මගේ තැන...............................

මගේ තැන...............................

Friday, 27 December 2013

සොදුරුයි හුදකලාවම.....

යන එන මගදි සිත තැන තැන නවතිනවා
දකිනා ඇසෙන හැමදේ වෙත සිත් වෙනවා
නොබැදෙන් නැති සිතින් දුක් ගෙන එනවා
සිත හැමතැනදි තාමත් මට වද දෙනවා

මතකෙට අතීතය ආපසු එනවා
ආගිය ගමන් මැවි මැවි නලියනවා
සිහිනය ලෙසින් බොදවීගෙන යනවා
සතුටයි දුකයි තරගෙක සිරි ගන්වනවා

දිවියක අරුත යලි යලි සිත් වෙනවා
සැනෙකින් සියල් අමතක වී යනවා
වරදට බැදෙන සිත වලමත් වෙනවා
තනිකම සිතේ ‍රැව් පිළි‍රැව් දෙනවා

සුන්දර නිහඩ වනයට සිත් යනවා
කදු සිරසකදී තනිකම එක් වෙනවා
සොදුරුයි හුදකලාවම සුව දෙනවා
සිත නැවතිලා හද සුවපත් වෙනවා

Tuesday, 24 December 2013

ගමනක නිම නොවෙයි.....

ගමනක නිම නොවෙයි
නැවතුම් පල මෙයයි
දුකනම් අත ලගයි
සැනසුම බෝ දුරයි

සැපයක්  නොම ‍රැදෙයි
දුකනම් නිති ලැබෙයි
සැපදුක මැදි කරන්
දිවියම යා යුතුයි

ඉපදුනු බව සැබැයි
මරනය උරුමයයි
ලෙඩ දුක් සමගමයි
කෙලෙවර තව දුරයි

ජරමර හරි ගොඩයි
කරදර නිම නොවෙයි
බාධක අපමණයි
යා යුතු මග මෙයයි

විටකදි සතු‍ටුවෙයි
කදුලක් දිය කරයි
සිනහව ලග නැවෙයි
තරහව ගොඩ ගැසෙයි

රාගය ගිනිගනියි
තරහෙන් පලිගනියි
මුලාව, වැඩ කරයි
සසරට ගොඩ ගසයි

යලි යලි ගමනෙමයි
නැවතුම කන වැකෙයි
එනමුදු පසෙකලයි
ආයෙත් දුක් විදියි

සබැදුම් මහ ගොඩයි
අත්හල නොහැකිවෙයි
දුකකම යලි ‍රැදෙයි
තේරුම් නොම ගනියි

මිසදු‍ටු වෙත ඇදෙයි
‍රැදි ‍රැදි පැටලවෙයි
දහමට නොම වැටෙයි
කරුමය ‍රැස් කරයි

දහමම සැකකරයි
මත තුල ගැට ගැසෙයි
නිසිමග අත හරියි
සතරට යලි වැටෙයි

බුදුහිමි දැක සොදින්
බුදුබණ සිත දරන්
මග ගෙන පියවරෙන්
පිරිසට එක් වෙයන්

Wednesday, 18 December 2013

නුඹ

ගලපන පද දහසක
නොගැලපුන පදයකි නුඹ
පිපිදෙන මල් සහසක
නොපිපුන මල නුඹ
රෑ අහසෙ තරු දහසක්
නැති තරුවයි නුඹ
දු‍ටු සුන්දර හැම සිහිනෙම
නොදු‍ටුව සිහිනය නුඹ
ගී ගයනා සියොතුන් මැද
නිහඩව සිටියා නුඹ
පා තබනා ගමන් මගේ
නොගිය මගයි නුඹ
අරුත්බරම කවි සහසක
අරුතක් නැති කවියයි නුඹ
පතනා පැතුමන් තුල
නොපැතු පැතුම නුඹ
හිමිවෙන නෙත් දහසක් තුල
හිමිනොවෙනා නෙත් යුගලයි නුඹ

Saturday, 14 December 2013

නුඹ හඩන හැමදාම

නුඹ හඩන හැමදාම - මම හිටියා සනසන්න
මගේ වෙන්න හැමදාම - නුඹ පැතුවා මතකයිද
පපුතුරුලේ ගුලිගැහිලා - හිටි කාලේ අමතකද
හැර දමා එ සිහින - නුඹ යන්නෙ සතුටින්ද

