මගේ තැන...............................

මගේ තැන...............................

Saturday 29 March 2014

සාදු සාදු අපි මුනි සිරිපතුල වදින්නේ

සුමන සමන් දෙව් ඇරයුම පිළිගන්නේ
බුදුසමිදුන් සමනොළ කදු සිරස වඩින්නේ
වම් සිරිපා සමනොළ ගිරි හිස පිහිටන්නේ
අපිත් ගොසින් බැතියෙන් සිරි පාද පුදන්නේ

කදු පාමුලදිම අප තෙරුවන් නමදින්නේ
වැඩ සිටිනා දෙවියන් හට පින් පමුනන්නේ
සිරිපා කරුණා කෙරුමට අපි එක්වන්නේ
සාදු සාදු ගෞතම මුනි සිරි පතුල වදින්නේ

සීත ගඟුල වෙතටයි අපි දැන් ලං වෙන්නේ
සීත දියෙන් නාලා පිරුවට අඳිමින්නේ
සීත ගඟුල ලඟ සැඳැහෙන් පහන් පුදන්නේ
මුනි සිරිපා නමදින්ටයි හිමේ නගින්නේ

ඉදික‍ටු පානෙදි ඉඳික‍ටු නූල් පුදන්නේ
හැරමිටි පුදලා අපහසු බව බිඳිමින්නේ
ඉදික‍ටු එල්ලා කොඩුවේ යන සම එන්නේ
මුනි සිරිපා නමදින්ටයි අපි දැන් යන්නේ

අහස් ගව්ව සිත බැතියෙන් පසු කරමින්නේ
මහගිරි දබ හෙමි හෙමිහිට නැගගෙන යන්නේ
උඩ මලුවට අප නඩ දැන් ලං ලං වන්නේ
සිරි පා පියුමයි හිමියනි අපි නමදින්නේ

මහන්සි නොබලා සමනොළ සිරසට ආවේ
අප මුනිදුගේ මුදු ගුණමයි සිත මතු වූවේ
සීතල සුලඟත් ගත සිත වෙහෙසම නිවුවේ
මුනිදුගේ වම් සිරි පතුලයි අපි නැමදුවේ

මහන්සි නොබලා සිරිපා කරුණා කෙරුනේ
සීතල නොදැනෙයි බැතිබර බවමයි දැනුනේ
මළුවට ගොස් මගේ බුදු සිරි පාද දකින්නේ
සිත පහදාගෙන අපි සිරි පතුල වදින්නේ

සාදු සාදු අපි මුනි සිරිපතුල වදින්නේ

Wednesday 26 March 2014

මා ආදරේ ඔබ විතරක් වෙන්න.....

දඟකරමින් හිත ඇතුලට ඇතුල්වෙලා
කිතිකවමින් හිත ඇතුලෙම නතරවෙලා
දිනගෙවමින් හිත හොරෙන්ම ‍රැගෙනගියා
නොසඟවමින් කියා දෙන්න කවුද ඔයා

මටත් හොරා මගේ හිතම අරන් ඔයා
මටත් හොරා මගේ වෙලා ඉන්න ඔයා
මටත් හොරා යලිත් වරක් ආපු ඔයා
මටත් හොරා යලිත් වරක් යයිද ඔයා







හිත ඇතුලෙන් යලි හැඟුමන් පුබුදිනවා
හිත ඇතුලෙන්  මා.. අසලින් නවතිනවා
හිත ඇතුලෙන් ඔබ ඇවිදින් සනසනවා
හිත ඇතුලෙන් ඔබහට ඉඩ වෙන්වනවා

මා අසලින් හැමදාමත් ඔබ ඉන්න
මා සනසා සෙනෙහස මට දෙන්න
මා අතහැර ඈතක නොම යන්න
මා ආදරේ ඔබ විතරක් වෙන්න



Thursday 20 March 2014

Facebook

දිනකට වරක් හෝ මෙහි ඇවිදින් යනවා
වැඩකට නැතත් මොහොතක් එහි කැරකෙනව
හදුනන නොහදුනන අය හමුවෙනවා
බුකියේ ඇවිත් හිත ‍රැදි දේ ලියවෙනවා

කාලය ගෙවෙන කාටත් නොදැනෙන ලෙසට
කරනා දෙයක් ඇති හොදකුත් නැති ලෙසට
නරකක් කියා හැමහට නොහැගෙන ලෙසට
බුකියට එන්නේ දැන් දැන් ඇබ්බැහි ලෙසට

හමුවන මිතුරු හොද නරකක් නෑ දන්නේ
කියවන ලියන දේ හොද නරකත් ඇති යෙන්නේ
මරණය සොයන මරු විටකදි මෙය වෙන්නේ
යන්තම් ටිකක් ඒය අඩු වී දින ගත වෙන්නේ

කාගේත් පාලුව යවනා වල් පල් මෙහි ඇතිය
සිතගත් කෙනා කෙනෙකුගේ මෙහි වෙතිය
සිත් ‍රැදි පවසන්න කාටත් ඉඩ ඇතිය
බුකියෙන් යන්න කවුරුත් දැන් අකමැතිය


(මේක ලියන්න අරමුණ සකසා දුන්නේ Facebookම යාලුවෙක්...)

