මගේ තැන...............................

මගේ තැන...............................

Tuesday, 26 February 2013

මාහද අගුලු ලමි


ගංගාවක් සේ නිබද ගලා ගිය
වෙල් එලියක් සේ සතුට සදා දුන්
සඳ එලියක් සේ සිසිල සදා දුන්
ආදරියයි ඔබ මහද පෙමක් ඉපැද්දු

නිබද සීටියයි ආදරයෙන් ලග
සිතා සිටියෙ මං නොකියාම එදවස
ප්‍රේමය නොදැකම මහද පිරී තිබු
නුඹමයි ඈතක ඉගිල ගියේ ,,,,

අපි අපෙම වී ඉමු
ආදරයෙන් දිවියම පුරවමු
කිව් යුරු මටනම් මතකය
ඔබට මතක නැතිවාදෝ

වස්සානය නිමාව ඔබ ආයෙත් ඒ යැයි
පෙරමග බල බල මා උන්
කාලය ඉගිලෙයි දැන් දැන්
මාහද අගුලු ලමි
ආදරයට යලි එන්න නොදී........

Wednesday, 20 February 2013

තනිකම මැදින්

තනිකම මැදින් අතිතයට දුවන් හිත
රවටාගෙන ඉන්න බෑ වගේ
අතිතයේ දැකපු සිහින-දැන් දැන් අයෙමත්
සිහිනයක්ම නොවි
සෑබෑ කරගන්න
ඒ සිහිනෙ උන්නු නුඹව
මගේ ලගට එනකම් නෙත්
තෙමස් කලක් ගතවී මුත්
තාම මග බලයි.....

Sunday, 10 February 2013

ඔබ අරන් ගොහින් ඇත



දු‍ටු නමුත් කොතෙක් අය
ආ නමුත් කොතෙක් අය
හිත ගත්ත කෙනෙක් නැත
හිත ගන්න කිසිවකුට ඉඩක් නැත
ඔබ අරන් ගොහින් ඇත
මගෙ ලග තිබුනු මා සිත



සොයනවා නෙත් තවත්

හන්තාන කදු වැටිය ඒදා වාගෙයි අදත්
මහවැලිය සිසිල් දිය ගලා යාවි අදත්
උයන් තෙර පෙම්වතුන් සුව විදි තවත්
අත් කොනේ එල්ලෙමින්
මා සමග සිටිය ඇය කොහිද සොයනවා නෙත් තවත්

සිහින කොතෙකුත් පෙන්වමින් මා ලගම
මගෙ හිත අරගෙනම මගෙ ලග උන්න
අනාගතය නෙත් කොනක මව මවා
මගෙ හිත අරගෙනම
ගියේ කොහි ඉසව්වෙද සොයනවා නෙත් තවම

Thursday, 31 January 2013

බලාපොරොත්තුව


රෑ යහනෙ නිදි ලබන තෙක්
නිදිසොයන මා දෙනෙත
නිදි නැතිව සිටි විටෙක
අතීතය වෙත සිත ගියා

ඈ මා සමග සිටි
අවදියේ කී දෙයක්
සවන් ලග ‍රැව්දිදි
මගෙ මතකෙට ඈ පැමිනියා

කවි ලියන ඔය සිතට
මගෙ ගැන කවි නැතිද
කියා විමසුව අයුර
මතකයට ගොඩ උනා

ඈ දන්නේ නෑ තවම
ඈ නිසා ලිව්ව කවි
තාම මා හිත පතුලේ
ඈ මිසක වෙන අයෙක් නොමැති බව

ලියන කවි පද පද ගානේ
ඇගෙ ගැන නොකියාම
මා කිව්ව වර ගනන්
දන්නෙ මා පමනකි තව

ඇගේ ලග වෙන කෙනෙක්
ඇගේ හිත වෙන අතක
නොමැතිනම් මේ තුරා
මගේ ලොව දොරගුලුද
මගෙ හද මඩල තව
ඈ නමින් වෙන්ව ඇත
වෙන්ව ඇත....
බලාපොරොත්තුව තාම
මැකි ගොස්නම් නොමැත....

