මගේ තැන...............................

මගේ තැන...............................

Tuesday, 12 July 2016

ආදරයයි මේ ආදරයයි...

ආදරයයි මේ උතුරන්නේ
පුතුගේ සිනහවයි මා දකින්නේ
ජිවිතය මගේ ඔබ පමණයිනේ
ආදර සෙනෙහසමයි උතුරන්නේ

මාගේ ලෝකය ඔබ පමණයි
සිත තුල ඉන්නෙ ඔබ පමණයි
ප්‍රාණය පිරි නිධානය ඔබමයි
ජිවිතයට ලැබු අරුතත් ඔබමයි

හදවත පිරවූ ආදරයත් ඔබමයි
ජිවන මාවත හැඩගැන්වූ කුසුමයි
උතුරා යන සෙනෙහස් ගගුලයි
ගලනා ගග සේ උතුරන ආදරයයි
ආදරයයි මේ ආදරයයි...

Monday, 28 March 2016

අම්මා තාත්තා යන දෙදෙනා කවදාවත් නෑ වෙනතක බලලා

දස මසක්ම කුසේ දරාගෙන රැකලා
බඩගින්නට ලේ කිරි කර පොවලා
රැකගත්තේ ඇගේ ජිවිතයත් පරදා
වෙන කවුරුද මවුතුමි ඔබමයි සෙනෙහස දැනෙනා

ගතකට දැනෙන වෙහෙසක් නෑ දැනිලා
දහදිය වගුරවයි සතුටින් සෙනෙහස උතුරා
අම්මා පිටුපසින් සිටිනා ඒ සවිමත් රජිදා
වෙන කවුරුද පියතුම ඔබමයි හැමදා විරුවා

අවුරුදු ගණන් ගතවෙනවා එනමුත් රැකුම තාමත් දැනෙනා
සෙනෙහස පුදන හැටි කවදාවත් තෙරෙන් නෑ ජිවිතයත් පරදා
අම්මා තාත්තා යන දෙදෙනා කවදාවත් නෑ වෙනතක බලලා
ඒකයි කිවේ සිව් බඹ ලකුණු මවුපියෝ ලග ඇති නිතරම උතුරා

Tuesday, 22 March 2016

මතක නැද්ද මුතුමැණිකේ

කල්ලඩි පාලමට උඩින්
මඩකලපුවට ගිහින්
පාසිකුඩා වෙරල අයිනේ
සින්දු කියලා අපි නැටුවා
මතක නැද්ද මුතුමැණිකේ

ඉර බසිනා හැන්දෑවේ
ඒ දිහාව බලාගෙනම
වෙරල දිගෙ ඇවිද ඇවිද
රසබර කර කියපු කතා
මතක නැද්ද මුතුමැණිකේ

අනාගතය ගැන හීන ගොඩක්
මව මව ඔබ කියපු කතා
සුන්දර සේ අත් අල්ලන්
ඈත බලගෙනම අහන් හිටියා
මතක නැද්ද මුතුමැණිකේ

Thursday, 17 March 2016

බිදෙන රැළි අතරේ පෙන බුබුළු නැගෙනවා

බිදි බිදි රැල්ල යලි යලි ඇදෙනවා
සිප සිප වෙරළ දියඹට ඇදෙනවා
බිදි බිදි සිතත් යලි යලි හැදෙනවා
සිප සිප සනසන්න ඔබ ඉන්නවා

බිදෙන රැළි අතරේ පෙන බුබුළු නැගෙනවා
සිපින රළ වෙරලේ සොදුරු රූ මවනවා
බිදෙන හිත් මඩලේ කදුලැලිම පිරෙනවා
හැදෙන හිත් මඩල සතුටින්ම පිරෙනවා

වෙරල සේ මතක එක තැනක තියෙනවා
රැල්ල සේ සිත හැමතැනම නිතර ඇදෙනවා
වෙරල මෙන් සිතුවිලිත් නිරතුරුව පිරෙනවා
රැල්ල මෙන් සිත නිතර අලුතින්ම හැදෙනවා

Friday, 11 March 2016

දුරම තිබෙනා දෙයට සිත්වී කාලේ ගෙවුනා...

