මගේ තැන...............................

මගේ තැන...............................

Thursday, 17 July 2014

‍රැදුනාද සිනා...

ඔබ ලඟම ඉදන්
ගෙන ආව සුසුම්
හද වෙතට පැමිණ
පුරවාවි හිතම

යළි නො එන වඟත්
කිවාද කෙලෙස
කන් පුරා ‍රැදුණු
ඒ වදන් තවම
රිදවාවි හදම

හිත පුරා ‍රැදුණු
දුක නිමක් නොමැති
නෙතු වෙතට පැමිණ
ගැලුවාලු නිතර

ගැලුවාම කඳුලු
නෙත පුරා නිතර
නුඹෙ දෙතොල ලඟම
‍රැදුනාද සිනා...

Saturday, 5 July 2014

වදිනෙමි සතුටින්

සුදු බඳ දිලෙනා සෑය වදින්නේ
රන් කොත දිදුළන සෑය වදින්නේ
ගැමුණු නිරිඳු කල සෑය වදින්නේ
ගෞතම සසුනේ මහ සෑය වදින්නේ

ඔලූ නෙලුම් මානෙල් සෑයටයි පුදන්නේ
පොල් තෙල් පහනින් සෑ රදුන් පුදන්නේ
සුවඳ දුමින් කිරි අහරින් අපි පුද දෙන්නේ
සිසිල් පැනුත් පුදලයි අපි සෑය වදින්නේ

උඩ මළුවෙදී මහ බෝ සමිඳු වදින්නේ
බෝ රජුගේ අසිරිය මට සිහි වෙන්නේ
දඹදිව හා ලක්දිව බෝ රජුට පුදන්නේ
ඒ මහ බෝ රජු අපි දැන් නමදින්නේ

දඹදිව හටගත් අසිරිය මහ බෝ රජුනේ
ලක්දිව වැඩියේ විස්කම් පෑ බෝ රජුනේ
සතියත් දෙව්ලොව පිදුමන් ලැබූ බෝ රජුනේ
පිච්ච මලින් පුද දුන්නා පින්වත් බෝ රජුනේ

මුනිදුගේ ශ්‍රි මුඛයේ සුවසේ වැඩ උන්නේ
දෙසු දහම් කඳ පහසයි නිරතුරු ලැබුනේ
ඛේම හිමියි දැවෙනා සෑයෙන් ගැනුනේ
කළිඟු පුරයි මුනි දළදා නිසි පුද ලැබුනේ

දන්ත කුමරු හේමමාලි හා ලක්දිව එන්නේ
සිරි දළදාවයි දැන් ලක්දිව වැඩමා එන්නේ
රජ මැති නිරතුරු සතුටින් පුද දී ‍රැක ගන්නේ
වම් දළදා සමිදුයි අපි දැන් මේ පුද දෙන්නේ



Saturday, 28 June 2014

ආයෙත්......

තනිකමේ අපුරුව ආයෙත් දැනුනා
තනිකම ආයෙත් මා වෙත ඇදුණා
සුන්දර සිතුවිලි සිත වෙත පිරුණා
මා හද නිසලව ආයෙත් දිලුණා

කරදර ටික ටික අඩුවණු දැනුණා
සිත් මල විකසිත වනු මට දැනුණා
මතකය නිහඩව හැමතැන ඇදුණා
මිහිරිව මට මගේ ලොව පෙනුණා

නිල් දිය මා ගත දාහය නිවුණා
මල් වල සුවදින් ගත සිත පිරුණා
ගීයක මිහිරිය සවනත වැදුණා
ආයෙම සුවබර සිතුවිලි සිතුණා

Saturday, 14 June 2014

සඳවතිය මට ලං වුණා....

තනි තරුව වෙත පෙම්කලා
සඳවතිය මට ලං වුණා
හඳ සෝ සුසුම් වැල් ගලා
නැවත මා තනි වුණා
මා තනි වුණා....