Sunday, 27 January 2013

විගහින් පවසන්න


දොසක් දැකලාද මං ගැන
දුරින් දුර ගියේ හැරලාද
අතිතේ මතක නැතිවාද
සිතේ කහටක් හිටිලාද තවම

හොරෙන් මතකෙ එයිද
සිතින් ලග ඉන්නෙහිද
හිතෙ වෙනකෙක් ඇත්ද
සුවෙන් කල් යනවාද

හොරෙන් තතු විමසද්ද
වදන් ‍රැව්දෙනවාද
නුවන් නිති නලියද්ද
සිතින් කරදර නැද්ද

රුවත් මැවුනෙහිද
තනිව කල් යයිද
විසදුම තව දුරද
නිමාවක් මෙහි නැද්ද

පිලිවදන් දිය හැකි වෙයිද
විගහින් පවසන්න



Friday, 25 January 2013

සැපයට හිමිකම


මල් පෙති විසිරි - මල් මැලවෙද්දි
මලේ සිරිය නැතිවෙන්නෙ
අත් ත‍ටු ඉහිරි - ත‍ටු හැලෙනා විට
මෙරුවගෙ දිවි නැතිවෙන්නෙ
එනමුත් මේ ලොව
ඇලිල තිබෙනා - බැමි ලිහෙනා දා
සොදුරු හැගුම් ඇති වෙන්නෙ
එක් වී සිටිනා හැම දින හැම තැන
අය තුල සතුටයි දුරුවන්නෙ
ලොව ඇති හැමඟින් - වෙන්වුන දවසට
සැපයට හිමිකම් ඇත්තෙ...



Tuesday, 22 January 2013

මිරිඟුව


දිය බිදක් බී
පිපාසය නිමවා සොදින්
සැපයෙන්ම සිටිය හැකැයි සිතා
හිරු ‍රැසින් පිරි දහවලක පෙරදින
යන්තමින් දු‍ටු මිරිඟුවක් දැක
‍රැව‍ටුන මා ‍රැව‍ටුනා.....

එත් අද දින
හිරු ‍රැසින් බැටකන
වියලි කතරක
ඈත නොව
නෙත් මානයෙම දු‍ටු මිරිඟුව
දිය පිරුන විල් ඉමක් ලෙස නොව
මිරිඟුවක් බව
සිහිවුනා මට සිහිවුනා....

Sunday, 20 January 2013

අතීතයෙන් ඔබ්බට...


අමිහිරි මතකයන් අමතකව
මිහිරි මතකයක මා ‍රැන්දු
සොදුරු සෙනෙහෙ පිරි
ඔබෙ දායාබර නෙතෙනි
මා නැවත උපන්නෙ...

කදුලු පිරුණු මගේ දෙනෙතට
සිනහව කැන්දා....
වැ‍ටුණු කදුලු පිසදාලු
ඔබෙ ඇසුර මට මහමෙරක් තරම්....

ගලන සිසිල් දිය දහරක
ගිලි නාන කල
විඩාව සංසිදෙනා විලසට
සෙනෙහෙ සපිරුණු ඔබේ දායාවෙන්
මගෙ හදේ දුක් නිවේ නිවේ දැන්.....

Thursday, 29 November 2012

සිහිකල යුතුනම් මුනි දහමයි


සදාකාලික කිසිත් ලොව නැත
එහෙම ඇත්නම් ලොවේ කොතැනක
නොහැක නවතනු සසර ගමනක
සමිදු ගෞතම දෙසුවේ මෙලෙසය

ප්‍රිය අයම යයි දුරින් දුරටම
අප්‍රියයන් ඒය ලගටම
අකමැතිය මේ දෙය
කියා නොහැකිය කැමත්තක් ලැබුමට

ප්‍රිය දෙයින්මයි උරුම දුක මේ
කැමති දෙය නිසාමයි මේ දුක
නමුත් ඇලුනේ කැමැත්තෙන්මයි
එයයි සත්‍ය නොමැත සැපතක්

දැන උන්නමුත් ඒ බව
දුක එන විට සොයා ලගට
මේ බවනම් සිහියේ නැත
කල්පනාව වල් වදිවී

සිහිකල යුතුනම් මුනි දහමයි
ඇසුරට හොද සත්පුරුසයොමයි
හුරුකල යුතු අරි අට මගමයි
ඇලිමනම් අත් හල යුතුමයි....... 

