මගේ තැන...............................

මගේ තැන...............................

Wednesday, 20 November 2013

මහා සෑය වැන්දෙමි....

සම්බුදු සමිදු ගුණ කඳ සිහිවෙන්නයි
සම්බුදු සමිදු දෙසු දම් කඳ සිහිකරගන්නයි
සම්බුදු පිරිස දිවියට ලංකරගන්නයි
තෙරුවන් සරණ හැමහට පිහිටන්නයි

පිරිනිවන් වැඩි අප මුනි සඳ සිහිවෙන්නයි
ගැමුණු නිරිඳු කල මහා සෑය වදින්නයි
ජය සිරි මහා බෝධිය දැකගන්නයි
උතුම් ධාතු වැඳ පින් කරගන්නයි

පිරිනිවනට වැඩි අප මුනිඳුගේ ධාතූ
රාම ගමේ සැ බඳ වැඩ සිටියේ ධාතූ
නා ලොව නා පිරිවර පිදුවේ ධාතූ
අපිත් වදිමු ද්‍රෝණකි මුනිඳුගෙ ධාතූ

සොනුත්තර රහත් තෙරඳු වැඩමෙවූ ධාතූ
ගැමුණු නිරිඳු කල සෑ බඳ වැඩසිටිනා ධාතූ
සිරිලක් රජයෙන් පුදලැබුවා ද්‍රෝණකි ධාතූ
අපිත් වදිමු ද්‍රෝණකි ගෞතම මුනිඳුගෙ ධාතූ

ස්වර්ණමාලි මහ සෑයේ සුවසේ වැඩ සිටිනා
ගෞතම මුනි ධාතු ද්‍රෝණකි එහි වැඩ සිටිනා
සිරිලක් මැණිගේ හඳවත වී මෙහි වැඩ සිටිනා
සාදු සාදු අපිත් වදිමු හඳ බැති ගෙන සොදිනා


Tuesday, 19 November 2013

ගෙදරින් පිටත් වෙනකොට

ගෙදරින් පිටත් වෙනකොට
හරිම දුකක් දැනුනා
ගොඩාක් කාලෙකින්
දරාගන්න බැරිතරමට
මීට වසර ගණනකට කලින්
පාසල් නෙවැසියට එන්න හදනකොට
දැනුනු දුක වගේමයි....
හිතවතුන් ඊටත් වඩා අම්මාව
දාලා එන්න පුදුම දුකක්
බුදුසමිදූ දෙසූ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්මයි
එයනම් සත්‍යක්මයි...

Monday, 18 November 2013

වසරකින් නිමාව...

වසරක් සපිරිලා ඇත මේ කතාවට
විසදුම් නැතිව විසදුම් ගෙනාවට
හරි වැ‍රැද්ද කොයි හැටි උනාවට
අවසන් වෙලා ඇත මේ කතාවට

වසරකට පෙරයි මෙය සිදුවුනේ
මලගම් ගියා මේ ලෙස අකාලයේ
සය මස් බිලිදා මියා ගියා අනේ
තව අය වැ‍ටුනානේ අනතුරේ

අහම්බෙන් වගේ මේ ලොව එලිය දු‍ටු
මේ ගැන කීමටත් හිත හිරි වැ‍ටුනු
බිලිදා නිසා අලුතින් කතා ඇරඹුනු
මින් වසරකට පෙර අවසන ලියවුනු

සිතුවේ මල බිලිදා මිය ගියපු බව
අනතුරු උනු අයත් අවසන් බව
ඒනමුත් උනේ නැත ඒ සිතු බදු
බිලිදා මියගියත් අන් අය මලේ නැත

මරණා නමුත් මිය ගියේ නැත
ඉන් උනේ හානි පමනෙක
ලෙසටම ‍රැකවරන සැලසුන
තව තව තර උනා නියම ලෙස

හානිය උනත් ඉන් තරහක් නැත
මිනිමරුවට යලි හානියක් නැත
අධිකරණ යාමට අවැසි නැත
යලි මෙය වීමට ඉඩක් නැත

සිදුවූ දේ සිදුවෙලා අහවරයි
ආයෙත් වරක් නොසිදූවේමයි
සිදුවූ දෙයට පිං සිදුවේමයි
මෙතකින් සියල්ලම නිමාවයි






Wednesday, 13 November 2013

සිතුනා...