Saturday 15 March 2014

අයියා නැතිව මට පාලුයි අම්මේ

මගෙත් එක්ක සෙල්ලම් කල අයියා
මගේ ලගින් ආදරයෙන් හිටි අයියා
‍රැකවරනෙට හිටි මගේ ආදර අයියා
කහ සිවුරක් පොරවගෙනනේ අයියා

දුව පැන ඇවිදපු මගේ ආදර අයියා
රණ්ඩු කලෙත් මගේ ආදර අයියා
ගී පදවැල් කියා දීපු මගේ ආදර අයියා
අද නිහඩව ඉන්නේ ඇයිද අයියා



ගිහිගේ ගිනි දැක ගත්තද අයියා
සසර දුකක් එය දැනුනද අයියා
බැඳුම් බිඳන් ගියේ ඇයිද අයියා
සසර දුකින් අත්මිදියන් අයියා

ගෙදර හිටපු යාලුවාය අයියා
පාලු නැතිව අපි හිටියේ අයියා
අද ගෙදරම හරි පාලුයි අයියා
ආයෙ කවුද මගේ තනියට අයියා



ගෙදර යන්න එන්නෙ නැද්ද අයියේ
දඟ කරන්න එන්නෙ නැද්ද අයියේ
දාලා යන්න හිතට දුකයි අයියේ
අයියා නැතිව හරි පාලුයි අයියේ





අයියා ලඟ හරි සිසිලයි අම්මේ
අයිය ලඟ හරි සුවදයි අම්මේ
අයියා නැතිව මට පාලුයි අමේ
අයියා නැතිව මට පාලුයි අම්මේ

අමුතු විලසට

ගෙවෙන දින දින
ඇසෙන හැම දෙය
දකින හැම තැන
බොරුව මතුවී
ඇත්ත සැඟවී
වෙනස්කම ඇත
අමුතු විලසට

තරඟ පිටියක
තරඟ වදිනා
තරඟකරුවන්
වෙලා හැම දෙන
වෙහෙස නොබලා
තරඟ වැදිලා

මිනිස් ගුණ දම්
සුලඟේ පාවී
ඈත ගුවනට ඉගිලිලා
නොමිනිස්දම් මැද
මිනිස්කම ඇත
පතුලේ ගිලිලා

වැරදි කලවුන්
සැපයෙ ගිලිලා
වැරදි නැතිවුන්
දුකේ වෙලිලා
ආයෙ ලඟ නෑ
හොදට ඉඩ නෑ
නරක ඇත බැබළිලා..

Monday 10 March 2014

අපි ආයෙමත් ආදරයෙන් හමුවෙමු...

කාලයක් අපි,
තරහා වෙලා හිටියත්
ආයෙත් ආදරයෙන් හමුවුණු වෙලාවේ
මට අයෙමත් අපේ පරණ කාලය මතක් උණා..
රණ්ඩු වෙලා තරහා වුණු හැටි
තරහා වෙලා කතා නොකර හිටපු කාලය
විහිලු කරලා සතු‍ටු වුණු හැටි මතක් උණා
ඒ මතක අතරින්
මගේ ලඟ උණුසුමට ආදරයෙන් ගුලි වෙනකොට
මං ආයෙම අතීතයට ගියා
ඒ කාලෙත්
ආදරයෙන් මගේ ලඟ හිටපු හැටි
මගෙත් එක්ක හැමදාම හිටපු හැටි
මට මතක් උණා...
ආදරයෙන් ගුලිවෙලා
ඉද්දි මට දැනුනු ඒ ආදරය
ආයෙත් අලුත් උණා..
හැමදාම ඒ විදිහටම ඉදියි කියලා
මට හිතුණා...
ඒ සිතුවිල්ලත් එක්ක මං සමු අරන් ආවා...
අපි ආයෙමත් ආදරයෙන් හමුවෙමු...

Thursday 6 March 2014

තාම සිතේ.....

තාම තිබේ සෙනෙහස පෙර ලෙස පවතිනවා
තාම සිතේ ඔබගැන හැඟුමන් යළි දලුලනවා
තාම නැතේ වෙනතැනකට හිත ඇදිලා යනවා
තාම නැතත් කවදාහරි ඔබ ආපසු ලං වෙනවා

සීත සුළඟේ වැසි අතරින් ගියදා සිහිවෙනවා
එක කුඩයේ ගුළිගැහිලා හිටිහැටි සිහිවෙනවා
අතඟිල්ලක එල්ලී ගියහැටි මතකෙට ලංවෙනවා
එකම සිතින් සිපගත් මුව ආයෙත් සිහියට එනවා

ආදරයෙන් වැව රවුමේදි හමුවුනදා
මහ වැස්සේ එක කුඩයෙන් නොතෙමුනදා
තුරුලෙ හිදන් පෙම් මල් දම් පැලදුවදා
සිහිවන විට නෙත කදුලින් බරවනදා

අත්වැල් ගෙන වැව රවුමේ අපි හිටියා
මල්වත්තේ තුරුල් වෙලා ලඟ හිටියා
ආදරයෙන් පෙම්බස් ගෙන අපි දෙඩුවා
ආදරයෙන් සිහින ලොවක් අප තැනුවා


Tuesday 4 March 2014

එක හීනයයි - වෙනසක්ම කෙරුවේ

එක හීනයයි - මැදියමක දු‍ටුවේ
ඒ හීනෙමයි - වෙනසක්ම කෙරුවේ
රෑ තුන්යමයි - එය තුළම වෙසුණේ
පොඩි කාලයයි - හීනයෙම ‍රැදුණේ

කාලයක් වැරදි තුල ඔහු සිටියේ
බසින් රුදු වදන් ඔහු දෙඩුවේ
දැන් හැම වෙනස් වී ඇදුණේ
එක හිනෙකින් වෙනස්කම පෙණුනේ

කතා බහ හිනයෙම ‍රැදිලා
දින ගණන් වෙනස් වී ඉදලා
පොත පතට නෙත් දෙකම යොමලා
එක හීනෙකින් වෙනස්කම හිතිලා

(සැබෑ සිදුවීමක් ඇසුරෙන් ලියන ලදී)