මගේ තැන...............................

මගේ තැන...............................

Wednesday, 19 February 2020

සදා වදිනෙමු අනද හිමි ගුණ මහමෙරක්

අපගේ ගෞතම සොදුරු මුනිදුගේ සසුන ලොව බැබලුනා
කිඹුල්වත වැඩිය දා සයක් කුමරුන් සසුන වෙත පැමිණුනා
පිනා යන අමිතෝදනය රජ පුතු ආනන්ද ලෙස නම්වුනා
ඒ සොදුරු ආනන්ද හිමිගේ වත කියන්නට මට සිත් වුණා

සියලු දම් පද දරා ඉන්නා භාණ්ඩාගාරය නම් දරා
බහු සුතයෙන් ගොයුම් සසුනේ අගතැන ඇත
දරා
විසි පහක් වසරම ගොයුම් මුනි හට උවටැන් කරා
මතක බලයෙන් අග තැන ලබයි හිමි සසරේ  පින් පුරා

ආවේ පෙරුමන් පුරාගෙන පියුමතුර බුදු සසුනේ පටන්
සුමන නම් හිමි කරයි උවටැන් බුදු සමිදුගේ ලඟ හිටන්
පැතුවේ අගතැන් බුදු සමිදු හට වැද පුදා එදවස පටන්
පැතුම ලෙස කල්ප ලක්ෂෙක අවා දෙව් මනු ලෝ සිටන්

සමිදු ගෞතම මුනි පිරිණිවෙයි තාම නැ නොව සසරෙන් ගැලවුමක්
හැඩුම් මැද හිද මුණිදු වැදගෙන දුක් වුනේ දැනිලා නොව තනිකමක්
වෙර වඩාගෙන දිරි ලබාගෙන දහමෙන් සිතට ගත්‍තා සැනසුමක්
සතර ඉරියව්ව අතහැර අනද හිමි සිත නිවා දැම්මේ ගිනිගොඩක්

සංගායනා කරමින් ගැට ගසා දම් මාලයක්
කසුප් හිමි සමග හිමි කලේ යස යුතුකමක්
පුදකරමු අපි අසා සැනසෙන විට දම් පොදක්
සමිදු නාමෙට පුදමු අපි හදා මල් මිටි ගොඩක්

එකසියකුත් තව වැඩිපුරයි විසි වසක්
රෝහිණි ගග මැදදී පිරිනිවෙයි සේ සදක්
දෙපස බෙදුනා ධාතු හිමි කල අදිටනක්
සදා වදිනෙමු අනද හිමි ගුණ මහමෙරක්

Tuesday, 18 February 2020

මහ රහත් මුනි බිම්බාව ගුණ කදක් දරනා

දීපංකර නම් බුදු හිමි දම් කද ලොව පැතිරෙන්නේ
වඩින හිමිට සුමේධ නම් තවුසකි මග හමුවන්නේ
ගොයුම් නමට බුදු වෙන බව විවරණ කරමින්නේ
සමිදු වදන් අසමින් කෙල්ලක ඒ අසල සිටින්නේ

එදා පැතුමකි පැතුවේ බුදු සමිදුන් නෙලුමින් පුදා
මෙදා වෙනකල් එන්න අප හිමිසදුට සැලකුම් සදා
හදා සෙනෙහස හිමිගේ ගමනට දිරිය දුන්නයි බදා
කදා පින් පුරවන්න හිමි හට දරුවන්ද දුන්නයි වදා

සසර එන විට ආවේ එකටම අත් නොහරමින්
කොයි බවේදිත් ආවේ හිමිසද තනි නොකරමින්
කිදුරු බවයෙදි පාතිවතේ බල ගෙනා පණ දෙමින්
අවසනක් නෑ කිව හැකියි ඒ ගුණ කද සදා වයමින්

වෙසතුරුව ඉපදි අවසන්ම බවයක හිමියන් එදා
දන් දුන්න හැටි කියන්නට බැහැ උපමා කර සදා
පින් පිරුවා එකටම තනි නොකර හිටි ඈ දිවි පුදා
කිය දුන්නා ආදරය මේකයි ලොවට පාඩම සේ සදා

බිම්බාව ලෙස නම් ලබා කුමරුගේ උපත සමගින් ඉපදිලා
ආදරේ කිම යැයි කියා ලොවටම සොදුරු දිවියෙන් පෙන්නලා
මෙහෙසි වී කිඹුල්වත් කුමරුට බොහෝ සතුටින් ගතකලා
යශෝදරා සේ නම් ලබා සසුනේ උතුම් නිවනින් සැනසිලා

සසර ගමනේ සමිදු සමගින් එකට සිටිනා
හැම වෙලේදී සමිදු අතහැර නොයා සිටිනා
මහ රහත් මුනි බිම්බාව ගුණ කදක් දරනා
දරා ගනු මැන ලොවේ හැම මේ පිදුම් කරනා

Friday, 14 February 2020

ඔවදනක්

ඕනෑ නැති විටකදි විදුලි බුබුලක් නිවලා යන්න
අපතේ යන්න දෙනු ඇයි ජල සම්පත සුරකින්න
වටිනා කමක් ඇති සීමීත මේ දේවල් රැකගන්න
වැඩිහිටි සැවොම ආදර්ශයෙන් මේ පෙන්වා දෙන්න

ගහ කොළ ඇළ දොළේ අගය හැමවිට පහදන්න
පරිසරයත් සමග ජිවත් වෙන හැටි කියලා දෙන්න
සතා සීපාවට මෙත් කරුණාවෙන් නිති සලකන්න
එය මග වේය යහපත් හෙටකට ලක දිදුලන්න

පොදු දේපල කඩලා බිදලන්න එපා
පොදු දේවල් සොරකම් කරනු එපා
යන යන තැන කුණු කර දමනු එපා
තිරිසන් සතුන් සේ වැඩ කරනු එපා

ණුවණැති අයගේ ඔවදන් නිති අසාගෙන
යන මග හදාගනු ජය ටැඹ සොයාගෙන
අසරණ අයත් කරුණාවෙන් බලාගෙන
සිට පුත හිතට එකඟව වැඩ කරාගෙන