අත්වැල් අරන් යන්න - පැතු පැතුම් මතකයිද
තුරුලේම ගුලිවෙන්න - කී ඔබම වෙන්වෙයිද
දුරයන්න බෑ කිව - හටි තාම මතකයිද
ඒ සිහින කිසිදාක - එළිවෙන්නෙ නැතිවෙයිද

ලං ලංව ඉමු කීවේ ඇයි එහෙම
දුරයන්න හිත හැදුනෙ නුඹ කොහොම
ඒ මතක වලලන්නෙ මම කොහොම
ඒ සිහින හැරලන්නෙ ඇයි මෙහෙම


Wednesday, 20 November 2013

මහා සෑය වැන්දෙමි....

සම්බුදු සමිදු ගුණ කඳ සිහිවෙන්නයි
සම්බුදු සමිදු දෙසු දම් කඳ සිහිකරගන්නයි
සම්බුදු පිරිස දිවියට ලංකරගන්නයි
තෙරුවන් සරණ හැමහට පිහිටන්නයි

පිරිනිවන් වැඩි අප මුනි සඳ සිහිවෙන්නයි
ගැමුණු නිරිඳු කල මහා සෑය වදින්නයි
ජය සිරි මහා බෝධිය දැකගන්නයි
උතුම් ධාතු වැඳ පින් කරගන්නයි

පිරිනිවනට වැඩි අප මුනිඳුගේ ධාතූ
රාම ගමේ සැ බඳ වැඩ සිටියේ ධාතූ
නා ලොව නා පිරිවර පිදුවේ ධාතූ
අපිත් වදිමු ද්‍රෝණකි මුනිඳුගෙ ධාතූ

සොනුත්තර රහත් තෙරඳු වැඩමෙවූ ධාතූ
ගැමුණු නිරිඳු කල සෑ බඳ වැඩසිටිනා ධාතූ
සිරිලක් රජයෙන් පුදලැබුවා ද්‍රෝණකි ධාතූ
අපිත් වදිමු ද්‍රෝණකි ගෞතම මුනිඳුගෙ ධාතූ

ස්වර්ණමාලි මහ සෑයේ සුවසේ වැඩ සිටිනා
ගෞතම මුනි ධාතු ද්‍රෝණකි එහි වැඩ සිටිනා
සිරිලක් මැණිගේ හඳවත වී මෙහි වැඩ සිටිනා
සාදු සාදු අපිත් වදිමු හඳ බැති ගෙන සොදිනා


Tuesday, 19 November 2013

ගෙදරින් පිටත් වෙනකොට

ගෙදරින් පිටත් වෙනකොට
හරිම දුකක් දැනුනා
ගොඩාක් කාලෙකින්
දරාගන්න බැරිතරමට
මීට වසර ගණනකට කලින්
පාසල් නෙවැසියට එන්න හදනකොට
දැනුනු දුක වගේමයි....
හිතවතුන් ඊටත් වඩා අම්මාව
දාලා එන්න පුදුම දුකක්
බුදුසමිදූ දෙසූ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්මයි
එයනම් සත්‍යක්මයි...

Monday, 18 November 2013

වසරකින් නිමාව...

වසරක් සපිරිලා ඇත මේ කතාවට
විසදුම් නැතිව විසදුම් ගෙනාවට
හරි වැ‍රැද්ද කොයි හැටි උනාවට
අවසන් වෙලා ඇත මේ කතාවට

වසරකට පෙරයි මෙය සිදුවුනේ
මලගම් ගියා මේ ලෙස අකාලයේ
සය මස් බිලිදා මියා ගියා අනේ
තව අය වැ‍ටුනානේ අනතුරේ

අහම්බෙන් වගේ මේ ලොව එලිය දු‍ටු
මේ ගැන කීමටත් හිත හිරි වැ‍ටුනු
බිලිදා නිසා අලුතින් කතා ඇරඹුනු
මින් වසරකට පෙර අවසන ලියවුනු

සිතුවේ මල බිලිදා මිය ගියපු බව
අනතුරු උනු අයත් අවසන් බව
ඒනමුත් උනේ නැත ඒ සිතු බදු
බිලිදා මියගියත් අන් අය මලේ නැත