දුර යනෙන ගමනක් අරඹලා
ලඟ උන්නු අය අමතක් වෙලා
යන මඟක ඇයි හමුවෙලා
සිනා නොමැතිව ඈතට වෙලා

කඳුලූ කැට එක දෙක ගලා
ජිවිතය ඇත අමතක් වෙලා
ජිවිතය දුන් අය ඈතක දමා
යන්න යනවලු වෙනතක් බලා

Wednesday, 4 June 2014

පොසොගේ සඳ

පොසොගේ සඳ එළිය ටික ටික නැඟ එන්න
අඹතලයට උඩින් පුන් සඳ අහසේ දිදු ලන්න
බුදු හිමි දෙසුව දම් කඳ ආයෙත් පිළි ‍රැව් දෙන්න
සුවපත් සිතින් දම් මග යළි යළිත් පෙරටම යන්න

සිත් ‍රැදි දුක් සුසුම් මොහොතක් අමතක වන්න
බණ පද එකින් එක සිහි නුවණින් විමසන්න
නිරයට යැවෙන සිත නිවනට යොමු වන්න
සිහිහෙන් ඇවිත් පෝදා සිල්පද ‍රැක ගන්න

සුදුවත් ඇදන් පිරිසිදු සිත එක්ක
වරදට යොමුව පිරිහෙන සිත එක්ක
සැඟවුනු මුදු ගුණ මතුවන සිත එක්ක
සිත සනසමු අපි බුදු දහමත් එක්ක

මුණි සම්බුදු දෙසු ලොවුතුරු දම් අසලා
සිත සනසන දම් දැනගෙන හිත නිවලා
යන සසරක බිය මුසුබව නිති දැකලා
සිත සනසමු දම් මඟයමු සිල් ‍රැකලා

Monday, 21 April 2014

සිතා බැලුවොත් විමසිලි කරලා

කලබල නැතිව බැලුවොත් ආපසු හැරිලා
හැමතැන වෙනස් වී ඇති බව නෙත වැදිලා
ටිකකට සිතා බැලුවොත් විමසිලි කරලා
අපිටම සිතේ අපි  ඉන්නේ කොහේ කියලා

අවුරුදු සිරිය විත් අතමිට හිස් කරලා
නෑදෑ හිතවතුන් රහමෙර රස විදලා
හිතවත්කම් බිඳි තරහව ඇවිදිල්ලා
සිදුවූ දේ දැනෙද දැන් වැරදිය කියලා

වසරක් වෙහෙස වී ගත දහදිය හෙලලා
උපයාගත් මුදල දිනයක වියදම් කරලා
ඉන්පසු ලොවට ණයවී දින දින ගෙවලා
ඉන්නේ ඇයිද තාමත් මෝඩයෝ වීලා

වියපත් අපේ වැඩිහිටියන් මා පිය වැදලා
අහගනු හොදයි කොහොමද අවුරුදු කියලා
දැන් දැන් අලුත් දේ හොදහැටි ඔපකරලා
වටිනාකමක් වේද අප දැන් ‍රැවටීලා

අවුරුදු සිරිත් වුව දැන් දැන් මොඩ් වීලා
කරනා කිසිම දෙය අරුතින් සුන් වීලා
අවුරුදු ක්‍රිඩාව වලපල්ලට දමලා
දැන් දැන් අනේ මොනවද රටකට වීලා

Thursday, 10 April 2014

ඔබ හිත මවෙත නම් මා වෙත පැමිනෙන්න...