යුතුකම් වඟකීම් හැම නිති ඉටු කරනු පුත
ලැබුණත් ගැරහුම්ම ලෝකෙන් ඉවසනු සිත
සවිමත් වෙමින් ඔසවනු වරදට එරෙහි අත
යහපත් ගුණ දහම් මිස නොයනුව වරද වෙත

Wednesday, 20 November 2019

වරදින් මිදී ජයගත් මුනිදාණෝ 1

සම්මා සම්බුදු සමිදු වදිමින් නගා හඩ
සිරි සදහම් වදිමි හදවතෙහි තබා ඉඩ
වදිනෙම් සගරුවන කියමින් සාදු හඩ
පද බැද පවසන්නේ වරදෙන් මිදුනු හඩ

පුරවරයෙහි අවි ආයුධ හැම දිදුලන්නේ
කරදරයැක්දැයි මේ සැවොම සිතන්නේ
නැකත්කරුවෝ අනාවැකිය කියන්නේ
පිනැති පුතෙකි මෙපුර එළිය දකින්නේ

පින පුරවාගෙන ඇතුලත කුමරු හැදෙන්නේ
කලා වයසට හරියැයි තක්සලාවේ යැවෙන්නේ
ගුරු ගෞරවයට කිසිවෙකු පලමු නොවන්නේ
පිනැති පුතා සිල්ප ලබා ටික ටික ලොකුවෙන්නේ

තක්සලාවේ දක්ෂ පුතා ගුරු හද ජයගන්නේ
සිල්ප ලබන අනෙක් අයගේ සිත මැලවෙන්නේ
ඉරිසියාව මතුව ගොසින් සැලසුම් කරමින්නේ
ගුරු සිත බිදුමට කේළම් එකිනෙක පවසන්නේ

ගුරු සිත් බිදුණි එනමුත් බෑ දඩුවම් නිසි දෙන්න
කරවමි උපායක් මේ නපුරා වැනසී මිය යන්න
ගුරුතුම කතා කෙරුවේ අහිංසක මෙහි එන්න
ගුරු පඩුරකට අවැසිය අතැගිලි දහසක් දෙන්න

හරි ගුරුතුමනි මා ගුරු පඩුරක් පුදවා දෙන්නම්
ගුරු හට මගේ ගරුසරු බව පෙන්වා දෙන්නම්
කඩුවක් රැගෙන කැලයට මා අද ඉදලා යන්නම්
දහසක් මරා අතැගිලි දහසකින් ඔබ පුද දෙන්නම්

ගත්තේ කඩුව තම වාසිය තකා නොවේ
වෙන කිසි වරදකට කිසිදා යටත් නොවේ
ගුරු ගෞරවය කිසිදා සිත වෙනස් නොවේ
ඉන්නේ අහිංසක මිස වෙනකෙනෙකු නොවේ

වනයට යන එන අයට මොහු මරණය ගෙන එනවා
එක දෙක නෙවෙයි විසි තිස් ගණන් ආවත් එය වෙනවා
අසුපිට නැගුණු අයටත් බේරුම් නැත ඉරණම විස දෙනවා
වනයට යන්න කෝසල රටේ හැමදෙන නිති බිය වෙනවා

මිනිසුන් මරා දමමින් අරගෙන අතැගිල්ල
තබමින් ගුහාවක රකිමින් ඇදුරට බිල්ල
තබලා රැකිය නොහැකිය අතැගිලි මල්ල
කුණුවී, සතෙකු කා අවසන් ගත් ඇගිල්ල

කිසිදා සොරකමක් ඔහුගෙන් නොවිලා ඇත
කිසිදා අතවරයක් කිසිවෙකුටත් වෙලා නැත
අතැගිලි ගුරු පුදටමයි වෙන අරමුණක් නැත
මොහු ගැන ලොවට කීමට ගුණ කදක් ඇත

හරියන්නේ නෑනේ ඇගිලි ඉතිරියක් නොවෙයි
කලහැක්කේ ඇගිලි මාලයක් පැලදීම තමයි
ගොතනා මාලේ දැන් ටික ටික පිරෙණු දැනුයි
අංගුලිමාල යන නම පටබැදිලා ඔහුට හිමියි

කපනවා ඇගිලි මරමින් වනයට යන අය අල්ලාගෙන
කියනවා රජුට රට වැසියන් හඩමින් අභය ඉල්ලාගෙන
යවනවා සිව් සේනාවන්ම වනයේ එනු ඔහු අල්ලාගෙන
වඩිනවා බුදුසමිදු මහ වනයට කරුණා සිත උපදවාගෙන

දරුවන් වටිනවා මව්වරු හට හැමකලදී
මා පුතු අසූවේය රජුගේ සේනා යන විටදී
බේරා ගනිමි පුතු මගෙ දිවියම හෝ පුදදී
මව්තුම යන්නේ වනයටයි පුතු ගැන සිතදී

අවසන් නවසිය අනූ නවයක් ඇගිලි බැද
එන්නේ කවුරු වූවත් අල්ලා ගෙලම සිද
සිතුවිලි නොමැත එන්නේ මව පියා වෙද
සිතමින් අගුල්මල් යන්නේ මාවත ඇවිද

එක් පසෙකින් මව්තුම ලං වී ගෙන එනවා
බුදු සමිදුන් පසෙකින් ඔහු වෙත ලං වෙනවා
මව් මැරුවොතින් කල්පයකට නිරයට යනවා
දකිනා සමිදු ඔහූ බේරා ගන්න පෙර මග එනවා

Friday, 16 August 2019

අප මුණිදු සම්මා සම්බුදු ව නිවන වෙත වඩිනවා


හොයාගෙන පරම මග ලොවට නොඇලී සිටිනවා
ගෙවාගෙන ගෝර දුක් සසර නිමාවම දකිනවා
බෝ සෙවනේ වීරියෙන් තිලොවෙහිම ජය ලබනවා
අප මුණිදු සම්මා සම්බුදු ව නිවන වෙත වඩිනවා