මරණා නමුත් මිය ගියේ නැත
ඉන් උනේ හානි පමනෙක
ලෙසටම ‍රැකවරන සැලසුන
තව තව තර උනා නියම ලෙස

හානිය උනත් ඉන් තරහක් නැත
මිනිමරුවට යලි හානියක් නැත
අධිකරණ යාමට අවැසි නැත
යලි මෙය වීමට ඉඩක් නැත

සිදුවූ දේ සිදුවෙලා අහවරයි
ආයෙත් වරක් නොසිදූවේමයි
සිදුවූ දෙයට පිං සිදුවේමයි
මෙතකින් සියල්ලම නිමාවයි






Wednesday, 13 November 2013

සිතුනා...

සිතුනා පදවැලක් ගොතලා අමුණන්න
නැතුවා අදහසක් හිතිලා පවසන්න
එනවා සිතුවමක් ඇදිලා එක්වෙන්න
බැරුවා ඔබමිසක් කිසිවකු ලංවෙන්න

දින දින ගෙවෙනවා කාලය විගසින්න
ටික ටික සිතාලා මතකය දුරලන්න
දැන දැන අපි විදිනා දුක්ගිනි නිමවෙන්න
සිත ‍රැදි ඔබරුව මැකුවා  විගසින්න

යන යන තැනදී සිහියම ඇතිවේවා
ආයෙත් සසර මේ වැනි දුක් නොමවේවා
දහමට නතුව සැමවිට සිත් සැනසේවා
සසරෙහි යලිත් උපදිනා පව දුරු වේවා

Sunday, 10 November 2013

වෛශ්‍යාව....

"ගල් ගසා මරපියෝ.
පවට යටවුනු කෙනෙකි ඈ"
කිය කියා අපහාස නන්වන
අයම යයි නැවත ඈ වෙත
දුරලාගන්න අදුරු කාලය
පෙර කලෙක සිට
පැවත ආ ලෙස .....
කරයි ‍රැකියාව ලෙසටම.....
ඇයට ගරහන නමුදු බොහොදන
ඇයම පතලා යාවි ඈ වෙත
ඇගෙ හඩ තුලින් නැගෙනුයේ
අසාධාරණයේම,
දුප්පත් කමේම,
නොදන්නා කමේම,
හඩ නොවෙද ...?
ඇයත් දුප්පත් නොවුනානම්,
ඇයටත් දහම කන වැකුනානම්,
අනෙක් කතුන් සේම ඇයත්
මෙයටම නතුවේවිද...?
පෙර කරුම අරුම ලෙස නොනැගුනිනම්.......


සිහිවටන දුන්නට

වෙනස් වූ අතීතය ඉකිගසා හඩයි
එහෙම කිවේ පෙර කලකනම් තමයි
තාම මතකය තිබුනු පලියට
ඉතිරි වේවිද දුකම පමණක්....
ඔබෙන් තොර ලොවක් නැති බවට
එදා මිමිනුවේ කවුද යන වග
නිරන්තර සිහියට නැගෙවිද
මගේ දිවියට සොදුරු මෙන් අදුරුද
සිහිවටන එක් කලේ කවුරුද
තුති පිදුවේ නැතිවට
පිනක් වෙයි මහත්සේ
මගේ දිවියට සිහිවටන දුන්නට

Friday, 1 November 2013

ආයෙම

හිත තුලම ඳග කරපු
මතක පොත නැතිවෙලා
වැරදි නොකරම කෙමෙන්
දඩුකදය ඇහැරලා
ආයෙමත් දුව පනින
ඔබ එන්න ලංවෙලා

Thursday, 31 October 2013

මග බලාගෙන

සඳ අදවත් එයි කියලා මග බලාගෙන උන්නේ
ඒත් සඳ අදත් ආවේ නෑ
මග දිගට කරදර කාරයෝ පිරිච්ච මේ පාර දිගේ
සඳට තියා ගිනිගන්න ඉරටවත් එන්න
මේ අය ඉඩ දෙන්නේ නෑ.
සඳට කවුරුත් කෙනෙහිලිකම් කරලවත්ද.....?
නෑ නෑ එහෙම වෙන්න බෑ..
සඳට අත තියන්න තියා....
කරදරයක් කරන්නවත් කාටවත් බෑ.
සඳ අහිංසක උනත් හරිම බලවත්....
ඒ අහිංසක සඳවට තරු පිරෙන්නේ ඒක දන්න නිසානේ...