සිතුනා පදවැලක් ගොතලා අමුණන්න
නැතුවා අදහසක් හිතිලා පවසන්න
එනවා සිතුවමක් ඇදිලා එක්වෙන්න
බැරුවා ඔබමිසක් කිසිවකු ලංවෙන්න

දින දින ගෙවෙනවා කාලය විගසින්න
ටික ටික සිතාලා මතකය දුරලන්න
දැන දැන අපි විදිනා දුක්ගිනි නිමවෙන්න
සිත ‍රැදි ඔබරුව මැකුවා  විගසින්න

යන යන තැනදී සිහියම ඇතිවේවා
ආයෙත් සසර මේ වැනි දුක් නොමවේවා
දහමට නතුව සැමවිට සිත් සැනසේවා
සසරෙහි යලිත් උපදිනා පව දුරු වේවා

Sunday, 10 November 2013

වෛශ්‍යාව....

"ගල් ගසා මරපියෝ.
පවට යටවුනු කෙනෙකි ඈ"
කිය කියා අපහාස නන්වන
අයම යයි නැවත ඈ වෙත
දුරලාගන්න අදුරු කාලය
පෙර කලෙක සිට
පැවත ආ ලෙස .....
කරයි ‍රැකියාව ලෙසටම.....
ඇයට ගරහන නමුදු බොහොදන
ඇයම පතලා යාවි ඈ වෙත
ඇගෙ හඩ තුලින් නැගෙනුයේ
අසාධාරණයේම,
දුප්පත් කමේම,
නොදන්නා කමේම,
හඩ නොවෙද ...?
ඇයත් දුප්පත් නොවුනානම්,
ඇයටත් දහම කන වැකුනානම්,
අනෙක් කතුන් සේම ඇයත්
මෙයටම නතුවේවිද...?
පෙර කරුම අරුම ලෙස නොනැගුනිනම්.......


සිහිවටන දුන්නට

වෙනස් වූ අතීතය ඉකිගසා හඩයි
එහෙම කිවේ පෙර කලකනම් තමයි
තාම මතකය තිබුනු පලියට
ඉතිරි වේවිද දුකම පමණක්....
ඔබෙන් තොර ලොවක් නැති බවට
එදා මිමිනුවේ කවුද යන වග
නිරන්තර සිහියට නැගෙවිද
මගේ දිවියට සොදුරු මෙන් අදුරුද
සිහිවටන එක් කලේ කවුරුද
තුති පිදුවේ නැතිවට
පිනක් වෙයි මහත්සේ
මගේ දිවියට සිහිවටන දුන්නට

Friday, 1 November 2013

ආයෙම

හිත තුලම ඳග කරපු
මතක පොත නැතිවෙලා
වැරදි නොකරම කෙමෙන්
දඩුකදය ඇහැරලා
ආයෙමත් දුව පනින
ඔබ එන්න ලංවෙලා

Thursday, 31 October 2013

මග බලාගෙන

සඳ අදවත් එයි කියලා මග බලාගෙන උන්නේ
ඒත් සඳ අදත් ආවේ නෑ
මග දිගට කරදර කාරයෝ පිරිච්ච මේ පාර දිගේ
සඳට තියා ගිනිගන්න ඉරටවත් එන්න
මේ අය ඉඩ දෙන්නේ නෑ.
සඳට කවුරුත් කෙනෙහිලිකම් කරලවත්ද.....?
නෑ නෑ එහෙම වෙන්න බෑ..
සඳට අත තියන්න තියා....
කරදරයක් කරන්නවත් කාටවත් බෑ.
සඳ අහිංසක උනත් හරිම බලවත්....
ඒ අහිංසක සඳවට තරු පිරෙන්නේ ඒක දන්න නිසානේ...