Tuesday, 25 September 2012

වැස්ස වැටෙන්නට ලඟයි


සතර අතින් ගලා ආ...
වළාවන් මුදුන් වී
සතර දිග එලිය දුන්
හිරු මඩල සඟවගෙන
සැමදෙයම දරා උන්
අහිංසක මිහිමඩල 
අදුර දසතින් වෙලාගෙන
සිනා සී උන් ගහකොළද
සොවින් බරවී ගොසින්
පියාපත් සල සලා උන්
සියොතුන්ද ඈතට ගිහින්
සැළලිහිණියන් දස දෙසින්
ගඟන තලයෙන් මතුවෙලා
ගුගුරවා අහස් තලයම
හැමතැනම හැමදෙයම 
කියන්නේ මේ ලෙසින්
"වැස්ස වැටෙන්නට ලඟයි"

Friday, 10 August 2012

...නැතහොත්...



අහෝ...,
උන් වැ‍ටුණු තැන්වලමයි,
කරමින් වුන් දේත් එලෙසමයි,
හැරිලා තියෙන්නේ සතර අපාය දෙසටමයි...
සසර පුරා ආවේත්,
දැන් යමින් සිටින්නෙත්,
ඉදිරියට යන්න වෙන්නෙත්,
මෙවන් ගමනකටම නෙවැ...
කෙසේද... ඉන් ගැලවෙන්නේ ?
ඉතා කුලුණු ගුණයෙන්,
සම්බුදු මුවින් වදාහල
උතුම් දහම් මගමයි යන්නට තියෙන්නේ...
නැතහොත් ආයෙමත් දුකටමයි...


Monday, 23 July 2012

..:: කෙලෙස ඉවසම්ද ::..


නොදැන උන්නානම් එදාමෙන්
නොදැනේ හදට දුක අද
ලංවුයේ ඇයි මෙලෙස මා හට
නවතින්න බැරි බවත් දැන දැනම
ලංවෙලා ඔබ මගේ ලොකේට
දුකම අරගෙන පලා යන විට
මගේ නොව බව දැනන් උන්නද
හඩයි සිත සඟවගෙන කදුලු කැට
උහුලන්නේ මහත් වෙර ගෙන
මම මගේ මුලු සවිය ගෙන
මම ඔබට ලංවෙලා මෙලෙසට
දුක් විදින කළ එක් පසෙක හිද මම
එහි අනෙක් පස හිද දුක් විදින විට
කෙසේ ඉවසයිද ඔබ
අස අසා මගේ හිත හඩයි
කිව නොහැක ඔබට මේ දුක
තනිව විදිනෙමි දුක් කදුලු මම
ඈත්ව යන්නට ඔබට ඉඩහැර
පතන්නේ එක දෙයයි මම
ලංනොවේවා කිසිවෙකුත් මෙලෙස මට
දුරස් වනවානම් කිසිකලෙක
සිතාගත්තෙමි අද දෙයක් මම
ලං නොවේවා කිසිකලෙක කිසිවෙකුට
හුදකලාවෙ සුව සොයමි මම
ලං උනොත් උරුම දුක දැක
සමිදු දෙසු කරුණු ගැන
නොදැන උන්නානම් ටිකක් හෝ මම
කෙලෙස ඉවසම්ද
මෙවන් මොහොතක....?


Sunday, 15 July 2012

ඇයි ඔබ



දහස් සිතුවිලි සගවගෙන ඔබ 
නොදොඩාම ඉන්නේ ඇයිදැයි
දන්නේ නෑ... මා තව දන්නේ නෑ....


කිසිවකුත් නොකියාම ඔබ 
දෙනෙත් බැල්මෙන් කියු දෙය ගැන
තේරුනේ නෑ... මට තේරුනේ නෑ...