දු‍ටු දා ඉදන් සිත බැදුනා ඇයි              මංදා
බැලු දා ඉදන් නෙත ඔබ වෙත උනි   රන්දා
යන යන තැනදි ඔබ මතකෙට එයි  කැන්දා
හිත දුක පිරේ ඔබ හට නොදැනුනු    හින්දා

මට විතරක්ද මේ සෙනෙහස ඇති   දැනිලා
ඔබ හට නොමැතිදෝ එය හිත තුල  වැදිලා
කිසි දින නොමැතිදෝ ඔබ ඒ ගැන  සිතලා
බැරි වද හිතන්නට ටිකකට හිත   යොමලා

දකිනට පෙරුම් පුරනව නෙත ඔබේ මුහුණ
අසනට පෙරුම් පුරනව කන ඔබේ    වදන
වදිනට පෙරුම් පුරනව    ගත ඔබේ  පවන
හිදිනට පෙරුම් පුරනව මා ඔබෙ    සෙවන

ඔබ හිත වෙනකෙකුට නම් එය    පවසන්න
ඔබ හිත ඉඩක් මට නැතිනම් එය  පවසන්න
ඔබ හට සැකක් ඇතිනම් එය       විමසන්න
ඔබ හිත මවෙත නම් මා වෙත  පැමිනෙන්න

Sunday, 6 April 2014

මුහුණ දකින්නයි.....

මෙතුවක් කල් මා බලාන උන්නේ
සෙනෙහස සපිරුණු - ආදරේ උතුරන
මුහුණ දකින්නයි ....
ඔබගේ මුහුණ දකින්නයි

අදුරු කුටිය තුල මා ‍රැදුනා
කිසිම දෙයක් මට නොම පෙනුනා
සෙනෙහස පමණක් මට දැනුණා
මා සුරකින බව නිති දැනුනා

මෙතුවක් කල් මා ....

කන බොන දේ ගුණ බැලුවා
යන එන තැන් ඔබ ‍රැකුණා
මා ‍රැකගන්නට නිති සිතුවා
ආදර සෙනෙහස මට පිදුවා

මෙතුවක් කල් මා ....

Saturday, 29 March 2014

සාදු සාදු අපි මුනි සිරිපතුල වදින්නේ

සුමන සමන් දෙව් ඇරයුම පිළිගන්නේ
බුදුසමිදුන් සමනොළ කදු සිරස වඩින්නේ
වම් සිරිපා සමනොළ ගිරි හිස පිහිටන්නේ
අපිත් ගොසින් බැතියෙන් සිරි පාද පුදන්නේ

කදු පාමුලදිම අප තෙරුවන් නමදින්නේ
වැඩ සිටිනා දෙවියන් හට පින් පමුනන්නේ
සිරිපා කරුණා කෙරුමට අපි එක්වන්නේ
සාදු සාදු ගෞතම මුනි සිරි පතුල වදින්නේ

සීත ගඟුල වෙතටයි අපි දැන් ලං වෙන්නේ
සීත දියෙන් නාලා පිරුවට අඳිමින්නේ
සීත ගඟුල ලඟ සැඳැහෙන් පහන් පුදන්නේ
මුනි සිරිපා නමදින්ටයි හිමේ නගින්නේ

ඉදික‍ටු පානෙදි ඉඳික‍ටු නූල් පුදන්නේ
හැරමිටි පුදලා අපහසු බව බිඳිමින්නේ
ඉදික‍ටු එල්ලා කොඩුවේ යන සම එන්නේ
මුනි සිරිපා නමදින්ටයි අපි දැන් යන්නේ

අහස් ගව්ව සිත බැතියෙන් පසු කරමින්නේ
මහගිරි දබ හෙමි හෙමිහිට නැගගෙන යන්නේ
උඩ මලුවට අප නඩ දැන් ලං ලං වන්නේ
සිරි පා පියුමයි හිමියනි අපි නමදින්නේ

මහන්සි නොබලා සමනොළ සිරසට ආවේ
අප මුනිදුගේ මුදු ගුණමයි සිත මතු වූවේ
සීතල සුලඟත් ගත සිත වෙහෙසම නිවුවේ
මුනිදුගේ වම් සිරි පතුලයි අපි නැමදුවේ

මහන්සි නොබලා සිරිපා කරුණා කෙරුනේ
සීතල නොදැනෙයි බැතිබර බවමයි දැනුනේ
මළුවට ගොස් මගේ බුදු සිරි පාද දකින්නේ
සිත පහදාගෙන අපි සිරි පතුල වදින්නේ

සාදු සාදු අපි මුනි සිරිපතුල වදින්නේ

Wednesday, 26 March 2014

මා ආදරේ ඔබ විතරක් වෙන්න.....