ඈත අහසෙ තනිව හිදිනා
තනි තරුව දෙසම බැලුනා
වලා අතරින් තරුව වැහුනා
තරුව අතහැර අහස බැලුනා

නැගී දිදුලන සුපුන් සද දුටුවා
සදෙන් විහිදුන සිසිල ලංව ආවා
සදෙ සෙනෙහෙන් දවස් ගෙවුවා
අහස සෙමිහිට සදෙ රූ රටා මැකුවා

සදත් පසෙකින් නැගි අහසෙම කොනක තිබුනා
හිරුත් ඇවිදින් අහස මුදුනට සදේ සිතුවම් මකා දැමුනා
හිරුගේ එලියට සිතම වසගව දිවියේ දින දින හෙමින් ගෙවුනා
අකල් වැසී වැටී ටික ටික හිරුත් මතකෙන් ඈත ඇදුනා

දුරම තිබෙනා දෙයට සිත්වී කාලේ ගෙවුනා
ලගම බලනට හිතට අමතක කරලා තිබුනා
ඇසේ ගෑවී ගෑවී ලගම මැණිකුත් හුගක් තිබුනා
මෝඩකමකට දුරක ගොස් ඇත දුකක් දැනුනා

Tuesday, 1 March 2016

අප වෙන් වෙන්නෑ කවදාවත්

අපි ආයෙත් ආයෙත් හමු නොවුනා නම්
ඉස්සර මතකය විතරක් හිත්වල තිබුනානම්
සුමිහිරි රසතැන් මතකෙට එක්වුනේ නැතිනම්
දුක්බර සිතුවිලි ඇවිදින්-
මතකය පාරන් නෑ එහෙනම්

සොදුරුව ආලය අප තුල තිබුනේ නැත් නම්
අදුරුව යන්නෑ මතකය මේ ලෙස එහෙනම්
පොඩි පොඩි දේවල් හිත් වැනසුවෙ නැතිනම්
අප වෙන් වෙන්නෑ කවදාවත් මේ විදිහටනම්

කැපවී ආලට නොකෙරී අපි හිටියානම්
අප ගැන විතරක් ඔබ මා හිතුවානම්
විරසක සිතුවිලි අප යට නොකෙරුනිනම්
කවදාවත් අප වෙන් වෙන්නෑ එහෙනම්

Monday, 15 February 2016

අපි දෙන්නා පහනයි දැල්ලයි...

අපි දෙන්නා පහනයි දැල්ලයි වාගේ
එක්වී ඉන්නේ සැමදා ආදරයෙන්නේ
ප්‍රිය සොදුරිය ඔබමයි හැමදා මාගේ
සෙනෙහස පමණයි හැමදා දිදුලන්නේ

ඔබගේ සිහිනය සැමදා මාගේ වෙන්නේ
ඔබගේ සිහිනයේ මා ජිවත් වී... ඉන්නේ
සිහිනය ඉටුවන දිනයට අපි ලං වෙන්නේ
සිහිනය ඉටුකරගන්නයි අප වෙහෙසෙන්නේ

බාධක දහසක් ආදර මාවත අහුරන්නේ
බාධක මැඩගෙන අප ඒ මාවත යන්නේ
සෙනෙහස දින දින අලුතින් දළුලන්නේ
දිවිය පුරාවට ආදරයයි අපි සනසන්නේ

Saturday, 13 February 2016

ආදරයක කදුලක්

ආදරයක කදුලක් නැති තැන් සොයලා
ඇවිද ඇවිද හැම තැන කදුලුම දුටු හින්දා
වෙහෙස වැඩිවී තිසා වැව ලග නැවතිලා
හිටි විට දුටුවා ඉසුරුමුණියේ යුවල පෙම් බැදිලා...

එදා සිට අද වෙන තුරා ආදරයෙන් බැදිලා
ඔබ දෙපළ ඉන්නෙ කොහොමද කදුලු නොසලා
අසන්නට පිය නගන විට ඔවුන් වෙත බලලා
ඇසුනේ සිහින් ඉකිබිදුම ඉසුරුමුණි පෙම්වති හඩනා

වෙලී උන්නද අපි ආදරය ලොවට පෙන්වා
පිරුණු සෙනෙහස කලින් අප සිත් තුලම රදවා
කලින් කල විරසකය සැක හැම මතුව ආවා
ඉන්න බෑ අපි අතර විරසකය දැන් වැඩිවා

