිරතුරු දරමින්න
නිවනට යන්න හැම බැදුමන් අත හැරිමින්න
කසාවතින් සැරසි සිරි සදහම් පද මතු කරන
නිරතුරු වදින්නෙමි ලොව්තුරු සඟ රුවන


වෙන කිසි දෙයක් නැත වටින්නේ
ගුණ කඳ නිරතුරා පවතින්නේ
වටිනා දෙයක් ලෙස ‍රැක ගත යුතුනේ
සරණම වටි හැමදින තුන් රුවණේ

Tuesday, 8 May 2012

අහෝ අහෝ මේ මොකද...?


වෙසක් කල පැමිණුනා
සුදුවතින් සැරසිලා
ලස්සනට හැඩවෙලා
කලබලෙන් කොහෙද මේ දුවයනා....

අනේ අනේ දන්නැද්ද
හන්දියේ දන්සලක්
අපේ කට්ටිය එනවා තව
පොලිමට සෙට් වෙන්න දුවනවා

අහෝ අහෝ මේ මොකද
බොදුදනන් මේ මොකද
සමිදු දෙසු වදන් දැන්
මතකයට එන්නැද්ද

අනේ අනේ අද නෙවෙද
නිකන් කන්නට බොන්න දෙන්නේ
අපේ අය පොරකකා
පොලිමට සෙට් වෙලා

දවල් තිස්සෙ දන්සල් ගානේ
කකා බිබි ඇවිදිනා
හවස් වෙන විට කට්ටියම
තොරන් සිරි බලයි රටවටා

වෙසක් තොරණක් තිබුණි
පුරසිද්ද නගරයක
පෙර ඇසුනු කවි සද්ද
තොරලග දැන් නැනේ...
තොරණ වට කරන්
වෙලද සැල් පිරී ඇත
ඒ විතරක්  යෑ....
මාරක ලිදක් ඇත එක් පසෙක
අනෙක් පස මැජික් පෙන්වනවාලු
හැමතැනම විනෝදෙට සැණකෙළි
වෙළද උයනක් ලෙස පෙනේ...

විනෝදය  නරක නැත
එත් තොරණ මැද මෙය හොදද
සිතුණි මට එතැනදිම
අපට වෙන මහ විපත

පොහො දින සිල්වත්ව හිදිමින්
පසු දිනේ මේ හැමත් කරමින්
උතුම් සිහල බොදුවන් ලෙසින්
ඉන්න අදිටන් කරමු එක සිතින්

දුකට හිත තුල නැගුනු
මේ සිතුම් මට සිතුනු
නොගැටි කිසි ලෙසකිනු
ඇත්තදැන් සිතමු
මැදිසිතින් ඉපදුනු

Tuesday, 24 April 2012

එත්...



කවි ලියන මගේ කවි හිත
ටිකෙන් ටික දැන් කො‍ටුවෙලා
ලියන්නට දහස් දේ දැක දැකම
ඔබ ගැන ලියන්නට කවි ගොතා
සිතට සිතුවිලි ගලා එනවා
වාන් දමනා වැව් නියා

එහෙත් මා සිතට කිවා
ඔබ මගේ නොව
වෙනකෙනෙකුගෙ කියා
සිතට බැරිලූ පිලිගන්න එය
සිත කියනවා මට නිරතුරා

ඔබ දෙසින් මා බලා උන්නා
තු‍ටු වෙමින් දුර ඈතට වෙලා
එත් දැන් ඔබේ රුව යයි
ටිකෙන් ටික මගේ නෙත් මායිම් කඩා
ඒත් මා සිත දන්නේ නෑ එය අද වනතුරා

කෙලෙස කිවන්නද ඔබට මේ ගැන
කිය කියා මා සිත දුක් වෙලා
කිසිදෙයක් නැත ලොවෙ තිබෙනා
මගේ යැයි හිනෙකින්වත් නවතිනා

එත්,
කොහේ හෝ ඇත සත්‍යම මතුවෙනා...

Tuesday, 10 April 2012

සොදුරු.....?


සොදුරු මොහොතක
සොදුරු අයුරින්
මුනගැසුණු දා

සොදුරු වදනින්
සොදුරු ඔවදන්
දුන් සදා

සොදුරු කාලය
සොදුරු අයුරින්
ගෙවුනු දා

සොදුරු හැමදෙය
රුදුරු අයුරින්
වෙනස් වී යනෙන දා

සොදුරු මතකය
රුදුරු අයුරින්
ඈතක ගියා

සොදුරු ඒ හැම
සොදුරු ලෙසටම
අතිතය තුල නැවතිලා

සොදුරු දිවියට
රුදුරු ලෙසටම
තිත තැබුව දා

සොදුරු වදනින්
සොදුරු උපදෙස්
සිහිවෙයි නිතිපතා

සොදුරු ලෝකය
රුදුරු අයුරින්
වෙනස්වී යනෙන දා
සොදුරු මුනිදුගේ
සොදුරු දහමම
සිහිවෙයි නිතියෙන් සදා....

