සිත තැන තැනට තාමත් දිව යනවා
එක් තැනකදි එය යලි නවතිනවා
දුටු දසුනකින් මැවි මැවි පෙන්වනවා
සිතුවිල්ලකට මේ හැම එක් වෙනවා
සවනට හඩක් මතුවී රැව්දෙනවා
කී වදනකට යලි යලි සිත්යනවා
රස පහසකින් දිව පිනවෙනවා
ලග නැති වුවත් ලංවී දැනවෙනවා
හැම දේ තුලම ආශාවන් මතුවෙනවා
මම මගේ යැයි හැගුමන් ඇතිවෙනවා
ලං කරගන්න සැම දෙන දත කනවා
නුවණැස හැමගේ මින් වැනසෙනවා
කරනා දෙයක හොද නරකත් නොපෙනෙනවා
නපුරක් හොද ලෙසින් හොද නපුරකට යනවා
පුහුදුන් මොඩයින් මෙහි මුලසුන වැජඹෙනවා
නුවැණැති අයට මොඩයින් ලෙස සලකනවා
ටික ටික වෙනස් වී ලෝකය වැනසෙනවා
වැසි කල ඉරි තලා නියඟය රජවෙනවා
පායන කලට මහා වැස්සට හැම යටවෙනවා
මිනිසුන් නිසා මිනිසත් ගුණ යටයනවා
කලයුතු යමක් නැත තම තම ගුණවත් වීම හැර
බල බල ඉදීමෙන් පල නැත කල් යාම හැර
ටික ටික වුවත් ගුණ දහමට ඉඩ දිම හැර
කාටත් යමක් කල හැකි නැත සැනසීම හැර
No comments:
Post a Comment
ඔබේ අදහසත් ලියා යන්න