මගේ දිවියට ලංවන්නේ ඔබ
ඇයිද යන්නට පිළිතුරක් තව
දන්නේ නෑ... මා දන්නේ නෑ

Monday, 18 June 2012

රුදුරු වන මැද-දු‍ටුව මල් කැකුල


වන සිව්පාවුන් පිරුණු
ක‍ටු පදුරු ගහණ
රුදුරු වන දහනක
දු‍ටුවා අසිරිය
සුපිපෙන සුන්දර
මල් කැකුලක
දිදුලන අසිරිය ඇතිමුත්
සැකයක් දැනුනා
විකසිත වේදැයි ඒ මල
විකසිත වූවත් ඒ මල
රුදුරු වනදහනේ
ලස්සන විහිදුනු ඒ මල
විස පුරවන බොහොමෙට
නියඟලා මලක්දැයි
නිකමට මෙන් මට සිතුණා

Sunday, 17 June 2012

අනියතයි සියලු දේ අනියතයි!!!


උබ මොකො මං මොකෝ  කිවත් එදා
අද නැතේ මතකෙවත් ඒ කී කතා
සොහොයුරන් සේ සිටියත් අපි එදා
මිතුදමත් ටිකෙන් ටික අද ගොලු වෙලා

ප්‍රිය අයම යයි ටිකෙන් ටික ඈතට වෙලා
මතක පමණක් මගේ ලග අද තනි වෙලා
වැඩ බහුල වී ඇත - දුවන තර‍ඟෙට වෙලා
දකින්නට හෝ කතාවට දැන් නැත වෙලා

අලුත් අය හමුවෙයි-පරණ අය වෙන්වෙලා
මතක පමණක් ටිකෙන් ටික ඉතිහාස ගතවෙලා
සොදුරු වූවත් අතිතය ටිකෙන් ටික ඈතට වෙලා
දකින්නට එක දෙයක් ඇත හිටියොත් බලා

හැම දෙන තරගෙට දුවයි මිරිඟුව සොයා
සමිදු දෙසු කරුණක් එනවා මතකෙට ගලා
"ඇල්ලුවොත් අනියත දෙයක් මමය මාගේ කියා
දුක පමණි උරුම වන්නේ ඒයයි සත්‍ය කියා..
අනියතයි සියලු දේ අනියතයි!!!

Friday, 18 May 2012

සරණම වටි හැමදින තුන් රුවණේ

ආශා පොදි බැදන් ආ සසර ගැන 
පාදා දෙනෙත් පෙන්වු බුදු සමිදු ගැන
පැහැදි ගුණ කඳ ගැන සිතමින්න
එක්කර දෙනෙත් වදිනෙමි බුදු සමිදුන්ට


සසරේ යන ගමන නවතන නුවණ දෙන
සිත සනසන්න මැනවින් හිමි දෙසු බණ
දරමින් වටිනාම දේ ලෙස සදහම් බණ
සිහිකර වදින්නෙමි සම්බුදු සමිද දෙසු බණ


සම්බුදු සමිදු දෙසු දහමම නිරතුරු දරමින්න
නිවනට යන්න හැම බැදුමන් අත හැරිමින්න
කසාවතින් සැරසි සිරි සදහම් පද මතු කරන
නිරතුරු වදින්නෙමි ලොව්තුරු සඟ රුවන


වෙන කිසි දෙයක් නැත වටින්නේ
ගුණ කඳ නිරතුරා පවතින්නේ
වටිනා දෙයක් ලෙස ‍රැක ගත යුතුනේ
සරණම වටි හැමදින තුන් රුවණේ

Tuesday, 8 May 2012

අහෝ අහෝ මේ මොකද...?


වෙසක් කල පැමිණුනා
සුදුවතින් සැරසිලා
ලස්සනට හැඩවෙලා
කලබලෙන් කොහෙද මේ දුවයනා....