දඟකරමින් හිත ඇතුලට ඇතුල්වෙලා
කිතිකවමින් හිත ඇතුලෙම නතරවෙලා
දිනගෙවමින් හිත හොරෙන්ම ‍රැගෙනගියා
නොසඟවමින් කියා දෙන්න කවුද ඔයා

මටත් හොරා මගේ හිතම අරන් ඔයා
මටත් හොරා මගේ වෙලා ඉන්න ඔයා
මටත් හොරා යලිත් වරක් ආපු ඔයා
මටත් හොරා යලිත් වරක් යයිද ඔයා







හිත ඇතුලෙන් යලි හැඟුමන් පුබුදිනවා
හිත ඇතුලෙන්  මා.. අසලින් නවතිනවා
හිත ඇතුලෙන් ඔබ ඇවිදින් සනසනවා
හිත ඇතුලෙන් ඔබහට ඉඩ වෙන්වනවා

මා අසලින් හැමදාමත් ඔබ ඉන්න
මා සනසා සෙනෙහස මට දෙන්න
මා අතහැර ඈතක නොම යන්න
මා ආදරේ ඔබ විතරක් වෙන්න



Thursday, 20 March 2014

Facebook

දිනකට වරක් හෝ මෙහි ඇවිදින් යනවා
වැඩකට නැතත් මොහොතක් එහි කැරකෙනව
හදුනන නොහදුනන අය හමුවෙනවා
බුකියේ ඇවිත් හිත ‍රැදි දේ ලියවෙනවා

කාලය ගෙවෙන කාටත් නොදැනෙන ලෙසට
කරනා දෙයක් ඇති හොදකුත් නැති ලෙසට
නරකක් කියා හැමහට නොහැගෙන ලෙසට
බුකියට එන්නේ දැන් දැන් ඇබ්බැහි ලෙසට

හමුවන මිතුරු හොද නරකක් නෑ දන්නේ
කියවන ලියන දේ හොද නරකත් ඇති යෙන්නේ
මරණය සොයන මරු විටකදි මෙය වෙන්නේ
යන්තම් ටිකක් ඒය අඩු වී දින ගත වෙන්නේ

කාගේත් පාලුව යවනා වල් පල් මෙහි ඇතිය
සිතගත් කෙනා කෙනෙකුගේ මෙහි වෙතිය
සිත් ‍රැදි පවසන්න කාටත් ඉඩ ඇතිය
බුකියෙන් යන්න කවුරුත් දැන් අකමැතිය


(මේක ලියන්න අරමුණ සකසා දුන්නේ Facebookම යාලුවෙක්...)

Saturday, 15 March 2014

අයියා නැතිව මට පාලුයි අම්මේ

මගෙත් එක්ක සෙල්ලම් කල අයියා
මගේ ලගින් ආදරයෙන් හිටි අයියා
‍රැකවරනෙට හිටි මගේ ආදර අයියා
කහ සිවුරක් පොරවගෙනනේ අයියා

දුව පැන ඇවිදපු මගේ ආදර අයියා
රණ්ඩු කලෙත් මගේ ආදර අයියා
ගී පදවැල් කියා දීපු මගේ ආදර අයියා
අද නිහඩව ඉන්නේ ඇයිද අයියා



ගිහිගේ ගිනි දැක ගත්තද අයියා
සසර දුකක් එය දැනුනද අයියා
බැඳුම් බිඳන් ගියේ ඇයිද අයියා
සසර දුකින් අත්මිදියන් අයියා