Thursday, 5 April 2012

මහද දිනු


මා වෙත ප්‍රෙමය වපුරාලූ
සෙනෙහසින් මගේ ලොව නැහැවූ
ආදරණීයම උණුසුම ලබාදුන්
මහද දිනු එකම කත
ඔබමයි.....

මගේ ලොවට ආ
දහස් දෙන අතරින්
මගේ සිතට ආදරය පොවාලු
කරුණා හදින් මා වෙත නෙත් යොමාලු
මහද දිනු එකම ලිය
ඔබමයි.....

දෙන්නට මාහට
දහසකුත් දේ ඔබ සතු නොවන මුත්
මා හට දිය යුතු
වටිනාම සම්පත් මා වෙත ලබාදුන්
මගේ දිවිය ජය ටැඹ වෙත යොමු කරාලූ
මහද දිනු එකම සොදුරු රුව
ඔබමයි.....

මගේ නෙතින් ලොව දකිද්දිම
මගේ නෙත් අභියස සිටි
මගේ කණ වැකි මුල්ම රාවය පිටකල
මා හට දැනුනු සොදුරු පහස දුන්
මා හට උණුසුම සෙනෙහස සමග
වටිනාම පෝෂණය සදාලූ
මහද දිනු මගේ ජිවිතය
ඔබමයි.....
මගේම ආදර අම්මේ......

Thursday, 29 March 2012

වැහි පිරි සැදෑව.....

වටින්ම කලුවර කරගෙන
අහස පුරා කලුපාට
වැහි වලාකුලු පිරිලා
පොද වැහි බිඳු එක එක වැටෙනවා
ඒ විතරක් යැ
එක පාරටම පුදුම සැරට
එලියක් වැටිලා
මහා අකුණු පුපුරනවා
කරන්නට ඇති කිසිවක් නොකරම
කාලය අකුණු සැර වදින වේගෙට
ගෙවිලා යනවානේ...
අහෝ මේ සැදෑවත්
වැස්සෙම සේදී යාවිද ???

Monday, 26 March 2012

ගිනිකූර


උදව්වක් සොයමින්
කෙනෙක් එනතෙක්ම
ඉන්නේ නිහඬව සැඟවිලා
කටයුත්ත කරගැන්ම
උවමනා වන විටදි
ඉදිරියට පැමිණෙන්නේ නොපැකිලිලා
උවමනා දේ අවැසි සේ
ඉ‍ටුකරන නිසිලෙසට
කලයුත්ත නිමාකල විගසකින්
තමන් වෙත කිසි දෙයක් නොපතනා
කලයුත්ත කලපසුව
නැවත එහි නො‍රැදිලා
උදව් ලැබු කෙනා
දුර ඈත විසිකලද
කොහේ මුල්ලට දැමුවද
මේ සියල් දේ එක ලෙසින්
කිසි වෙනසක් නැතිවම
ඉවසන්නේ ගිනිකූර.....

Saturday, 24 March 2012

මම

මම කියා වදනකින්
සසර ගමනට ඇදෙන
තණ්හාව ඇතිවෙලා
මම ය යන සිතුවිල්ල 
ලෝක දුක හදනවා
මට තිබෙන හැමදෙයම
මම ම ලෙස හිත හිතා
මගේ ලොව මම තුලින් ඉපදිලා
ඇසද පෙනෙනා රුවද 
මම ම ලෙස අල්ලගෙන
කනද නාසය දිවද
මම ලෙසට ‍රැවටිලා
සරසන්න වෙහෙසෙමින් 
නිසරු කය මම ලෙසට හිතෙනවා
සිතද අරමුණු සමග
මගේ ලොවම කො‍ටු වෙලා
මම වෙනුවෙන්ම මම ‍රැකගන්න
මගෙ ලොව තනනවා
මම ම ලොක්කා ලෙස සිතන්
මම ම මතුකරගන්න වෙහෙසෙනා
මම ලෙසින් හැම දෙයම අල්ලගෙන
මගේ කරගන්න සියලු දෙය
සිතක සිතුවිලි හැදෙනවා
හැම තැනම තියෙන හැම දෙයම
මට කැමති සේ තබන්නට
හැම දෙයම කරනවා
මම නිසා ලෝභ සිත් ඉපදිලා
මම කරන හැමදෙයම 
හරිම යයි සිත සිතා
මගේ ලොව තනන්නට
මම ම ලෙස මායාවේ පැටලිලා
මම ම යන්නෙන් මිදුණු
ගොයුම් හිමි දෙසූ බණ
නො අසන්න කිසි කලෙක
මම ම ගැන මේ ලෙසින් 
දැනගන්නේ කෙලෙසකද
මම ම ගැන අදුනගෙන
මම ම ජයගන්න-මම ම තරග කරනවා
මම නිසා විදින දුක
මම ම වෙහෙසිලා දුරලන්න
මම ම නුවණැස උපදවා
මම තුලින් මිදෙන්නට
මම වෙර වඩන්නට සිදුවෙනා