Tuesday, 29 October 2013

ජිවිතය

නිසලව හිද කෑ මොර දී මෙලොව දු‍ටු
අවිහිංසක ලෙසින් කාලය ගත කරපූ
ටික ටික ලොකුවෙමින් කෙලෙසුන් බැදුණු
ගත සිත වෙනස් වේ කල ගත කරපු

ගත ටික ටිකෙන් මොරනවා
සිත ටික ටිකෙන් කෙලෙසෙනවා
ආසාව ටික ටික වැඩිවෙනවා
තම සතු කරගන්න හැම වෙහෙසෙනවා

ඉගෙනුම අරන් ලොව ජිවත් වෙන්න
තරගෙට දුවයි අනෙකා පසුකරයන්න
හැකි අය කෙලෙස හෝ ජය ලබගන්න
ඉන් පසු නැවත මුදලට යටවන්න

අමතක වේ අතීතය ටිකෙන් ටික
දුක් ඇති විටදි පමණකි තැවීම
සැප ඇති කලදි දුක අමතක වේය
ලෙඩ දුක් මැදින් මරණය මුණගැසේය

තෙරුමක් යන්තම් ඇති කෙනා ලොවේ
සමිදුගේ දහම මුණගැසුණොත් පින පෑදේ
ඒ දම් මගේ ගිය අයටම ජය ලැබේ
සසරේ දුකට පිළිසරණක් මෙයින් සැදේ

Saturday, 19 October 2013

අතීත මතක අතර

ඈතීන් ඈතට දුවමින්
අතීත මතකයන් සමගින්
කදුල සිනහව අතර සිත අතරමන් වේ
ඒදවස් සෙනෙහෙන් ලගින් උන්
බොහෝ දන,
වෙන වෙන තැන්හි
වෙන වෙනම තරගයක පැටලි ඇත...
සමහරුන්,
තවම මා වටා
මා සමගින් දුකේදී සැපේදී ලගින් හිදියි...
තවත් අය,
ඔවුනගේ කටයුතු කරගත් පසු
ඔවුනගේ ලොව වෙත නැවත ගොස්ය...
ආ ගිය උන් ගැන සිත සිතා
අතරමං වන්නේ කිම මා සිත
තමන් කලයුත්ත කල පසු
සැනසිල්ලෙන් තමන්ගේ ලොව දිනනු හැර

Tuesday, 17 September 2013

පහන් තරුව...

සොදුරු මද නල හමන
සුපුන් සදවත දිලෙන ‍රැයක
තරු පිරි අහස් කුස
දහස් තරු කැල අතර
සොදුරු සුව ගෙනෙන
 කිම මේ....
පහන් තරුවට
සෙනෙහසින්
පහන් තරුවේ
සොදුරු පැහැයට
නෙතින් පමනක්ම නොව
සිතින් මෙතරම් ලංව
පහන් තරුවම පතන්නේ...
පහන් තරුවම
පහන් වෙනතුරු
මගේ ලග ‍රැදි
නිරතුරු ‍සිටීවිද.....?

Tuesday, 16 July 2013

සිහින

අරුත් බර වූ අලුත් ලොවකට
සිහින පොදි බැද පැමිණි ගමනේ
සිහින ඉ‍ටුවන බවක් නොපෙනේ
සිහින ලොව තුල
අතරමං වුනිද යම්සේ
කරකවා අත හැරිය විලසට
කොහෙන් කොතනින් කෙලස
කුමකින් අත් වාරු ගන්නද
තම නැත මෙහි හමු වුනේ
එහෙත්.....
දහස් ගණනින් පොදි බැදන් ආ
ඒ සිහින ඉ‍ටුවන
මගක ඇරඹුම ගත යුතුම වේ
රළ පෙලට මැදිවී
සැලි සැලි පෙරලෙන
පහුර ලෙස නොව
නැවක යන දල  රළඳ බිදගෙන
යා යුතුම වේ නියමුවකු සේ....