ගෙදර හිටපු යාලුවාය අයියා
පාලු නැතිව අපි හිටියේ අයියා
අද ගෙදරම හරි පාලුයි අයියා
ආයෙ කවුද මගේ තනියට අයියා



ගෙදර යන්න එන්නෙ නැද්ද අයියේ
දඟ කරන්න එන්නෙ නැද්ද අයියේ
දාලා යන්න හිතට දුකයි අයියේ
අයියා නැතිව හරි පාලුයි අයියේ





අයියා ලඟ හරි සිසිලයි අම්මේ
අයිය ලඟ හරි සුවදයි අම්මේ
අයියා නැතිව මට පාලුයි අමේ
අයියා නැතිව මට පාලුයි අම්මේ

අමුතු විලසට

ගෙවෙන දින දින
ඇසෙන හැම දෙය
දකින හැම තැන
බොරුව මතුවී
ඇත්ත සැඟවී
වෙනස්කම ඇත
අමුතු විලසට

තරඟ පිටියක
තරඟ වදිනා
තරඟකරුවන්
වෙලා හැම දෙන
වෙහෙස නොබලා
තරඟ වැදිලා

මිනිස් ගුණ දම්
සුලඟේ පාවී
ඈත ගුවනට ඉගිලිලා
නොමිනිස්දම් මැද
මිනිස්කම ඇත
පතුලේ ගිලිලා

වැරදි කලවුන්
සැපයෙ ගිලිලා
වැරදි නැතිවුන්
දුකේ වෙලිලා
ආයෙ ලඟ නෑ
හොදට ඉඩ නෑ
නරක ඇත බැබළිලා..

Monday, 10 March 2014

අපි ආයෙමත් ආදරයෙන් හමුවෙමු...

කාලයක් අපි,
තරහා වෙලා හිටියත්
ආයෙත් ආදරයෙන් හමුවුණු වෙලාවේ
මට අයෙමත් අපේ පරණ කාලය මතක් උණා..
රණ්ඩු වෙලා තරහා වුණු හැටි
තරහා වෙලා කතා නොකර හිටපු කාලය
විහිලු කරලා සතු‍ටු වුණු හැටි මතක් උණා
ඒ මතක අතරින්
මගේ ලඟ උණුසුමට ආදරයෙන් ගුලි වෙනකොට
මං ආයෙම අතීතයට ගියා
ඒ කාලෙත්
ආදරයෙන් මගේ ලඟ හිටපු හැටි
මගෙත් එක්ක හැමදාම හිටපු හැටි
මට මතක් උණා...
ආදරයෙන් ගුලිවෙලා
ඉද්දි මට දැනුනු ඒ ආදරය
ආයෙත් අලුත් උණා..
හැමදාම ඒ විදිහටම ඉදියි කියලා
මට හිතුණා...
ඒ සිතුවිල්ලත් එක්ක මං සමු අරන් ආවා...
අපි ආයෙමත් ආදරයෙන් හමුවෙමු...

Thursday, 6 March 2014

තාම සිතේ.....

තාම තිබේ සෙනෙහස පෙර ලෙස පවතිනවා
තාම සිතේ ඔබගැන හැඟුමන් යළි දලුලනවා
තාම නැතේ වෙනතැනකට හිත ඇදිලා යනවා
තාම නැතත් කවදාහරි ඔබ ආපසු ලං වෙනවා

සීත සුළඟේ වැසි අතරින් ගියදා සිහිවෙනවා
එක කුඩයේ ගුළිගැහිලා හිටිහැටි සිහිවෙනවා
අතඟිල්ලක එල්ලී ගියහැටි මතකෙට ලංවෙනවා
එකම සිතින් සිපගත් මුව ආයෙත් සිහියට එනවා

ආදරයෙන් වැව රවුමේදි හමුවුනදා
මහ වැස්සේ එක කුඩයෙන් නොතෙමුනදා
තුරුලෙ හිදන් පෙම් මල් දම් පැලදුවදා
සිහිවන විට නෙත කදුලින් බරවනදා