අනේ අනේ දන්නැද්ද
හන්දියේ දන්සලක්
අපේ කට්ටිය එනවා තව
පොලිමට සෙට් වෙන්න දුවනවා

අහෝ අහෝ මේ මොකද
බොදුදනන් මේ මොකද
සමිදු දෙසු වදන් දැන්
මතකයට එන්නැද්ද

අනේ අනේ අද නෙවෙද
නිකන් කන්නට බොන්න දෙන්නේ
අපේ අය පොරකකා
පොලිමට සෙට් වෙලා

දවල් තිස්සෙ දන්සල් ගානේ
කකා බිබි ඇවිදිනා
හවස් වෙන විට කට්ටියම
තොරන් සිරි බලයි රටවටා

වෙසක් තොරණක් තිබුණි
පුරසිද්ද නගරයක
පෙර ඇසුනු කවි සද්ද
තොරලග දැන් නැනේ...
තොරණ වට කරන්
වෙලද සැල් පිරී ඇත
ඒ විතරක්  යෑ....
මාරක ලිදක් ඇත එක් පසෙක
අනෙක් පස මැජික් පෙන්වනවාලු
හැමතැනම විනෝදෙට සැණකෙළි
වෙළද උයනක් ලෙස පෙනේ...

විනෝදය  නරක නැත
එත් තොරණ මැද මෙය හොදද
සිතුණි මට එතැනදිම
අපට වෙන මහ විපත

පොහො දින සිල්වත්ව හිදිමින්
පසු දිනේ මේ හැමත් කරමින්
උතුම් සිහල බොදුවන් ලෙසින්
ඉන්න අදිටන් කරමු එක සිතින්

දුකට හිත තුල නැගුනු
මේ සිතුම් මට සිතුනු
නොගැටි කිසි ලෙසකිනු
ඇත්තදැන් සිතමු
මැදිසිතින් ඉපදුනු

Tuesday, 24 April 2012

එත්...



කවි ලියන මගේ කවි හිත
ටිකෙන් ටික දැන් කො‍ටුවෙලා
ලියන්නට දහස් දේ දැක දැකම
ඔබ ගැන ලියන්නට කවි ගොතා
සිතට සිතුවිලි ගලා එනවා
වාන් දමනා වැව් නියා

එහෙත් මා සිතට කිවා
ඔබ මගේ නොව
වෙනකෙනෙකුගෙ කියා
සිතට බැරිලූ පිලිගන්න එය
සිත කියනවා මට නිරතුරා

ඔබ දෙසින් මා බලා උන්නා
තු‍ටු වෙමින් දුර ඈතට වෙලා
එත් දැන් ඔබේ රුව යයි
ටිකෙන් ටික මගේ නෙත් මායිම් කඩා
ඒත් මා සිත දන්නේ නෑ එය අද වනතුරා

කෙලෙස කිවන්නද ඔබට මේ ගැන
කිය කියා මා සිත දුක් වෙලා
කිසිදෙයක් නැත ලොවෙ තිබෙනා
මගේ යැයි හිනෙකින්වත් නවතිනා

එත්,
කොහේ හෝ ඇත සත්‍යම මතුවෙනා...

Tuesday, 10 April 2012

සොදුරු.....?


සොදුරු මොහොතක
සොදුරු අයුරින්
මුනගැසුණු දා

සොදුරු වදනින්
සොදුරු ඔවදන්
දුන් සදා

සොදුරු කාලය
සොදුරු අයුරින්
ගෙවුනු දා

සොදුරු හැමදෙය
රුදුරු අයුරින්
වෙනස් වී යනෙන දා

සොදුරු මතකය
රුදුරු අයුරින්
ඈතක ගියා

සොදුරු ඒ හැම
සොදුරු ලෙසටම
අතිතය තුල නැවතිලා

සොදුරු දිවියට
රුදුරු ලෙසටම
තිත තැබුව දා

සොදුරු වදනින්
සොදුරු උපදෙස්
සිහිවෙයි නිතිපතා

සොදුරු ලෝකය
රුදුරු අයුරින්
වෙනස්වී යනෙන දා
සොදුරු මුනිදුගේ
සොදුරු දහමම
සිහිවෙයි නිතියෙන් සදා....