Wednesday, 15 May 2013

එහෙත් අද දින


අඩන දහසක් නෙත් සනසලා
තාම මතකයි සතුට දුන්
දයාබර අහිංසක මගේ හදවත

වැරදි මග යන දෙපා නවතා
අසා ඇති හරි මග පෙන්නුවා මතකයි
අහිංසක මාගේ දෑත නුඹ ගැන

නපුරු රලු වදන් නවතා
යහ වදන් පවසන්න කිවා මතකයි
අහිංසක දෙතොල් දෙක නුඹ

කා දමන රන් වටින කාලය
රනට වැඩියෙන් වටින ලෙස ගෙවන්නට
අසා තිබු දහම කියා දුන්නා මතකයි

මෙලෙක් වුනු හදක් තිබුනා
එදා මේ මට
මේ හැම කරන්නට සතොසින්

එහෙත් අද දින
නපුරු රලු වදන් පිරිලා
වැරදි මග යන අඩන මා හට
කාලයත් හරස්වී
සිතද නෑ එකගව

Friday, 3 May 2013

ඇත්තක්


හිතන්න ඕනි දෙයක් ගැන කියන්න හිතුනා.මේක අපේ ලොක්කෙක් මතක් කරලා දුන්න දෙයක්.
"කෙනෙක් කාලයක් වැඩ කරමින් හිටපු තැනක ඉදලා එකපාරටම එතනට කියන්නෙත් නැතිව තව තැනකට යනවා.ඉතින් යන්නෙත් නිකන් නෙවෙයි පලවෙනි තැන හිටපු පිරිසකුත් කඩාගෙන එතනට හානියකුත් කරගෙනයි.ඉතින් අර දෙවනි තැන ඉහළ නිලධාරින් දැනගන්න ඕනි මේ කෙනා ආවේ අතන විනාශ කරගෙන ඉතින් ඒ නිසා මූ අපේ තැනත් විනාශ කරගෙන කඩාගෙන යන්න පුලුවන් කියන එක"
ඇත්ත නේද කතාව.දෙවෙනි තැන පිරිස බුද්ධිමත්නම් අර කඩාගෙන ආව කෙනා ගැන විශ්වාසයක් තියන්න හොද නෑ නේද?
මම කල්පනා කරලා බැලුවා.මේක අපේ ජිවිතයේ ගොඩක් තැන් වලට ගලපගන්න පුලුවන්.ඉතින් බුද්ධිමතුන් අවශ්‍ය තැනදි ගලපාගෙන විනාශයන් වලක්වා ගන්න.

Monday, 29 April 2013

ඔබමද...


සඳ නැග එන සීත රෑ යාමේක
සිහිනයක් සේ ම'වෙත පැමිණිය
ඒ සිහිනයේ සෙයාව ඔබමද...

මා දෙනෙතට ලං වුනේ නැතිමුත්
දෙනෙත් ලග දැවටෙන
හැඩකාර රුව ඔබමද...

සවන් මත මිහිරි වදන් මුමුණා නැතිමුත්
සවන් ලග කෙදිරෙනා
ඒ හඩ ඔබමද....

හදට හදක් සෙනෙහෙන් පිදුවේ නැතිමුත්
හදේ නිති කකියනා
සිතුවිල්ල ඔබමද....

Wednesday, 3 April 2013

අහස එළියයි-හිරුද බබළයි


අහස එළියයි-හිරුද බබළයි
පොලොව සාරයි-ගහකොළද දලුලයි
නදිය නිසලයි-මසුන් පීනයි
සිතේ කලබල ඇයිද මේ ලෙස

අතීතයට දුවන මේ සිත
තරහ පුරවා නැවත පැමිණෙයි
මෙතන නැවතුන මේ සිත
ආසාද පොදි බැද විදියි නෙක දුක්

බොරුව වපූරන දවස් වෙන් වෙයි
නැකත් කෙලියට නිතර යටවෙයි
හිස්  බවෙන් පිරි දිවිය ගතවෙයි
සතුටයි කියා සිතින් ලතැවෙයි

ඉරද බැසයයි- අදුර ලංවෙයි
නිහඩ නැති ගත-තවත් ආසා පොදි ගසයි
නොමැති විට සුව-ගතද වැහැරෙයි
සිතද පිරිහෙයි
දැන දැනත් මේ බැව්
තමන් හට වෙර බදියි දන
හෙටක් ගැන නොසිතාම කිසිවිට


Thursday, 28 March 2013

යලිත් ආවා පුරුදු නගරෙට


වෙනස් වෙයි නිති ජිවිතේ
ගමන් මග නෑ නැවතුනේ
යන්න වෙන බව නොසිතුනේ
ඇයිද මෙතරම් කලබලේ...