අත්වැල් ගෙන වැව රවුමේ අපි හිටියා
මල්වත්තේ තුරුල් වෙලා ලඟ හිටියා
ආදරයෙන් පෙම්බස් ගෙන අපි දෙඩුවා
ආදරයෙන් සිහින ලොවක් අප තැනුවා


Tuesday, 4 March 2014

එක හීනයයි - වෙනසක්ම කෙරුවේ

එක හීනයයි - මැදියමක දු‍ටුවේ
ඒ හීනෙමයි - වෙනසක්ම කෙරුවේ
රෑ තුන්යමයි - එය තුළම වෙසුණේ
පොඩි කාලයයි - හීනයෙම ‍රැදුණේ

කාලයක් වැරදි තුල ඔහු සිටියේ
බසින් රුදු වදන් ඔහු දෙඩුවේ
දැන් හැම වෙනස් වී ඇදුණේ
එක හිනෙකින් වෙනස්කම පෙණුනේ

කතා බහ හිනයෙම ‍රැදිලා
දින ගණන් වෙනස් වී ඉදලා
පොත පතට නෙත් දෙකම යොමලා
එක හීනෙකින් වෙනස්කම හිතිලා

(සැබෑ සිදුවීමක් ඇසුරෙන් ලියන ලදී)

Tuesday, 25 February 2014

ඉන්න බලන් සිනා වෙලා....

පෙර කල පිනකින් ලැබු මනුසත් දිවිය
සිත සිත ‍රැකිය යුතුමයි වටිනා මේ දිවිය
කිසි වටිනාකමක් දැන් දැන් නැති හැඩය
පොඩි දේ නිසා නැති කර ගයි සිය දිවිය

වැඩිහිටි තරුණ උගතුන් එක් විය යුතුය
හැම තතු කියා දී දැනුවත් කල යුතුය
වටිනා කමත්,ගෙන යන හැටිත් මේ දිවිය
කියලා දෙන්න දරුවන් හට කල් හරිය

ලොකය තුලට යන විට තබමින් අඩිය
කම්කටොළු එන එක නම් මෙහි හැටිය
ඒවා විසදන්න කලබලයෙන් නම් බැරිය
අදහන දහමටම දරුවන් හුරු කල යුතුය

මව්පිය වරුනේ මේ ගැන අසන්නේ
තර‍ඟෙට දුවන අතරේ මෙය සිතන්නේ
දරුවන් සමග ලෙන්ගතු ඇසුරෙන් නේ
උන් ගැන ඇස් යොමන එකමයි වටින්නේ

මව්පිය සුවද දරුවන් හට හැම කල දනවා
මව්පිය සෙනෙහසම දරුවන් වෙත යොමවා
මව්පිය දුවාදරු බන්ධන ආයෙම තර කරවා
මව්පිය වරුනේ ‍රැකගනු ඔබගේ ඒ දරුවා

මව්පිය සෙනෙහස අඩුවුනොත් ඒ දරුවා
වෙනයම් සෙනහසක් සොයනව ඒ දරුවා
සර්පයෝ ඇතේ දස අතම විසකුරු පුරවා
ඒ ගැන සිතන්නට දැන්නම් කල් යල් ආවා

දොසක් ඇතොත් සමා වෙලා
ටිකක් හොදින් සිතා බලා
ඉන්න බලන් සිනා වෙලා
වෙනස් වෙන්න කල් ආවා

Friday, 21 February 2014

ඔබ විතරමයි ඒ ආදරේ...

මා ඔබ දු‍ටු දා ඉදලා
ආදර සිහිනය මා දකිනා
වෙනසක් වී මා හදේ
සිත යලි යලි ඔබ සොයනා
ඒ ආදරේ....මගේ ආදරේ
ඔබට විතරමයි මේ ආදරේ.....
ඔබට විතරමයි......