Tuesday, 29 October 2013

ජිවිතය

නිසලව හිද කෑ මොර දී මෙලොව දු‍ටු
අවිහිංසක ලෙසින් කාලය ගත කරපූ
ටික ටික ලොකුවෙමින් කෙලෙසුන් බැදුණු
ගත සිත වෙනස් වේ කල ගත කරපු

ගත ටික ටිකෙන් මොරනවා
සිත ටික ටිකෙන් කෙලෙසෙනවා
ආසාව ටික ටික වැඩිවෙනවා
තම සතු කරගන්න හැම වෙහෙසෙනවා

ඉගෙනුම අරන් ලොව ජිවත් වෙන්න
තරගෙට දුවයි අනෙකා පසුකරයන්න
හැකි අය කෙලෙස හෝ ජය ලබගන්න
ඉන් පසු නැවත මුදලට යටවන්න

අමතක වේ අතීතය ටිකෙන් ටික
දුක් ඇති විටදි පමණකි තැවීම
සැප ඇති කලදි දුක අමතක වේය
ලෙඩ දුක් මැදින් මරණය මුණගැසේය

තෙරුමක් යන්තම් ඇති කෙනා ලොවේ
සමිදුගේ දහම මුණගැසුණොත් පින පෑදේ
ඒ දම් මගේ ගිය අයටම ජය ලැබේ
සසරේ දුකට පිළිසරණක් මෙයින් සැදේ

Saturday, 19 October 2013

අතීත මතක අතර

ඈතීන් ඈතට දුවමින්
අතීත මතකයන් සමගින්
කදුල සිනහව අතර සිත අතරමන් වේ
ඒදවස් සෙනෙහෙන් ලගින් උන්
බොහෝ දන,
වෙන වෙන තැන්හි
වෙන වෙනම තරගයක පැටලි ඇත...
සමහරුන්,
තවම මා වටා
මා සමගින් දුකේදී සැපේදී ලගින් හිදියි...
තවත් අය,
ඔවුනගේ කටයුතු කරගත් පසු
ඔවුනගේ ලොව වෙත නැවත ගොස්ය...
ආ ගිය උන් ගැන සිත සිතා
අතරමං වන්නේ කිම මා සිත
තමන් කලයුත්ත කල පසු
සැනසිල්ලෙන් තමන්ගේ ලොව දිනනු හැර

Tuesday, 17 September 2013

පහන් තරුව...

සොදුරු මද නල හමන
සුපුන් සදවත දිලෙන ‍රැයක
තරු පිරි අහස් කුස
දහස් තරු කැල අතර
සොදුරු සුව ගෙනෙන
 කිම මේ....
පහන් තරුවට
සෙනෙහසින්
පහන් තරුවේ
සොදුරු පැහැයට
නෙතින් පමනක්ම නොව
සිතින් මෙතරම් ලංව
පහන් තරුවම පතන්නේ...
පහන් තරුවම
පහන් වෙනතුරු
මගේ ලග ‍රැදි
නිරතුරු ‍සිටීවිද.....?

Tuesday, 16 July 2013

සිහින

අරුත් බර වූ අලුත් ලොවකට
සිහින පොදි බැද පැමිණි ගමනේ
සිහින ඉ‍ටුවන බවක් නොපෙනේ
සිහින ලොව තුල
අතරමං වුනිද යම්සේ
කරකවා අත හැරිය විලසට
කොහෙන් කොතනින් කෙලස
කුමකින් අත් වාරු ගන්නද
තම නැත මෙහි හමු වුනේ
එහෙත්.....
දහස් ගණනින් පොදි බැදන් ආ
ඒ සිහින ඉ‍ටුවන
මගක ඇරඹුම ගත යුතුම වේ
රළ පෙලට මැදිවී
සැලි සැලි පෙරලෙන
පහුර ලෙස නොව
නැවක යන දල  රළඳ බිදගෙන
යා යුතුම වේ නියමුවකු සේ....

