සොදුරු යැයි ලෝ තලය
බොහෝ දන සිතා සිටියද
අනේ මේ ලොවේ සැම තැන
දුකයි පිරිලා ඇත්තේ වැඩිපුර
ප්‍රිය දනන් යයි ටිකෙන් ටික දුරටම
අප්‍රියයන්ය එන්නේ ළගටම
දුකක් නොවෙදෝ
මෙයයි සත්‍යය
උපත ලබනා සියල් දන හට
ලෙඩයි උරුමය අරුම ලෙසටම
ටිකෙන් ටික වයස යන විට
භියයි එන්නේ මරණේ අත ළග
මෙයයි සත්‍යය දුකක උරුමය
සැප සතුට තිබෙන හැම විට
දුකක් එනවා නොසිතු විලසට
දුකින් ගැලවෙන්න සතහට
නොහැකි වේමය සිතු පමණට
දුදන දන ලෙස ඇයි මුලාවී
දුකට යන මග සකසන්නේ හැමවිට
යන්න මග වේ සැපත ලැබුමට
සම්බුදු සමිදු දෙසු දහම හැමකල...
No comments:
Post a Comment
ඔබේ අදහසත් ලියා යන්න