මගේ තැන...............................

මගේ තැන...............................
Showing posts with label ගිහිගෙහි හැර යාම. Show all posts
Showing posts with label ගිහිගෙහි හැර යාම. Show all posts

Wednesday, 3 January 2018

සම්බුදු සිරිත 2

උයනේ ඉදන් කුමරුන් ‍මැදුරට ආවා
සිතුවිලි ගඟක කුමරුන් සැරි සැරුවා
නළඟන රැගුම් කුමරුට රුචි නැතුවා
මෙය දැක උනුන් සෙමිහිට නිදි කිරුවා

මැදියම් රැයේ කුමරුන් නෙත් යොමුවෙනවා
කුණු කෙළ පෙරාගෙන නළඟනො නිදියනවා
දෙව් දූ ලෙසින් සැරසි පෙර රැගුමන් රැගුවා
ප්‍රේතයින් මෙනි දැන් කුණු ගද ඉවසනු බැරිවා

සසරක යනෙන අප ජිවිත මෙහෙමයි ඔන්න
යා යුතු වේය නැවතුම සෙවුමට වෙර ගන්න
දොර හැරදමා සොදුරිය සහ පුතු බල මින්න
යනවා මා ඉතින් ඔබ හැම හැර දා පිට වෙන්න

සෙමෙන් ගොසින් ඔහු චන්නය ඇමතිට
කන්ථක අසු සුදානම් කරනුව ගමනට
යා යුතු වේ අප දැන් ගමනක් රහසට
තීරණයක් ඇත දැන් මේ රජ කුමරුට

හනික ගමන යන්න මේ තිදෙනා සුදානම්
රජගෙයි සැවොමත් හොද නින්දේ දැන්නම්
වාසල් දොරටුව හැම සෙබලුම් නොදනි මෙයනම්
අසු කුර හඩවත් නොඇසේ පුදුමයි එයනම්

පින් පිරි මේ කුමරා දෙව්ලොව ඉදලයි ආවේ
දෙවිවරු හැමගේ ඇරයුම පිලිගෙනමයි ආවේ
ඒක නිසයි දෙව් පිරිසගෙ උපකාරය ලැබුවේ
ගිහිගෙය හැරයන්නට බාධක මග හැරවුවේ

පින් පිරි ඒ කන්ථක අසු වේගෙන් යන්නේ
චන්නද ඇමතියා පුදුමෙනි දැන්නම් ඉන්නේ
අනෝමා ගං තීරේට දැන් ලංවීගෙන එන්නේ
ගංතෙරදී අසු නතර කරන්නට අණ දෙන්නේ

මගුල් කඩුව ගෙන හිස කෙස් වැටිය සිද දමා
රන් අබරණ සහ රජ ගෙහි හැදි සලුද හැර දමා
පින්වත් චන්නය මේ අසනුව මා දෙසට යොමා
නවතන්නට මේ දුක් කද, හරිමි රජ සැපත මෙමා

බෝසත් කුමරු ගංතෙර එතෙර උනා
ඒ දෙස බලා කන්ථක ආසු සසල උනා
වාවගනු බැරිව අසු හදවත නතර උනා
චන්නට තනිවම රජ මැදුරට යන්න උනා