Wednesday, 15 May 2013

එහෙත් අද දින


අඩන දහසක් නෙත් සනසලා
තාම මතකයි සතුට දුන්
දයාබර අහිංසක මගේ හදවත

වැරදි මග යන දෙපා නවතා
අසා ඇති හරි මග පෙන්නුවා මතකයි
අහිංසක මාගේ දෑත නුඹ ගැන

නපුරු රලු වදන් නවතා
යහ වදන් පවසන්න කිවා මතකයි
අහිංසක දෙතොල් දෙක නුඹ

කා දමන රන් වටින කාලය
රනට වැඩියෙන් වටින ලෙස ගෙවන්නට
අසා තිබු දහම කියා දුන්නා මතකයි

මෙලෙක් වුනු හදක් තිබුනා
එදා මේ මට
මේ හැම කරන්නට සතොසින්

එහෙත් අද දින
නපුරු රලු වදන් පිරිලා
වැරදි මග යන අඩන මා හට
කාලයත් හරස්වී
සිතද නෑ එකගව

Friday, 3 May 2013

ඇත්තක්


හිතන්න ඕනි දෙයක් ගැන කියන්න හිතුනා.මේක අපේ ලොක්කෙක් මතක් කරලා දුන්න දෙයක්.
"කෙනෙක් කාලයක් වැඩ කරමින් හිටපු තැනක ඉදලා එකපාරටම එතනට කියන්නෙත් නැතිව තව තැනකට යනවා.ඉතින් යන්නෙත් නිකන් නෙවෙයි පලවෙනි තැන හිටපු පිරිසකුත් කඩාගෙන එතනට හානියකුත් කරගෙනයි.ඉතින් අර දෙවනි තැන ඉහළ නිලධාරින් දැනගන්න ඕනි මේ කෙනා ආවේ අතන විනාශ කරගෙන ඉතින් ඒ නිසා මූ අපේ තැනත් විනාශ කරගෙන කඩාගෙන යන්න පුලුවන් කියන එක"
ඇත්ත නේද කතාව.දෙවෙනි තැන පිරිස බුද්ධිමත්නම් අර කඩාගෙන ආව කෙනා ගැන විශ්වාසයක් තියන්න හොද නෑ නේද?
මම කල්පනා කරලා බැලුවා.මේක අපේ ජිවිතයේ ගොඩක් තැන් වලට ගලපගන්න පුලුවන්.ඉතින් බුද්ධිමතුන් අවශ්‍ය තැනදි ගලපාගෙන විනාශයන් වලක්වා ගන්න.

Monday, 29 April 2013

ඔබමද...


සඳ නැග එන සීත රෑ යාමේක
සිහිනයක් සේ ම'වෙත පැමිණිය
ඒ සිහිනයේ සෙයාව ඔබමද...

මා දෙනෙතට ලං වුනේ නැතිමුත්
දෙනෙත් ලග දැවටෙන
හැඩකාර රුව ඔබමද...

සවන් මත මිහිරි වදන් මුමුණා නැතිමුත්
සවන් ලග කෙදිරෙනා
ඒ හඩ ඔබමද....

හදට හදක් සෙනෙහෙන් පිදුවේ නැතිමුත්
හදේ නිති කකියනා
සිතුවිල්ල ඔබමද....

Wednesday, 3 April 2013

අහස එළියයි-හිරුද බබළයි


අහස එළියයි-හිරුද බබළයි
පොලොව සාරයි-ගහකොළද දලුලයි
නදිය නිසලයි-මසුන් පීනයි
සිතේ කලබල ඇයිද මේ ලෙස

අතීතයට දුවන මේ සිත
තරහ පුරවා නැවත පැමිණෙයි
මෙතන නැවතුන මේ සිත
ආසාද පොදි බැද විදියි නෙක දුක්

බොරුව වපූරන දවස් වෙන් වෙයි
නැකත් කෙලියට නිතර යටවෙයි
හිස්  බවෙන් පිරි දිවිය ගතවෙයි
සතුටයි කියා සිතින් ලතැවෙයි

ඉරද බැසයයි- අදුර ලංවෙයි
නිහඩ නැති ගත-තවත් ආසා පොදි ගසයි
නොමැති විට සුව-ගතද වැහැරෙයි
සිතද පිරිහෙයි
දැන දැනත් මේ බැව්
තමන් හට වෙර බදියි දන
හෙටක් ගැන නොසිතාම කිසිවිට