බුදුරැසින් බබලමින් නැණ නුවණ උදා කරනවා
පෙර බවය ගෙවා ආ ගමන නිති සිහි කරනවා
රෑ ප්‍රථම යාමයත් දැන් ගෙවි කාලයම ඇදෙනවා
අප මුනිදු ගෙවා ආ සසර මොහොතකින් දකිනවා

දෙවන යාමයට රැයත් ගෙවි ගෙවි දිදුලනා
සමිදු දැන් ඉපදෙනා මැරෙන ලොව බලනවා
ඉපදෙනා මැරෙන සතුන්ගේ ගමන දකිනවා
දෙවන නුවණත් ලබා සිතක සැනසුම ලබනවා

හදන සසරක ගමන කෙලෙස් මුල් දකිනවා
ඒ කෙලෙස් මල අප සමිදු දුරින් දුරු කරනවා
කෙලෙස් හැම දුරුකලා අප මුනිදු සිත දකිනවා
තෙවෙන නුවණම ලබා ගුණ කදක් ලබනවා 

මතුවෙනා නුවණ මැද සමිදු සම්බුදු දිලෙන්නේ
ගුණ කදක් ගල ගලා ලොවට සෙත සැදෙන්නේ
තෙලොව තතු දැනගෙනයි මුනිදු ජය ලබන්නේ
දෙව් මිනිස් ලොවේ ගුරු සිහරජුට අපි වදින්නේ

Wednesday, 8 May 2019

මුතු ඇටයකි ඉන්දිය මහ සාගරේ


මුතු ඇටයකි ඉන්දිය මහ සාගරේ
කියලයි කීවේ මේ මුලු ලෝකයේ
මුතු ඇටයට ඇවිදින් කලු කූඹීයෝ
දිදුලුම් නෑ කලු පැල්ලම් මතු උනේ

හැත්තෑ වසරක කල මේ පාලනේ
කෑවා ටික ටික ඔබ ලක් මෑණියේ
බලා ඉදන් හැමදාමත් නිකරුනේ
මෑණියේ ඔබටයි දරුවන් නැති උනේ

එක එකාට හොදම එකා කියලනේ
හැමදාමත් කලේ ඉතින් පැති මාරුනේ
මෙහෙම කරන එකම තමයි වැරදුනේ
හොදම එකා තෝරා ගත යුතු අපිමනේ

බුදු සමිදුගේ කරුණා නෙත ලැබුනානේ
සිරි සදහම් ගබඩාවයි සමිදුන් දුටුවනේ
ලොවට උතුම් රට ලෙස අණ පැතිරුනේ
ඒ උතුම් රටට උතුම් නායකයෙක් දෙනු මැනේ

රට රකිනා මහ විෂ්ණු දෙවියනේ
බලා මොවුන් ඈතක විසි කරමිනේ
සක්දෙවිදුගේ වරමක් ඉල්ලා ගෙනේ
දෙව් පුතෙකුට වඩින ලෙසට කිව මැනේ

හැම විපතම දුරින්ම දුරු කරමිනේ
සතරවරම් දෙවිරජිදුන් මෙහි වඩිමිනේ
වෙසමුණි දෙවි අණ මෙහි පතුරවමිනේ
වින කටිනා උන් අල්ලා ගෙන යනු මැනේ

මහ බෝධීය මහ සෑ අනුහස පතුරවමිනේ
මහ බලගතු දන්ත ධාතු හිමියන් වඩිමිනේ
වැඩහිදිනා බුදු සමිදුගේ දා බලයම් රැගෙමිනේ
රැකදේවා මෙලක සිල් ගුණ දම් පිරි අනුහසේ

රැගෙන ආපු, සඟවා තිබෙන ආයුධ එලිවේවා
සැගවී සිටින, උදව් කරන හැමදෙනාම හසුවේවා
නීතී රකින ලක් පුතුනට කරදර හැම දුරුවේවා
මනුසත් ගුණ හැමදෙනාට නිසි ලෙසටම පිහිටාවා


Friday, 8 February 2019

සැනසීම සොයාගෙන - රැවටීම


සැනසීම සොයාගෙන
සැප සතුට පතාගෙන
ජිවිතය ගෙවාගෙන
කොහේ යන්නෙද මෙසේ

කුඩා කල පෙර පාසලෙන්
ඉස්කොලේ ගිය පසුව හමුවෙවි
සැප පිරුණු ලෝකයක් හැබෑවට
කියා කිව්වා මතකයි වැඩිහිටියෝ

පෙර පාසලේ තිබුණු ඒ සොදුරු ලමාවිය
සැප සතුට හා තිබුණු සැහැල්ලුව
ටිකෙන් ටික අඩුවෙමින්
පිරුණානේ ඔලුව ටික ටික බරවෙමින්

එක වසර දෙක වසර පසුකරන්
පලයන් මගේ පුතේ පහ වසරටම
පහ වසර විභාගය සමත් වී ගියොත්
හමුවෙවි නුඹට සැප ලෝකයක්
කීවා මතකද ගුරුවරුන් වැඩිහිටියෝ

හැම දේම පසෙක කොට
පොත් පත්තරම තුරුළු කොට
ලිවානේ පහ වසර විභාගය
කෝ ඒ සොයපු සැප සතුට සැහැල්ලුව

හය වසර හත අටද නවයට ගියා
පුතේ තව දෙවසරයි ඕලෙවල් විභාගෙට
ලියා සමත් වූවොත් උඩින් අන් හැමට
උඹ සොයන සැප සතුට ඉන් පසුව හමුවෙන්නේ
කියා කීවනේ මව් පියන් නෑසියන් වැඩිහිටියෝ

පලවෙනියා වෙලා දහය වසරෙදි
එකොලහට ඇවිත් දැන් ලඟයි ඕලෙවල්
වැඩ ඇතිව සියලු විශයන් උඩින්
A අරන් සමත් වී ගියත් 12 වසරට
අනේ නෑ නොවැ සොයන සැහැල්ලුව