Thursday, 22 March 2012

ඔබ දුරක ගිහින්....


සිහිවෙන විට එදින මට
උනනවා කදුලු තෙත් කරමින් නෙතග
බොහො කල් සිට
ලගින් උන් ඔබ සෙනෙහසින්
දැනුනෙ මට ඔබේ අරුමය
ගිය විටදි ඔබ ඈතට මගෙන්
එදවස මගේ හද නැගි
දුක් සෝ සුසුම්
නොහැකිව අතරින්න ඔබ මගෙන්
නොහඩා හැඩුවා මා දෙනෙත්
කඩා වැ‍ටුනු මා සිත
සනහන්න
මිතුරන් දැරූ තැත කොතෙක් උවත්
මගේ සිත බැදි ඔබේ මතකය
අත් හැර නොහැකිවම
එදවස සිටියේ මා උමතුවෙන්
කරන්නට දහසකුත් දේ
තිබුනද පිරී මා හට ඔබ යනෙන දා
කෙලෙසක කරන්නද කිසි වැඩක්
සිතට සැනසුමක් ලග නැති නිසා
ටිකෙන් ටික දින සතිද ගෙවිලා
මගේ සිත දැන් ටිකක් හැදිලා
කොතෙක් සතුටින් සිටිය හැකිමුත්
ඔබේ මතකය සිහිවෙමින්
මගේ හදවත පාරවයි තව
දුරක ඉන්නා ඔබේ රුව
මගේ මතකයේ නිති ඇදෙයි

Monday, 19 March 2012

ඇයිදෝ....


දකින දහසක් දෙනෙත් අතරේ
සිහිවෙන්නේ ඔබේ නෙතම පමණක්
කිම කියා නොදනිම් දෙනෙත් මාගේ...
ඇසෙන නොයෙකුත් වදන් හමුවේ
‍රැව් දෙන්නේ ඔබ හඩම පමණක්
කිම කියා නොදනිම් සවන්...
හිතන්නට දහසකුත් දසත ඇතිමුත්
හිතන්නේ ඔබ ගැනම පමණක්
උමතුවෙන් දැයි නොදනිම් මෙමා...
සිනාසෙන ඔබේ මුව මඩල නිරතුරු
මැවි මැවී පෙනෙන්නේ ඇයිදැයි කියා
නොහැගේය තවමත් අසරණයි මා...
තනිව ගෙවෙනා මගේ දිවියම
එකම එක රුවකින්ම පමණක්
කිම මෙසේ සිරවෙලා...?

Tuesday, 13 March 2012

අතිතය සිහිනයක්




යනෙන විට තැනින් තැන
ඔබ සමග ගිය සොදුරු තැන්
සිත මගෙන් අසනවා...
අතිතය සිහිනයක් විලසකින්
මැවි මැවී පෙනෙනවා...
ටිකෙන් ටික අතිතය
දෙනෙත් ලග ඇදෙනවා...
මා සමග එදා ඔබ
උන්නු කාලය
මතකයට නැගෙනවා...
ඔබේ ලොව හැම දෙයම
කොදුරමින් මා හටම
කිවූ යුරු ඇසෙනවා...
වෙන්ව ගිය ඔබේ මතකය
නැවත මතු වෙලා අද
ඔබ කොහිද සිතෙනවා...
බොහෝ කල් ලගින් හිටි
මගෙ පාලුව මැකූ ඔබ
නොවටිනා කරුණකින්
වෙන්න ගිය අයුරු
මතකයෙන් මතුවෙලා
‍රැව් දිදී නැගෙන විට
මගේ නෙතු තෙමෙනවා...
මගෙ ලග නැතත් ඔබ
කොහෙ හෝ සිටින තැන
තු‍ටු සිතින් යහපතින්
ඇතැයි සිත කියනවා....