Wednesday, 20 January 2016

අද සොදුරු වූ එදා අදුරු නිමේෂය

සොදුරු අතීතයේ
අදුරු නිමේෂයේ
ගිනිගත් හදවත
රිදවිය මතකය

සොදුරු නොබෝදින
පෑරුණු හදාවත
සුවපත් කරවිය
අදුරු නිමේෂය

දෑස තෙමාගෙන
කදුලු නොඑන්නට
සවිබල දුන්නේ
ඒ අදුරු නිමේෂය

සිහිවුනූ මතකය
රිදුමක් තරමට
සවියක් ගෙනදිය
අදුරු නිමේෂය

(වසර තුනකට පෙර අදුරු නිමේෂයට)

Tuesday, 19 January 2016

පෙරදින මතකය අද දින

පෙර එක් වී එකතැන එකටම සිටි මා ඔබ
අද ඇයි දෙතැනක නොහදුනනා ලෙස හිද
මතකය නළියයි පෙර සේ සිත ලග හුන් ලෙස
නපුරුව ඇයි මේ ලොව මෙතරම් කුරිරුව

සිත තුල මා මෙන් ඔබගෙද ඇත පෙර මතකය
වෙන් වී ගොස් ඇත, නොගියද වෙන් වී සිතුවිලි
දුක් වෙන මතකය පාරයි හදවත සිහිවන හැම විට
මතකය අමතක කෙරුමට පොරකයි නොවෙනා අරුමෙක

මතකය රදවා හිදිනෙමි නොබලා පෙරමග
හිත රැදී සෙනෙහස නොතලා පෙරසේ රැකගෙන
දුක්දෙන ගතවුණු කාලය නොකරා අමතක
මතු භවයකවත් යලි යලි නොපතා එක්වෙන

Friday, 15 January 2016

සතුට...

සතුට සොම්නස පිරිලා ඇති බව
සිතා ආවෙමි සොයා ඔබ වෙත
දුක්ක දොම්නස් පිරුණු සිත දැක
ඉවස ඉවසා උන්නා කලක් ගතකොට

වෙර යොදා දහඩියද වගුර වගුරා
කරන දේවල් කොතෙක් වේවිද
සතුට මොහොතයි දුකයි ඉතිරිය
කුමක් වූවද නොකර බෑ ඒ හැම

සතර අතටම ඇවිද ඇවිදා
සොයා යනවා සතුට හැමකල
මොහොතකට සතුට පිරිලා
ගෙවනවා දුක් වෙහෙස දැනිලා

කොහො කොහොමත් කෙදින කෙලෙසත්
සොයා ගිය මුත් සතුට ලැබුනද නිතර පවතින
සතුට ලැබිලා මුසවෙලා ඒ තුලම රැදිලා
හිටිය හැකිවෙද එකම විලසට කුමක එතිලා

සතුට කොයිබද ලොවේ පවතින
නිකෙලෙස් හිතයි සතුටෙ උල්පත
කෙලෙස් පිරිලා ගලන හිත් තුල
සතුට කොයිබද දුකයි උතුරන

Thursday, 14 January 2016

මිතුරු

මිතු දමින් වෙලි එක ලග එකට හිටි දා
මහමෙරයි ඔබ ගැන සිතා සිටියේ මා එදා
අනියතයි මොහොතකට අමතකව ගියදා
සිනා සුනු හැටි තාම මතකයි සේ මෙදා

අනෙක් හැම අමතකයි මිතු දමින් බැදුන දා
කලේ හැම දේ මිතුදමින් එය පෙර මගට දා
අනේ කාලය සොදුරු සිතුවම් ලෙසින් ගෙවූන දා
අමතකව සීමා සිතක සිත සොදුරු සේ ගෙවුනදා

ගෙවීගන කාලය අලුත් මිතුදම් බැදෙයි නෙක විදා
ගෙවයි කාලය අමතකයි අතීතය කොහොමදා
කලගුණය මතකයි ඒකමයි තාමත් මිතු දම් රදා
ඒත් කොහොමද අමතකව ඔබ හට සොයුරු බව මෙදා

කමක් නැත සතුටකින් නම් ඔබ ඉතා
කියන්නම් ජයක් වේවා සුව සැප පතා
සිතේ රැදී දේ රැදෙයි පෙර ලෙස සිතා
ආයුබෝවන් නැවත හමුවෙමු නොම පතා

(සිහිවුනූ අතීත සොයුරු දම් පිරි මිතු දමට)

Monday, 17 August 2015

හදවත අවදිව මාගේ....