දොලහ දහතුන වසර වල දෙවසරක්
ටියුෂන් වලට වසර දෙක හමාරක්
කලා විභාගය ඒ ඒලෙවල් වරක් දෙවරක්
තව ඉතිරි වාරයයි තුන් වතාවක්
කැම්පස් එකයි සුර පුරය මව මවා කිවේ
ගුරුවරුද ගම්වැසියෝ මව් පියන් වැඩිහිටියෝ

පාස් වී ඒ ලෙවල් වයස විසිගණන් පසුවෙද්දී
ගියේ කැම්පස් එකේ සුර පුරය හොයාගෙන
අනේ කෝ ඒ කියු සුර පුරය
තිබුනු සැහැල්ලුව සහ සැප සතුට
ටිකෙන් ටික අහවරයි සොයා සොයා සුර ලොවක්

ඩිග්‍රියක් කරතියන් පන්තියක් එක්කහුව
හොයා හොයා ජොබ් එකක් ඉන්‍ටවිව් පසුකරන්
සුර පුරය කියා කියු හැමදාම , හැමදෙනාමත්
සොය සොයා ආවට මේ විසල් කොලොම්පුර
අනේ දැන් ඒ තිබු සැනසීම අහවරයි නියමෙටම

කලුවරේ යනවාලු - කලුවරේ එනවාලු
බොඩිමක හෝ පොඩි ඇනෙක්සිය ඇතුලේ
දහදුකක් විදගෙනම - කඩ කෑම කාගෙනම
සොයනවා සැප සතුට - මිරිගුවක් හෝ නොදැක

ආයෙමත් යන්න හැකිනම් පෙර පාසලට
එහිම නවතිනවානේ - ඇතිය එහි සැප සතුට
ආයේනම් ලොකු වෙන්න කියන වාරේකට
"මෙහෙම මට හොදයි. ඕනි නෑ ලොකුවෙන්න"

Thursday, 10 January 2019

දුක් විදි කුමරියක්?

ඉපදුන දා පටන් අපලයක් කියනවා
මරා දමපිය ඈ මේ හැම නසනවා
අනාවැකි නැකත්කරුවන් කියනවා
වෙනම පෙදෙසක ඈ තනිව හැදෙනවා

යක්ඛ ලේ ඇති නෑ පිරිස මග හරිනවා
කුලවතියක් නිසා දැසි දස්සො ලබනවා
කපු කටින්නට  හොද හැටි දැන ගන්නවා
මුහුද අසබඩ තම්මැන්නාවේ දිවි ගෙවනවා

රජ කුලේ යුවලක විවාපත් වෙන දිනයක්‍ ය
රටෙ හැම දෙනා හට ඒ මගුල් උත්සවයක් ය
මේ යොවුන් කුමරියට එහි යාම තහංචියක් ය
මලිගාවේ තනියට ඇත්තෙ එක් සේවිකාවක් ය

හිතුවක්කාර කම් මැද දිවි ගෙවන සිංහබාහු කුමරා
රටටම වදයක්, රජුට හිසරදය මේ යොවුන් කුමරා
පිරිස සමගින් පිටුවහල් කර දමා නැව් නැගි කුමරා
ලක් තලයක අබියසට කැඩි නැව ආවේ විජය කුමරා

සනුහරේටම සාපේ කිව් ඈ ට බලය ලැබුණා
පෙර නොවුන ඇගේ හිත ආලයෙන් බැදුණා
දුටු වනම ඒ රුව ශක්තිමත් බව ඈට සිතුණා
රජ කරවමින් විජයව රැජිණ ඈ හීන මැවුණා

පිටරැටියෙකුට පෙම් බැද මරණයයි හිමි ඈට දැනුනා
හිමිවෙලා තිබු ජිවිතේ හිර වෙලා ඒ බව මතකෙ ඇදුණා
කරන්නට දෙයක් නෑ දැන් විජය කුමරුගෙ පිහිට පැතුණා
තමන්ගේ ලේ නෑයෝ මරණට විජය හට ඈ උදව් කෙරුණා

අවි අයුධත් නෑ සතුට සැණකෙලි පිරිස රැදිලා
තමන් මරණට සතුරු එනබව නොවෙ සිතිලා
වට කෙරුණ පිරිසෙන් ලක් යක් පිරිස මැරිලා
යුද්ධෙකින් නොව කපටි කමකට ජයක් ලැබිලා

විජය නෑ ඇගෙ පිරිස ඇවිදින් ඇයව ගෙන යන
කාගේ මරණෙද ඈ හිත දෙගිඩියාවෙන් ලත වන
යන විටදී කලකින් ඈ නෑ පිරිස වැටි තැන තැන
හැගුණු දුක් කඳ ඈ හිතම මිස කවුරුනම් පවසන

අමතකව නැසූ නෑයන් රජුගෙදර ඈ අග බිසව වෙලා
විජය රජුගේ ආල සෙනෙහස මැද සතුට යයි උතුරලා
කිසි දුකක් නෑ හැම දෙයම දැන්නම් හොද අතට හැරවිලා
විජය කුමරුට දරුවො දෙදෙනෙක් ඈ කුසින් බිහිකලා

නොලැබෙනා අඩු පාඩු දැන් ඉරිසියාවට හැරවිලා
රාජ සබාවේ උසස් අයටම පහත් ගති මතුවෙලා
විජයගෙන් පසු ඇයගෙ පුතු රජවෙයි සිත් වෙලා
බොරුව කේලම රජුගෙ හිත තුල සැකය ඇති කලා

මීනී මස් කන එකියකයි රජුට ඈ ගැන කියනවා
තැනින් තැන සැකයට කරුණු එක එක හදනවා
රජුගේ ආලය ටිකෙන් ටික දැන් මග හැරෙනවා
ඇමති පිරිසේ කුමන්ත්‍රණ ජය ලකුණු දකිනවා

රජු හටත් දැන් සැකය සිතේ රජ කරනවා
රජු රැජිණ හා එක්ව සිටිය කල ගෙවෙනවා
රජ මැදුරේ ඈට එරෙහිව කටයුතු කෙරෙනවා
රජු ට ඇය යකින්නක් ලෙසට දැන් පෙනෙනවා

