වියපත් ගතින්
සවිමත් සිතින්
යනෙනා මගින්
දෙදෙනා ලගින්
දුටුවා දසුන්
බසයෙ ඉදන්
ගේ දොර බලන්
යනවා ඔවුන්
පණ සෙ අපෙ දරුවන් සැදුවා
ඇස් දෙක වගෙ උන් රැකුවා
ලේ ටික කිරි සේ මුව තැබුවා
ලොකුවන තුරා ලඟ හිටියා
ටික ටික ලොකු වෙලා දෙපයින් යනවා
පාසල් ගොසින් ඉගෙනුම ලැබ එනවා
වෙහෙසක් නොම බලා උන් රැකුවා
උන් ජය ගන්න ඒ මග සරි කෙරුවා
හැම ජය ලබා උන් පෙරටම යනවා
අප හැර දමා උන් වෙනතක යනවා
අප තනි වෙලා උන් ගැන සිහිවෙනවා
දරු සෙනෙහසින් හදවත පෑරෙනවා
කල් යල් ගෙවි දරුවන් සිහිපත් වෙනවා
දරුවන් බලන්නට නෙත් දෙක නලියනවා
මතකය ඇවිත් මැවි මැවි උන් දිස්වෙනවා
උන්ගේ වදන් ආයෙත් රැව් පිලිරැව් දෙනවා
වැඩකටයුටතුත් දරුවන් හට බොහොම
උන්ගේ දරුවනුත් දැන් ලොකු මහත
බඩකට රකින්නට ගතයුතු වෙහෙස
අපි යමු බලන්නට සැපදුක් කොහොම
දරුවන් බලා යලි එන්නට හිතට බැරි
අපි හිටියොතින් කරදරයි උන්ට හරි
යමු අපි යලිත් අපගේ පැලට හැරි
ලොව ජයගනිව් දරුවනි සැපත පිරි
බසයෙදි දුටුවා මව්පිය දෙදෙනෙකු වයස
ලග හිදගෙනයි ආවේ නොබලා වෙහෙස
දෙන්නම හිටියේ පිරිලයි සතුටින් මනස
දුටු දෙදෙනා නිසා සිතුනයි මේ වෙනස
No comments:
Post a Comment
ඔබේ අදහසත් ලියා යන්න