Friday, 9 March 2012

ඔබ


අහම්බෙන් මෙන් ලංවෙලා
මා සමග ටික ටික එක්වෙලා
මසක් පමණකි ඔබ හමුවෙලා
නමුත් ටික ටික ඔබ මගේ වෙලා

මගේ මතකෙට රිංගලා
මගේ ලෝකය ඔබ වෙලා
දවස තිස්සෙම තනිය මකනා
ඔබ ටිකෙන් ටික මගේ වෙලා

ගෙවෙන හැමවිට ඔබව සිහිවෙයි
මගේ ලග ඔබ වැඩ දමයි
පැය ගණන් ඔබ වෙතට ගයි
මගේ පාලුව ඔබ මකයි

මාස ගාණේ ගෙවෙන විට
ටිකෙන් ටික ඔබ මගේ වෙයි
ඔබව මගේ බව මට සිතෙයි
ඔබ මටම උරුමවෙයි

ඔබව නිරතුරු මගේ ඇසුරේ
තබන්නනට මට සිත් ඇතේ
වෙනත් කෙනෙකුට ඔබව දෙන්නට
මගේ හිත ඉඩ නොදෙයි

මගේ සිහිනය නිරතුරා
ඔබව මගේ වෙනතුරා
මගේ උදව්වට සෑමදා
ලගින් ඉන්නට එනවද මගෙ .........

Thursday, 1 March 2012

කදුලු බිදු

සතු‍ටු සිත ඔද වැඩි
කුල්මත්ව සිටින විට
දෙනෙත පිරී ඉතිරෙනා...
යහලුවන් එක්වෙලා
විහිලුවෙන් සිනාසෙන විටදි
දෙනෙත පිරී ඉතිරෙනා...
සිතට දුකින් පිරි
කළකිරී සිටිනා
දෙනෙත පිරී ඉතිරෙනා...
දුකක් දොම්නසක් ඇතිවෙලා
සිත තනිවෙනා විට
දෙනෙත පිරී ඉතිරෙනා...
දුකට සතුටට හැමගේ
සිතෙහි ඇති හැගුම් පිට කරන
දෙනෙත පිරී ඉතිරෙනා...
සයුරු ජල කදම පරදන
සසර තුල හෙලන ලද
දෙනෙත පිරී ඉතිරෙනා...
ලොවේ හැමදෙනා තුල තියෙන
හැගුම් පිටකරන මග
දෙනෙත පිරී ඉතිරෙනා...
මුතු ඇටයි..... 
කදුලු බිදු....
කදුලු බිදු....

Monday, 27 February 2012

අකල් වැසි


නෙතු පියන් වලට පෙනෙන ඉසව්වේ
නෙත් යොමන යොමන දෙස
අහස් කුස සීමා මායිම් නැතිව
අදුරු වළා දරාගෙන
ලොවම එළිය කල-මහා හිරු වසාගෙන
අකල් වැසි පතිත වේදෝ....
සීමා මායිම් කඩාගෙන
ඇල දොල ගංගා වැව් තල
උතුරා යාවිද.....
මඩ දියේ මඩ තලාගෙන
වෙහෙස වී සදාගත්
ගොයම යටවී
දෑස් කදුලින් බර කරාවීද....
අදුරු පටලින් දිවි වසාගෙන
මගේ ගේ පැල ගිනි ගනීවිද....?
අකල් වැසි සමග දුක් ගිනි
පතිත වේවිද....?

Friday, 17 February 2012

කිම්දෝ


සුවද විහිදෙන-රොන් පිරී ඇති
සුපිපි මල් තියෙන තැන් වෙත
බිගුන් එති ගුමු ගුමු නදින් ‍රැව් දිදි...
උන්ගේ මුවගේ තුඩකි රොන් උරා බොන
නමුදු විසපිරි බඹර තුඩගින්
රොන් උරන විට
ඒ මල් වෙත කිම්දෝ විස මුස නොවන්නේ...

Sunday, 5 February 2012

සිතක සිතුම්


ගෙවෙන මොහොතක් ගානේ
දහස් ගණනින් මතුව එන
වෙනස් වන එකක් ගානේ
සිතේ මතුවන සිතුම්-කොතෙක් වේදෝ
විටෙක යහමගින් දුවන අරමුණු
දහස් වර නොව වාර කෝටියක්
වරද පසුපස දුවන අරමුණු
සිතට නැගෙනා දහස් සිතුවිලි
අතර කෙතරම් මුලා වෙයිද
අප හැම......
දකින දසුන් වෙතට දිව යන
අසන දේ පසුපසින් යන
නතර  නොවනා ගමන් යන
සිතක කෙතරම් සිතුම් ඇතිදෝ
දුවන මේ සිත
නවතාගන්න හැකිනම්
සතුට සැනසීම ඇතිවී
සුවෙන් සිටිනට හැකි නොවේවිද????