රජ මැදුරෙන් එලවන ඈ ඉබාගාතෙයි ඇදෙන්නේ
දරු දෙදෙන සමගින්ම ඈ කැලය තුලටයි යන්නේ
කුසගින්නේ සිටිමින්ම ඈ දරුවන් කුසගිනි නිවන්නේ
කවුරු කොහොමද ඈ දරපු දුක මෙපමණයි කියන්නේ

කැලේ සැගවුණු පරපුරේ පිරිසකට ඈ හසුවුණා
දරු දෙදෙන සගවලා වෙනතකට ඈ යොමුවුණා
තරහ පිරුණු පිරිසගෙන් මරණයට ඈ හිමිවුණා
මරණ මොහොතේ සිත කොතන මුවග කියවුණා

ඔබට මා මටද ඔබ ආදරය වීය සත්‍යයක්
හිමිකමට කිසිකෙනෙක් නොවිය සවියක්
ඒ නිසයි මේ ලෙස අපිව තැබුවේ දෙතැනක්
හිමිවන්න වෙන බවෙක පතමු එක පැතුමක්

අනාගතේ මේ රට රජ කරනා හැම දෙනට
සාපය වේවා මේ මට කල හදියට හැම දිනට
කියමින් සමුගත්තාලූ කියලා තිබුණාලු තැනෙක
එකද මන්දා මේ රට කිසි දාකත් නොලැබුවෙ ජයෙක

Monday, 26 November 2018

අපේ අම්මා

ටිකෙන් ටික ලෝකයට යද්දි
අහිමිවූ පිය සෙනෙහසත් පුරවා
අඩුව නොමැතිව හැම දේම සපුරා
මුවග සිනහ නිතර තබලා
දිරිය දුන්නා ලොවට යන්නට
ගොර දුක් කද සගවා අපි හැදු
මහ වෘක්ෂය ඔබම පමණයි
අනේ ආදර අපේ අම්මා...

ගෙවාගෙන ජිවිතය තනියම
සතුට අතරම අපව තියලා
අඩු කලේ නෑ කිසි දෙයක් අපහට
ලෝකයේ ජයටැඹ වෙතට යන්නට
අපව දිරිමත් කල ඔබ
ජය ලබන අප දෙස සතුට වපුරන
මහ මේඝය ඔබම පමණයි
අනේ සුන්දර අපේ අම්මා...

(මාගේ අත්දැකීමක් නොවේ)

Sunday, 10 June 2018

ආදරණිය නැගණියනි....,

පහලොව පිරෙන විට වැඩි විය පැමිණෙන්නී
යන්තම් ලොවට පා තබමින් පිය නගමින් නී
කුතුහලයටයි වැඩි ඉඩ නෑ ලොව ගැන දන්නී
මවු පිය ඇසුර තුල පමණක් ‍රැකවල් ගන්නී

මුහුණට පැහැය වැටිලා පැහැපත් වන්නේ
ඉඟ සුඟ හැඩය ලබමින් බැල්මන් ගන්නේ
තිබිරිය ගෙඩිය ලෙස ළය හැඩ ලබමින්නේ
ලොවටම ගොදුර ලෙස වයසින් මෝරන්නේ

හැමතැන බැල්ම වැටෙමින් ඇත වහ වැටිලා
කවුරුත් නොවේ නුඹෙ ‍රැකවල් ගැන සිතලා
රවටා ගන්න බෝ දෙන එන්නේ බස් ගොතලා
වයසත් හොද මදිය නුඹ යයිදො ඒ බස් අසලා

මවුපිය සොහොයුරන් ලෙස නැත කාගෙත් ‍රැකවරණේ
සොයමින් එන්නෙ ගොදුරට ඇදෙන සතු ලෙස වන අරණේ
හසු වුනු දාට අවසන් වෙයි මියදෙන ලෙස පිඹුරාගෙ දරණේ
පුලුවන් ලෙසට නැගණිය හනිකට පලයන් තිසරණ සරණේ

සිත තුල නිතර මවු පිය ගුණයම දරමින්නේ
සිල්පද නිතර ‍රැකගෙන බඹසර රකිමින්නේ
ලොව යන මගට නොව හරි මග බලමින්නේ
යා යුතු වේය නැගණිය ජයටැඹ බලමින්නේ

එන එන අසංවර මෝස්තර හැම අල්ලා ගන්න එපා
පෙන්විය යුතු දේ මිසක් සඟවන දේ පෙන්වන්න එපා
තම චරිතයට කවදාවත් කලු පැල්ලම් ගාගන්න එපා
හොද නම නැතත් නරකක් කගෙන්වත් ගන්න එපා

‍රැවටි ලොවට වටිනා දිවිය නැති කර ගන්න එපා
මවුපිය ගුරුවරුන්  වටිනාකම් අත් හැරගන්න එපා
ශිල්පය ලබනා මග කවදාවත් වලකා ගන්න එපා
කොතනක ගියත් ණුවනැති දොස් ලැබගන්න එපා

Monday, 15 January 2018

සම්බුදු සිරිත 3

සලුපිලි සේම රජ අබරණ සියල් ගෙනා
චන්නගෙ වදන් අසමින් රජු පුදුම වෙනා
විදිනවාලු දුක් කදක් මේ අප සියලු දෙනා
සැපතක් සොයා යුවරජු වනයේ තවුස් උනා

දරමින් කසාවත් රජගෙහි සලුපිලි අත් හැරවා
කපමින් කෙස්වැටිත් ගෙන අහසට විසි කෙරුවා
ගනිමින් පාත්තර වලදයි බොජුන් රස නැතුවා
සොයමින් දුක් නැති ලෙසක් කුමරුන් වනයෙ සැරුවා

රාමගේ පුත් උද්දක එක් පිරිවැජියෙක්‍ ය
ආලර කාලාම නම් දරනා වෙනකෙක්‍ ය
සත්‍යය සොයා මේ අය ලග නැවතෙත් ය
ඒ අය වෙත මගක් නැති බව වැටහෙත් ය