හදවත අවදිව මාගේ- සෙනෙහස් මල්  පිබිදී
ආයෙත් ඔබ සොයනා විට
ඔබ දුර ගොස්-මා තනි වී
කොහොමද මා ඉවසන්නේ...

ආදරයක් හිත මතුවී
ආයෙත් ඔබ ගැන විමසයි...
ආයෙත් ඔබ නැතිකරගන්නට බෑමයි...
ඔබ දුන් සෙනෙහස මතකය පාරයි....
ඔබ නැති ලෝකය පාලුව රජයයි....


දුක මතුවී ආයෙත් හදවත පාරයි...
ඔබ සිහිවී කදුලැල් මතුවෙයි...
ඔබ ලඟටම ආයෙත් මා එන්නම්...
ආදරයෙන් ඉමු අපි හැමදාමත්....








Wednesday, 12 August 2015

උමතුයි උමතුයි හදවත උමතුයි...

උමතුයි උමතුයි හදවත උමතුයි...
තරුණයි තරුණයි හරි දඟකාරයි...
මනහර වූ තාලය කදිමයි...
ඈ නම් මා පෙම්වතියයි...

පෙර දිනයක් ටික ටික ගෙවුනා...
හෙට දිනයක පැතුමන් රැදුණා...
හරියට පිණි බිදුවක වාගේ දැණුනා...
රැජිණක් සහ රජ කුමරෙක් ලෙසිනා...

දෙනෙතට සිහිනය පෙන්වන්න...
සිතු දේ සිතු සේ කරවන්න...
හැමදා සෙනෙහස ලැබදෙන්න...
හැමදාමත් මා ලඟ සැනසෙන්න...



Friday, 24 July 2015

ඔබව මට හිමිනම්....

ඔබව මට හිමිනම්
ජිවිතය ජය ගන්නම්
බයක් නෑ කිසි ලෙසෙ
ඔබව ‍රැක ගන්නම්
ඔබව මට හිමිනම්

ඔබ  නොමැති ලෝ
කෙලෙස ඉන්නද මා
කියා දෙන්න හැකිනම්
ආදරය කොතරම්- දනිමි මා එයනම්

ඔබව මට හිමිනම්....

ඊයේ මෙන් හෙටටත්
අදත් මේ විලසින්
ඉන්න මා සෙනෙහෙන්
ඔබව හැර වෙනතක්
බලන් නෑ මමනම්

ඔබව මට හිමිනම්....

Sunday, 22 February 2015

පෙම් බැදි සිත....

සෙනෙහස තිබුණමුත් උතුරා හිත පතුලෙන්න
කොහොමත් නොහැක තනියම එය ලැබගන්න
ආදරේ ලැබෙනවිට එය නිසි ලෙස පිලිගන්න
කිසිලෙස එපා එය නැතිවෙන මග ගන්න

වට පිට ප්‍රශ්න ඇයි එය හා යා කරගන්නේ
වෙන අය වෙතින් නොව එය නැතිවන්නේ
කරනා දෙයිනි එය ඔබ නැතිකරගන්නේ
පසුවට පසුතැවෙන වැඩ ඇයි මේ කරගන්නේ

හිත ‍රැදි සෙනෙහස නෑ කවුරුත් හදුනන්නේ
පෙන්වන විටයි එය හොදහැටි දැනගන්නේ
පෙන්වන හැමම ඇත්තක් නොමවෙන්නේ
හිත තුළ තිබෙන දේ කොහොමද දැනගන්නේ

කල් ගත වන විටදි ටික ටික පෙනෙමින් යන්නේ
එනමුත් නොමැත එය හරිහැටි හදුනා ගන්නේ
සිහියෙන් බැලුවොත් සෙනෙහස දැන ගන්නේ
පෙම් බැදි සිතට කොහේ සිහියක් පැමිනෙන්නේ

හැමදේ අනියතයි එය හරි හැටි දැනගන්නේ
ඇත්තක් නොදැන විටදියි දුක ලංවෙන්නේ
නිසිලෙස සිහිය උපදා ඇත්තම දැනගන්නේ
එවිටයි ලොවේ නිසි ජය දිවියට හිමිවන්නේ

Friday, 23 January 2015

සොඳුරු සෙනෙහස ලඟින් වෙන්කර - කොහොම ඉන්නද සැනසිලා....