Tuesday, 31 January 2012

අන්ධකාරය


දුවයි සිත දස දෙසේ
අරමුණක් නැත
කුමක් කරන්ටද
කාගෙන් අසන්දෝ මා....
යනෙන හැම තැන
දකින හැම දෙය
කියන අසනා හැම දේ
අතර හරි වැ‍රැදී දේ
වෙන් කරන්නේ කෙලෙසකින් මා...
යා යුත්තේ කොයිබදෝ
යා හැක්කේ කොයිබදෝ
සොයා ගන්නට නොහැකි ලෙස
අන්ධකාරයේ අතරමන් වී ඇත
අන්ධයෙකු සේ මා....

Friday, 20 January 2012

සත්‍යය


සොදුරු යැයි ලෝ තලය
බොහෝ දන සිතා සිටියද
අනේ මේ ලොවේ සැම තැන
දුකයි පිරිලා ඇත්තේ වැඩිපුර

ප්‍රිය දනන් යයි ටිකෙන් ටික දුරටම
අප්‍රියයන්ය එන්නේ ළගටම
දුකක් නොවෙදෝ
මෙයයි සත්‍යය

උපත ලබනා සියල් දන හට
ලෙඩයි උරුමය අරුම ලෙසටම
ටිකෙන් ටික වයස යන විට
භියයි එන්නේ මරණේ අත ළග
මෙයයි සත්‍යය දුකක උරුමය

සැප සතුට තිබෙන හැම විට
දුකක් එනවා නොසිතු විලසට
දුකින් ගැලවෙන්න සතහට
නොහැකි වේමය සිතු පමණට

දුදන දන ලෙස ඇයි මුලාවී
දුකට යන මග සකසන්නේ හැමවිට
යන්න මග වේ සැපත ලැබුමට
සම්බුදු සමිදු දෙසු දහම හැමකල...

මල් අසුන


පිපුණු මල් ගෙන තබා ඔබ මතේ...
මුනිදු පුදදෙයි නිරතුරා...
මුනිදු පුදනා මල් රකින්නට
නිතර ඔබ වෙහෙසුනා...
පිපුණු මල් පරව යන විට
සුවද ටික ටික වියැකුණා...
පරවූ මල් විසිකරන දන
පිපුණු මල් ඔබ මතේ ඇතිරුවා...
පරවූ මල් ගෙන ඉවත යන විට
නෙතේ නැතිවට,
සිතින් ඔබ තනිව හැඩුවා....

Wednesday, 18 January 2012

අම්මා,

සොදුරු ලෝ තලය මත
 ඇති නොයෙක් කම්කටලු
 උසුලනා
 මගේ ආදර අම්මා, 
නොයෙක් දුක් ගැහැට විදින නුඹ
 සිනාසෙයි
දරුවන්ගේ මුවග නැගි සිනා දැක, 
නුඹේ කදුලැලි සැගවුනේ ඇයි 
දරුවන්ගේ සැප සතු‍ටු සදනට 
මගේ ආදර අම්මේ.... 
තම දිවියද පරදුවට තියා 
වෙහෙස වන්නේ නුඹ 
දරුවනගේ ලොව එළිය කරනට නොවැ..., 
එහෙව් නුඹගේ වෙහෙස ගැන 
නොහැගුනේ ඇයි අපට.....
 නමුත් වෙහෙස විය යුතුමයි 
නුඹේ මුවගේ මෙන්ම 
සිතෙහිද.... 
සදා සැනසුම ලබා දෙන්නට.........

Thursday, 29 December 2011

රැකවරණය සදා ගමු


තිබිරිගෙය තුලින් උපත ලැබ-මෙලොවට පැමිණ ,
සොහොන්ගෙය තුලට ගොස්-මෙලොවින් චුතව යන අප,
මේ ගමන කෙලෙවරයි කියා විටෙක සිතුවද,
නොමැත නැවතුමක් මේ සසර ගමනේ,
එක් දිවියක නිමාවක් වූවද මෙලෙස....
කෙලෙසක නම් නිමාවන්නද
මේ භයානක සසර ගමන,
සම්බුදු සමිදු දෙසණ ලද
දහමට අනුව නොහැසිර
ප්‍රමාදි බව තුලම සිටිත් නම්......
ඒ නිසා,
වෙර වඩා දහමට දිවි පුදා
ගෞතම සම්බුදු සසුන තුලම
රැකවරණය සදා ගමු අපිත්
අප්‍රමාදීව.....