නිවනක් සොයාගෙන ආ ලෙස මේ සසර පුරා
නොයෙකුත් වත් හුරු කර කර මහ වනය පුරා
විටෙකදි ගිලි නදියෙහි සීතල දිය අලුයමක් පුරා
තව විටෙකදි ගිනි තපියි හිරු දිදුලන දවස පුරා

දුක් දෙයි අන්ත ලෙස සොයනා අවබෝධය ලැබෙයි කියා
හුස්මක් අරන් පිට නොකරම හිටියේ ඒ එක් මගක් සොයා
වැහැරි ගොසින් මුලු සිරුරම දෙතිසක් ලකුණු සැගව ගියා
මරණය වෙතට යාදැයි තුන් ලෝකෙට සැක මතුව ගියා

වීරිය පුදුම ලෙස බුදු හිමියන් තුල පහලව තිබුණු
කාටත් හිතාගන්නට බෑ ඒ හිතුවිලි කොතරම් තියුණු
පින් කද කොපමණද කාටත් බෑ නොව මැන බල කියනු
දස මර සෙන් බිද ජය මේ බෝසත් කුමරුට ලැබුණු

සසරේ කරපු පාරමි බලදම් සවියක් වී තිබුණු
මිහිකත පමණි අප හිමි සවි බල ඇති කෙරුණු
තනි නොතනියට මහ බෝ රජු හිමි රැක ගැනුණු
බුදු හිමි මහිම දුටු ඒ බෝ හිමි සිහිකරමින් වදිණු

හිරු මඩල සේ දහවල අහස් කුස මුදුනේ දිලෙන
සද මඩල සේ සිසිලස බෙදමින් රෑ අහසෙහි තිබෙන
නුවණැස අපමණය අප සම්බුදු සමිදුන් ලැබ ගැනුන
ලියලා ඉවර කල හැකි වේද ඒ ගුණ කද කවදා කොතැන

බෝ මැඩදී සමිදු පෙර ජාතීන් දකින නුවණැස ලැබුවා
සසරේ ආපු ගමනෙහි තතු නියම ලෙස බුදුහිමි දුටුවා
බියකරු සසර ගැන තම ණුවනින් අවබෝධය ඇති වුවා
සසරට බැද තිබුණු හැම බැමි බෝ මැඩදීම දුරු කෙරුවා

මැදියම තුලදි දෙවෙනි වූ නුවණ සමිදුන් මතු කරවා
ඉපදෙන මැරෙන හැම යන එන හැටි නුවණින් දුටුවා
හැම ලොව ගැනම අතැඹුල සේ සම්බුදු ණුවනින් බැලුවා
ඒ හැම ලොවට යන මග සම්බුදු සමිදුන් නවතනු ලැබුවා

අලුයම ගෙවෙන විට කෙලෙසුන් තොර නුවණ ලබන
විමසා බලා සිත පතුලට කෙලෙසුන් දුරු කර දමන
සිත කෙලෙසුන් කිසිවක් නැති බව දැන ගෙන සොදින
වෙසගේ සද පායා ඇත අලුයම සම්මා සම්බුදු බව ලබන

දස බල බුදු නුවණ ලබා තිලොවේ ජය ලබන
සිව් නුවණින් විශාරදව තුන් ලෝ තුල දිලෙන
මහ කරුණාවයි මෙත් සිතිනුයි එකසේ සිටින
අනන්ත ගුණ යුතුමයි මුනිදානන් අප සැම වදින

හිතා ගන්න බෑ ලැබු ණුවන අපගෙ සිත පොඩිනේ
පුද දෙන විට සිත පහදා රැස්වෙන පින
අපමණ නේ
බුදු බව ලැබ තුන් ලොව ජය ගත් පින්වත් සමිදානේ
හැමදෙන එක් වී පුද දී පින් රැස්කර ගමු පින්වතුනේ

Wednesday, 3 January 2018

සම්බුදු සිරිත 2

උයනේ ඉදන් කුමරුන් ‍මැදුරට ආවා
සිතුවිලි ගඟක කුමරුන් සැරි සැරුවා
නළඟන රැගුම් කුමරුට රුචි නැතුවා
මෙය දැක උනුන් සෙමිහිට නිදි කිරුවා

මැදියම් රැයේ කුමරුන් නෙත් යොමුවෙනවා
කුණු කෙළ පෙරාගෙන නළඟනො නිදියනවා
දෙව් දූ ලෙසින් සැරසි පෙර රැගුමන් රැගුවා
ප්‍රේතයින් මෙනි දැන් කුණු ගද ඉවසනු බැරිවා

සසරක යනෙන අප ජිවිත මෙහෙමයි ඔන්න
යා යුතු වේය නැවතුම සෙවුමට වෙර ගන්න
දොර හැරදමා සොදුරිය සහ පුතු බල මින්න
යනවා මා ඉතින් ඔබ හැම හැර දා පිට වෙන්න

සෙමෙන් ගොසින් ඔහු චන්නය ඇමතිට
කන්ථක අසු සුදානම් කරනුව ගමනට
යා යුතු වේ අප දැන් ගමනක් රහසට
තීරණයක් ඇත දැන් මේ රජ කුමරුට

හනික ගමන යන්න මේ තිදෙනා සුදානම්
රජගෙයි සැවොමත් හොද නින්දේ දැන්නම්
වාසල් දොරටුව හැම සෙබලුම් නොදනි මෙයනම්
අසු කුර හඩවත් නොඇසේ පුදුමයි එයනම්

පින් පිරි මේ කුමරා දෙව්ලොව ඉදලයි ආවේ
දෙවිවරු හැමගේ ඇරයුම පිලිගෙනමයි ආවේ
ඒක නිසයි දෙව් පිරිසගෙ උපකාරය ලැබුවේ
ගිහිගෙය හැරයන්නට බාධක මග හැරවුවේ

පින් පිරි ඒ කන්ථක අසු වේගෙන් යන්නේ
චන්නද ඇමතියා පුදුමෙනි දැන්නම් ඉන්නේ
අනෝමා ගං තීරේට දැන් ලංවීගෙන එන්නේ
ගංතෙරදී අසු නතර කරන්නට අණ දෙන්නේ