මෙතුවක් කල් මා
හදතුල හිරවුනු ආදරේ
ඔබදු‍ටු දා ඉදලා
කුල්මත් වී..ඔබටයි බැදුනේ
ඔබ විතරමයි........ මගේ ආදරේ
ඔබ විතරමයි ඒ ආදරේ

යන යන හැමතැන මා හද ඇදෙනා
ඒ රුව ඔබමයි සොදුරේ
කොහොම කියන්නද මා මෙසේ
ඔබගෙන් තොර ආදරයක් නැ කියලා
ඒ ඔබ විතරමයි මගේ ආදරේ...
ඔබ විතරමයි.......

මොනදේ කලත් කොතනක උනත්
මා හදවතේ ඔබ ඉන්නවා
සැමදා එක ලෙසින්
මා ආදරෙයි...
මගේ ආදරේ....ඔබ විතරමයි..
ඔබ විතරමයි ඒ ආදරේ...

Tuesday, 18 February 2014

කලයුතු යමක් නැත තම තම ගුණවත් වීම හැර

සිත තැන තැනට තාමත් දිව යනවා
එක් තැනකදි එය යලි නවතිනවා
දු‍ටු දසුනකින් මැවි මැවි පෙන්වනවා
සිතුවිල්ලකට මේ හැම එක් වෙනවා

සවනට හඩක් මතුවී ‍රැව්දෙනවා
කී වදනකට යලි යලි සිත්යනවා
රස පහසකින් දිව පිනවෙනවා
ලග නැති වුවත් ලංවී දැනවෙනවා

හැම දේ තුලම ආශාවන් මතුවෙනවා
මම මගේ යැයි හැගුමන් ඇතිවෙනවා
ලං කරගන්න සැම දෙන දත කනවා
නුවණැස හැමගේ මින් වැනසෙනවා

කරනා දෙයක හොද නරකත් නොපෙනෙනවා
නපුරක් හොද ලෙසින් හොද නපුරකට යනවා
පුහුදුන් මොඩයින් මෙහි මුලසුන වැජඹෙනවා
නුවැණැති අයට මොඩයින් ලෙස සලකනවා

ටික ටික වෙනස් වී ලෝකය වැනසෙනවා
වැසි කල ඉරි තලා නියඟය රජවෙනවා
පායන කලට මහා වැස්සට හැම යටවෙනවා
මිනිසුන් නිසා මිනිසත් ගුණ යටයනවා

කලයුතු යමක් නැත තම තම ගුණවත් වීම හැර
බල බල ඉදීමෙන් පල නැත කල් යාම හැර
ටික ටික වුවත් ගුණ දහමට ඉඩ දිම හැර
කාටත් යමක් කල හැකි නැත සැනසීම හැර






Wednesday, 5 February 2014

හසරැල් මවා දුක ඉවසන් උන්නා...

ඔබ ගැන සිත සිතා හිත වද දුන්නේ
ඔබ දකිනා තුරුම නෙත වද දුන්නේ
ලග සිටිනා විටදි සෙනසුම දැනුනේ
හැර ගිය දා පටන් සිහිවි නෙත හැඩුවේ

යලි එන තුරා මෙතුවක් මම උන්නේ
ගෙන ආ ආදර නෑ ලග රැදුනේ
හැරදා මහද ඔබමයි දුර ඇදුනේ
කිසිදා නොඑන ගමනක ඇයි යන්නේ

වෙන්වන සිතින් එක් වුනා නොවේ
ලංවන විටදි නොදැනුනා නොවේ
එකසිත නැතිව පෙම්කලා නොවේ
කොතරම් කලත් අමතක වුනා නොවේ

හැමදේ අහිමි බැව් දැන උන්නා
නොයනා බවක් මා සිත දැනුනා
ගියදා යලිත් ඒ යැයි සිත කිවා
හසරැල් මවා දුක ඉවසන් උන්නා