පිපුණු නාමල් කුසුම් කුමටද
සුවඳ නැත්නම් අවට විහි‍ඳෙන..
අබර ඉඟිලෙන සියොත් කුමටද
ඇසෙන් නැත්තම් විහඟ ගී හඬ...
අවට විහිදුණු ඉවුරු කුමටද
පිරී නැත්තම් ගලන දියකඳ...
මෙවන් දිවියක අරුත් කුමටද
ලඟින නැත්නම් පිරුණු සෙනෙහස...

හිතක නළියන හැඟුම් ගුලිකර
කොහේ යන්නද සැඟවිලා...
අරුත පසිදන වදන් අතහැර
කෙලෙස ඉන්නද වෙන්වෙලා...
දෙනෙත් පිනවන දසුන් මඟහැර
කෙලෙස ඉන්නද නෙතුපියා...
සොඳුරු සෙනෙහස ලඟින් වෙන්කර
කොහොම ඉන්නද සැනසිලා....

කඳුළු මතුවෙන නෙතක් කුමටද
දුකක් නැත්තම් හිතේ තෙරපෙන...
සිනහා පිටවෙන මුවක් කුමටද
සතුට නැත්නම් සිතක තෙරපෙන...
නිතර යොමුවෙන සවන් කුමටද
රසය නැත්නම් අවට ‍රැව්දෙන...
මෙවන් දිවියක අරුත් කුමටද
ලඟින නැත්නම් පිරුණු සෙනෙහස...

Thursday, 1 January 2015

වයසයි මා දැන් ටික ටික වැහැරි යනවා

ඇවිදිනු හිදිනු බෑ පා යුග වෙව්ලනවා
අහු වෙන්නෑ කිසිවක් අත් වෙව්ලනවා
සවිබල නෑ ගතද දැන් වක් වී යනවා
වයසයි මා දැන් ටික ටික වැහැරි යනවා

දිදුලුණු සමත්  ටික ටික ‍රැලි ගැන්වෙනවා
දත් ටික වැටිලා මුහුණත් ටික ටික වැහැරෙනවා
සවිමත් ගතත් දැන් ටික ටික දුබලව යනවා
වයසයි මා දැන් ටික ටික වැහැරි යනවා

හොදහැටි පෙණුනු ඇස් දෙක නොපෙනෙනවා
සවනට වදන් පෙර මෙන් දැන් නො ඇසි යනවා
ගද සුවදවත් පෙර සේ නොදැනි මා දුබලව යනවා
වයසයි මා දැන් වයසින් ටික ටික බැට කනවා

ගත දුබලව ගියත් සවිබල දුබලව යන දාට
සිතනම් සවිමත්ය පෙර දා ඇසු බුදු බණට
වයසින් වැහැරී මරණය මා වෙත ආ දාට
‍රැකගත් බුදු වදන් පමණයි පිළිසරණකට

Monday, 22 December 2014

පිරුණා පිරුණා ආදරේ දෙ සිතට

සෙනෙහස පිරි ඔබ ලඟ
උණුසුම දැනි දැනි
හස‍රැල් කදුලැල් මැද
දොඩමලු වුවා මතකද

සියුමැලි අතැඟිලි
සුරතින් අල්වා
නිමක් නැති ආදරයක්
මුල පිරුණා මතකද

නොදැනිම නොදැනිම
අපටත් නොදැනිම
ආදරයක් ඇවිදින්
සිත පිරුණා මතකද

දමා යන්නට බැහැ ඔබ මට
සිතා ගන්නට බැහැ මෙය මට
මෙතරම් ආදරයක්  කොහි සිට
පිරුණා පිරුණා ආදරේ දෙ සිතට

Saturday, 20 December 2014

ඔබට හිමි වෙන් නෑ ඉතින්

ලඟින් ඉන්නට බැරි කමින්
දුරින් ඉන්නම් ඔබ  නමින්
දුරස් වනු බෑ මතකයෙන්
සඳා ‍රැදිලා ඔබ සිතින්

වෙනතකට ‍රැදිලා මා ඉතින්
ඔබට හිමි වෙන් නෑ ඉතින්
දිවිය ඇති තෙක් මිතු දමින්
හිදිමූ මේ ලෙස සෙනෙහසින්

සසරෙ යළි හමු වෙන පැතුම්
පසෙකලා යමු නිසි මාවතින්
හිදිමු හැමදා සතුටට ලඟින්
නිවමු විදිනා හැම රිදුම්