මගුල් කඩුව ගෙන හිස කෙස් වැටිය සිද දමා
රන් අබරණ සහ රජ ගෙහි හැදි සලුද හැර දමා
පින්වත් චන්නය මේ අසනුව මා දෙසට යොමා
නවතන්නට මේ දුක් කද, හරිමි රජ සැපත මෙමා

බෝසත් කුමරු ගංතෙර එතෙර උනා
ඒ දෙස බලා කන්ථක ආසු සසල උනා
වාවගනු බැරිව අසු හදවත නතර උනා
චන්නට තනිවම රජ මැදුරට යන්න උනා

Thursday, 14 December 2017

සම්බුදු සිරිත 1

කරුණා ගුණැති හද මඩලක් දැරුවානේ
සත් හට දුකට එක පිළිසරණයි සමිදානේ
තුන් ලොව දිනා ජයගත් මගේ බුදු පියානේ
එක් කර දෑත වැද වැටෙම් සම්බුදු රජානේ

දුක් විදි සසර ගමනට සැප දී හද නිවන
සම්බුදු සමිද විමසුව හිදිමින් බෝ සෙවන
සැම සත වෙතට ගත හැක විමසා නුවණ
සම්බුදු දහම නමදිමි හඳ සැනසුම ගෙනෙන

බව දුක සිහි කරන් සසරට හිත කළකිරුණා
සසරෙහි ගමන නවතන්නට හිත තුල රැදුනා
සම්බුදු සමිදු දෙසු මගසොදුරුව නිරතුරු වඩිනා
සිහිකර වදිම් ඒ උත්තම සම්බුදු සඟ රුවනා

වෙසක් දිනේ එදා ලුම්බිණි නම් සල් උයනේ
සොදුරුව තිබුනු ලස්සන සල් ගස් සෙවනේ
මිහිමත සිටි උත්තම මව් තුමියගෙ කුසිනේ
ලොවට උතුම් පුත් රුවනයි ලොකෙට පහල උනේ

විසි නව වසරක් ගෙවමින් යුව රජෙකු ලෙසින්
සැප සම්පත් දැසි දස්සන් පිරි නොයෙක් ලෙසින්
කිසියම් දෙයක් සැඟවී ඇත සිතුවා දහස් වරින්
සොයා ගන්න මග සොයමින් ගත වී දවස් ගණන්

උයන කරා යන එනකොට යොවුන් කුමරු
මග දෙස බලමින් නෙත හෙලුවා සොදුරු
දුටුවෙ ලෙඩකි විදිනා දුක මහමග වැතිරු
අපිටත් මෙහෙම වෙනවානේ සිතුවා කුමරු

තව දිනයකදි යන විට සමගින් චන්නය ඇමති
දිවියක අරුත ගැන සිතමින් නිති සිත පැවති
වයසට ගොසින් සිටිනා කෙනෙකි වාරුව නැවති
මහලුව විදින දුක ගැන කුමරුන් යලි යලි සිතති

ආයෙත් දිනක යන විටදි උයන කරා නෙක සිරි පිරුණු
මගසිරි බල බල වට පිට වෙත යොමුවී නෙත තියුණු
සිව් දෙනෙකුගෙ කරපිට යන මිනියකි දිවි අවසන් කෙරුණු
අපටත් එනවානේ මරණය නෑ ගැලවිලක් අප ලැබුණු

මේ දුක් පිරුණු දිවි ගැන කුමරා නිති සිතමින්නේ
නැවතක් දිනක කුමරා රජ උයනට පිවිසෙන්නේ
සන්සුන් ගමනකින් වඩිනා රුව නෙත දකිමින්නේ
මේ හැම දුකම නිවනා මග සෙවිමට හිත යන්නේ

දිනයක කුමරු උයනට ගොස් මේ හැම සිතමින්න
සිටියා පසෙක වී කොහොමද මේ දුක් නිමවන්න
රජගෙහි සේවකයා ආවේ කුමරුට පණිවිඩ දෙන්න
ඉපදි තිබේ යුවරජුනේ, ඔබහට පුත් රුවනක් ඔන්න

ඉපදි තිබේ මා හට පුතෙක්, වී ගෙන රාහුලයෙක්
යන්නට තිබෙන ගමනට වී ගෙන බාදකයක්
ඇතිවි තිබේ දිවියට තව තව අලවා බැදීමක්
හැර යා යුතුව මෙය, සොයනට ගමනේ නිමාවක්

Saturday, 13 August 2016

පසුවට තැවිලි නෑ මෙ ලෙසින් නම්

සරසා නොයෙක් විසිතුරු මල් ගවසා පලදා මුතු මැණික් රන් රිදි ගත දවටා මැරෙනා බවක් නෑ කිසි දින දැනිලා කිසිදා නැතේ අනියත දම් සිහිකරලා අයුෂ ගෙවෙයි හම දැන් රැළි වැටිලා දත් එක දෙක වැටී මුව බොකු ගැහිලා අතපය වාරූ නෑ යන යන තැන වැටිලා මරුවා ලං වෙලා නැතිදෝ දැන් දැනිලා වාරුව නැතිවෙලා මරණය අඩ ගසද්දි පාරුව සිහිවෙලා ධර්මය සිහි කරද්දි කාලය ගතවෙලා තම හිස ගිනි ගනිද්දි මරුවා ඇවිත්නේ පන්සල ලග දකිද්දි හරිහැටි තරුණ වියෙ සිහි උණා නම් අතපය වාරු ඇතිදා මරු පෙනුනානම් සිතතුල අනියත දහම සිහි කලා නම් පසුවට තැවිලි නෑ මෙ ලෙසින් නම්

Tuesday, 12 July 2016

ආදරයයි මේ ආදරයයි...