සිතුවේ නැත යලි එන්න වේ යැයි
මතක අමතක කරපු නගරෙට
කැලේ දු‍ටු මල සිහිකරන් නිති
නගරේ සිතුවම බොද වුනේ

අතීතයට අත් හැරිය මේ නගරය
මතක විසිකර දැමුව නගරය
විසුරුනත් දිවිය මේ නගරයේ
දිවියෙ අරුතය දු‍ටුව නගරය

නගර මැද බොදු දනන් පුද දෙන
පිදිය යුතු දළදාව වැඩ වෙසෙ ‍රැස් දෙන
දිවිය දු‍ටු මේ සොදුරු නගරෙට
යළිත් ආවා නොසිතු මොහොතක - නොසිතු විලසින්

යලි පැමිණෙන්න හිතක් නැ තිබුනේ කොතනක
මගේ මතකය මහවැලියෙ දිය කරන්නට
ගං තෙර ඉදන් දිවිය සෙවුමට
යලිත් ආවා පුරුදු නගරෙට

Wednesday, 13 March 2013

එහෙම නෙවෙයිද....?

කාලය ගෙවිලා යන්නෙ පුදුම වේගයෙන්
2013 ලැබුවේ ඊයේ පෙරේදා වගෙ
ඒත් දැන් මාස තුනක් ගෙවිලත් ඉවරයි
උනු දෙයකුත් නෑ .... කරපු දෙයකුත් නෑ....
මොනව කලත් නොකලත් කාලය නම් නවතින්නේ නෑ...
අපි කාලය යන වේගෙටම අපේ ජිවිතෙත් හරි පැත්තට හරවගෙන
වෙනසක් කර නොගත්තොත්
මහලු කොස්වා ලිහිනියන් මාලු නැති මඩ වලේ ලැගලා
හූල්ල හූල්ල හිටියා වගෙ තමයි අපෙ අන්තිම කාලය විතරක් නෙවේයි
මේ ගෙවෙන දවසක් ගානේ ඉන්න වෙන්නෙ...
එහෙම නෙවෙයිද....?


Monday, 11 March 2013

අතීතය අමතකව


සෙනෙහසින් සිප ගත්තු-එකිනෙකට වෙලුණු
දෙතොල් පෙති අමතකද
ලොවට රහසේ-කාටත් නොපෙනි
තුරුලේම උන්නු හැටි අමතකද
රහසේම කොදුරලා-කනට ලංවී
ආදරයෙන් කියු වදන් අමතකද
ආදරය පුරවලා-වේගයෙන් අමුනලා
ඒවූ පණිවිඩ දැන් ලියවෙන්නෙ නැතිවදෝ

අතීතය අමතකව ගියත් ඒ ලෙසින් නුඹ හට
අමතකව නැත අතීතය මට කිසි ලෙසින් තව
ඒත් ඒ අතීතය යට ගසා යලිත් මතු නොවන සේ
අනාගතයේ දොර‍ටු හැර වර්තමානය මැදින්
යමි මගේ ගමන පෙරටත් වඩා මං
ඔබේ අරියාදුවෙන් ජවය ගෙන ඇති තරම්....

අතැඟිලි නොබැදෙන-හිත බැදි සෙනෙහස


සෙනෙහස පිරුණා හද තුල උතුරා
ලංවෙන්න බැරි වුනත් දිවිතුරා
පෙන්වන්න බෑ සෙනෙහෙ
ලංවෙන්න බැරි නිසා
ඈතක ඉදන් ඔබ දෙස බලන්
ඉන්නේ මා සැමදා
ගියත් මා ඔබ දමා-නෑ සෙනෙහෙ අඩුවෙලා
හිත තුල හිරකරන්-ඒ සෙනෙහෙ ඇත තවත්
කිසිදාක නොවෙ නිමාවක්-පිදුව ඒ සෙනෙහසෙ
තව තවත් වැඩිවුණත්-පෙන්වන්න බෑ සෙනෙහෙ
දිවිතුරා ‍රැදෙයි
අතැඟිලි නොබැදෙන හිත බැදි සෙනෙහස