ආදරයයි මේ උතුරන්නේ
පුතුගේ සිනහවයි මා දකින්නේ
ජිවිතය මගේ ඔබ පමණයිනේ
ආදර සෙනෙහසමයි උතුරන්නේ

මාගේ ලෝකය ඔබ පමණයි
සිත තුල ඉන්නෙ ඔබ පමණයි
ප්‍රාණය පිරි නිධානය ඔබමයි
ජිවිතයට ලැබු අරුතත් ඔබමයි

හදවත පිරවූ ආදරයත් ඔබමයි
ජිවන මාවත හැඩගැන්වූ කුසුමයි
උතුරා යන සෙනෙහස් ගගුලයි
ගලනා ගග සේ උතුරන ආදරයයි
ආදරයයි මේ ආදරයයි...

Monday, 28 March 2016

අම්මා තාත්තා යන දෙදෙනා කවදාවත් නෑ වෙනතක බලලා

දස මසක්ම කුසේ දරාගෙන රැකලා
බඩගින්නට ලේ කිරි කර පොවලා
රැකගත්තේ ඇගේ ජිවිතයත් පරදා
වෙන කවුරුද මවුතුමි ඔබමයි සෙනෙහස දැනෙනා

ගතකට දැනෙන වෙහෙසක් නෑ දැනිලා
දහදිය වගුරවයි සතුටින් සෙනෙහස උතුරා
අම්මා පිටුපසින් සිටිනා ඒ සවිමත් රජිදා
වෙන කවුරුද පියතුම ඔබමයි හැමදා විරුවා

අවුරුදු ගණන් ගතවෙනවා එනමුත් රැකුම තාමත් දැනෙනා
සෙනෙහස පුදන හැටි කවදාවත් තෙරෙන් නෑ ජිවිතයත් පරදා
අම්මා තාත්තා යන දෙදෙනා කවදාවත් නෑ වෙනතක බලලා
ඒකයි කිවේ සිව් බඹ ලකුණු මවුපියෝ ලග ඇති නිතරම උතුරා

Tuesday, 22 March 2016

මතක නැද්ද මුතුමැණිකේ

කල්ලඩි පාලමට උඩින්
මඩකලපුවට ගිහින්
පාසිකුඩා වෙරල අයිනේ
සින්දු කියලා අපි නැටුවා
මතක නැද්ද මුතුමැණිකේ

ඉර බසිනා හැන්දෑවේ
ඒ දිහාව බලාගෙනම
වෙරල දිගෙ ඇවිද ඇවිද
රසබර කර කියපු කතා
මතක නැද්ද මුතුමැණිකේ

අනාගතය ගැන හීන ගොඩක්
මව මව ඔබ කියපු කතා
සුන්දර සේ අත් අල්ලන්
ඈත බලගෙනම අහන් හිටියා
මතක නැද්ද මුතුමැණිකේ

Thursday, 17 March 2016

බිදෙන රැළි අතරේ පෙන බුබුළු නැගෙනවා

බිදි බිදි රැල්ල යලි යලි ඇදෙනවා
සිප සිප වෙරළ දියඹට ඇදෙනවා
බිදි බිදි සිතත් යලි යලි හැදෙනවා
සිප සිප සනසන්න ඔබ ඉන්නවා

බිදෙන රැළි අතරේ පෙන බුබුළු නැගෙනවා
සිපින රළ වෙරලේ සොදුරු රූ මවනවා
බිදෙන හිත් මඩලේ කදුලැලිම පිරෙනවා
හැදෙන හිත් මඩල සතුටින්ම පිරෙනවා

වෙරල සේ මතක එක තැනක තියෙනවා
රැල්ල සේ සිත හැමතැනම නිතර ඇදෙනවා
වෙරල මෙන් සිතුවිලිත් නිරතුරුව පිරෙනවා
රැල්ල මෙන් සිත නිතර අලුතින්ම හැදෙනවා

Friday, 11 March 2016

දුරම තිබෙනා දෙයට සිත්වී කාලේ ගෙවුනා...

ඈත අහසෙ තනිව හිදිනා
තනි තරුව දෙසම බැලුනා
වලා අතරින් තරුව වැහුනා
තරුව අතහැර අහස බැලුනා

නැගී දිදුලන සුපුන් සද දුටුවා
සදෙන් විහිදුන සිසිල ලංව ආවා
සදෙ සෙනෙහෙන් දවස් ගෙවුවා
අහස සෙමිහිට සදෙ රූ රටා මැකුවා

සදත් පසෙකින් නැගි අහසෙම කොනක තිබුනා
හිරුත් ඇවිදින් අහස මුදුනට සදේ සිතුවම් මකා දැමුනා
හිරුගේ එලියට සිතම වසගව දිවියේ දින දින හෙමින් ගෙවුනා
අකල් වැසී වැටී ටික ටික හිරුත් මතකෙන් ඈත ඇදුනා

දුරම තිබෙනා දෙයට සිත්වී කාලේ ගෙවුනා
ලගම බලනට හිතට අමතක කරලා තිබුනා
ඇසේ ගෑවී ගෑවී ලගම මැණිකුත් හුගක් තිබුනා
මෝඩකමකට දුරක ගොස් ඇත දුකක් දැනුනා

Tuesday, 1 March 2016

අප වෙන් වෙන්නෑ කවදාවත්

අපි ආයෙත් ආයෙත් හමු නොවුනා නම්
ඉස්සර මතකය විතරක් හිත්වල තිබුනානම්
සුමිහිරි රසතැන් මතකෙට එක්වුනේ නැතිනම්
දුක්බර සිතුවිලි ඇවිදින්-
මතකය පාරන් නෑ එහෙනම්

සොදුරුව ආලය අප තුල තිබුනේ නැත් නම්
අදුරුව යන්නෑ මතකය මේ ලෙස එහෙනම්
පොඩි පොඩි දේවල් හිත් වැනසුවෙ නැතිනම්
අප වෙන් වෙන්නෑ කවදාවත් මේ විදිහටනම්

කැපවී ආලට නොකෙරී අපි හිටියානම්
අප ගැන විතරක් ඔබ මා හිතුවානම්
විරසක සිතුවිලි අප යට නොකෙරුනිනම්
කවදාවත් අප වෙන් වෙන්නෑ එහෙනම්